පාසල් රග්බි පිටියේ නිවාඩුව මැයි 31 අවසන්

617

පසුගිය පාස්කු ඉරිදා දිවයිනේ සිදු වූ ප්‍රහාරයෙන් පසුව දින නියමයක් නොමැතිව කල් ගිය 20019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සාකච්ඡා මාලාවකින් අනතුරුව මැයි මස 31 වැනිදා ආරම්භ කිරීමට අද (24) සංවිධායකයින් තීරණය කළේය.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවති අතර පසුගිය දා එල්ල වූ ත්‍රස්ත…

අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් තරගාවලිය සඳහා අවසර ලබා දී තිබුණු අතර ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පාසල්වල රග්බි කණ්ඩායම් විසින් සත්කාරකත්වය දක්වන තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීත්, නුවර ප්‍රදේශයේ පාසල්වල රග්බි කණ්ඩායම් සත්කාරකත්වය දක්වන තරග නුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් සිදු කරමින් සත්කාරකත්වය දරන පාසල් සිය ක්‍රීඩාංගණයේ දී ම තරග පැවැත්වීමටත්, ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව අදාළ අමාත්‍යංශවලින් ලබා දෙන බවත් අවසානයේ තීරණය වී ඇත.

පසුගිය සතියේ නිකුත් කරනු ලැබූ තරග කාලසටහනට අනුව සියලු තරග ඒ ආකාරයෙන්ම පැවැත්වීමට නියමිත අතර තරග පවතින ස්ථාන පිළිබඳ තීරණය සත්කාරක පාසල සතු වේ. බ්‍රැඩ්බි පලිහ තරගාවලිය ද ඒ ආකාරයෙන්ම දැඩි  ආරක්ෂාව යටතේ පැවැත්වීමට නියමිතයි.

දෙවන වටයේ තරග කාල සටහන නිකුත් වෙයි

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් ගිය “2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි ….

එසේම සත්කාරකත්වය දරන ඕනෑම පාසලකට ඔවුන්ගේ තරග පැවැත්වීම සඳහා සුගතදාස ක්‍රීඩාංගණය ලබා දීමට සූදානම් බව ThePapare.com කළ විමසීමක දී ක්‍රීඩා අමාත්‍ය ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

පාසල් රග්බි පිටියේ තවත් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<