පාසල් රග්බි ලීගයේ කාලසටහන නිකුත් වෙයි

983

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙන “පාසල් රග්බි ලීගය” මේ වසරේ දී ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙවර පාසල් රග්බි ලීගය එළඹෙන පෙබරවාරි මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඉසිපතනය ත්‍රිත්ව ශූරතා කරා මෙහෙයවන්න නව නායකයෙක්!

එළඹෙන 2019 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග්බි..

මෙම වසරේදීත් සිංගර් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්වෙන පාසල් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග පෙබරවාරි මස අවසන් සතියේ සිට පුරා සති 5ක් පුරා පැවැත්වීමට නියමිතයි.

මෙම වසරේ දී පාසල් රග්බි ලීගයේ A කාණ්ඩයේ තරග කිරීම සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා ඇති අතර එම කණ්ඩායම් IA සහ IIA ලෙස අනුකාණ්ඩ දෙකක් යටතේ පළමු වටයේ දී තරග වැදීමට නියමිතයි. තරගාවලියේ පළමු වටයේ දී එක් අනුකාණ්ඩයක සිටින පාසලක් එම අනුකාණ්ඩයේ සිටින අනෙකුත් සියලුම පාසල් සමඟ තරග කිරීමට සිදු වේ.

පසුගිය වසරේ දී B කාණ්ඩය නියෝජනය කරමින් තරග කළ කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය මෙම වසරේ දී A කාණ්ඩයේ තරග කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. ඒ අනුව මලියදේව විද්‍යාලය IA අනුකාණ්ඩයේ තරග වදින අතර විද්‍යා විද්‍යාලය IIA අනුකාණ්ඩයේ තරග වදිනු ඇත.

මෙම වසරේ A කාණ්ඩයේ සිටින කණ්ඩායම්

Position Group IA Group IIA
1 Royal College St. Joseph’s College
2 St. Peter’s College Isipathana College
3 Kingswood College Trinity College
4 Wesley College Zahira College
5 S. Thomas’ College St. Anthony’s College
6 Maliyadeva College Science College

පසුගිය වසරේ පැවති තරගාවලියේ ලැබූ ස්ථානය මත මෙම වසරේ එක් එක් කාණ්ඩයේ ස්ථානය තීරණය කර ඇත. පසුගිය වසරේ පාසල් රග්බි ලීගයේ ප්‍රසාද ලකුණු සටහන සඳහා  Points Table from 2018 on ThePapare Stats Centre වෙත පිවිසෙන්න.

පසුගිය වසරේ කුසලාන ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ රාජකීය විද්‍යාලය මෙම වසරේ IA අනුකාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර කුසලාන අනුශූරතාවය හිමිකර ගත් සාන්ත ජෝසප් විද්‍යාලය IIA අනුකාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත.

පසුගිය වසරේ කුසලාන ශූරතාවය හිමිකර ගත් කොළඹ රාජකීය විද්‍යාලය

පසුගිය වසරේ බඳුන ශූරතාවය හිමිකර ගත් සාන්ත තෝමස් විද්‍යාලයට IA අනුකාණ්ඩයේ 5 වන ස්ථානය හිමිවී ඇති අතර බඳුන අනුශූරතාවය හිමිකර ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය මෙම වසරේ IIA අනුකාණ්ඩයේ 5 වන ස්ථානය හිමිකර ගෙන ඇත.

මෙවර පාසල් රග්බි ලීගයේ තරග කාලසටහන

Week Home Team Visiting Team Venue Time
Week – 1 Feb 25 – Mar 3
Royal College Maliyadeva College Royal Complex 4.00 p.m.
St. Joseph’s College Science College TBC 4.00 p.m.
S. Thomas’ College St. Peter’s College TBC 4.00 p.m.
St. Anthony’s College Isipathana College Nittawela 4.00 p.m.
Kingswood College Wesley College Bogambora 4.00 p.m.
Zahira College Trinity College Zahira Grounds 4.00 p.m.
Week – 2 Mar 4 – 10
S. Thomas’ College Royal College TBC 4.00 p.m.
St. Anthony’s College St. Joseph’s College Nittawela 4.00 p.m.
Maliyadeva College Wesley College Maliyadeva Grounds 4.00 p.m.
Science College Zahira College Science Grounds 4.00 p.m.
Kingswood College St. Peter’s College Bogambora 4.00 p.m.
Trinity College Isipathana College Pallekelle 4.00 p.m.
Week-3 Mar 11 – 17
Royal College Wesley College Royal Complex 4.00 p.m.
St. Joseph’s College Zahira College TBC 4.00 p.m.
S. Thomas’ College Kingswood College TBC 4.00 p.m.
Trinity College St. Anthony’s College Pallekelle 4.00 p.m.
Maliyadeva College St. Peter’s College Maliyadeva Grounds 4.00 p.m.
Science College Isipathana College TBC 4.00 p.m.
Week-4 Mar 18 – 24
Kingswood College Royal College Bogambora 4.00 p.m.
St. Joseph’s College Trinity College TBC 4.00 p.m.
Wesley College St. Peter’s College Longdon Place 4.00 p.m.
Zahira College Isipathana College Zahira Grounds 4.00 p.m.
S. Thomas’ College Maliyadeva College STC Grounds 4.00 p.m.
St. Anthony’s College Science College Nittawela 4.00 p.m.
Week-5 Mar 25 – 31
St. Peter’s College Royal College SPC Grounds 4.00 p.m.
Isipathana College St. Joseph’s College Havelock Park 4.00 p.m.
Kingswood College Maliyadeva College Bogambora 4.00 p.m.
Trinity College Science College Pallekelle 4.00 p.m.
S. Thomas’ College Wesley College TBC 4.00 p.m.
Zahira College Science College Zahira Grounds 4.00 p.m.

මෙවර පාසල් රග්බි ලීගයේ සියලුම පුවත් ඔබ වෙත ගෙන ඒමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com අපි සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<