පාසල් රග්බි ලීගය ලබන මාර්තුවේ; ආකෘතියේ වෙනසක් නැහැ

1040
no change to structure

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් 2018 වර්ෂයටත් සංවිධානය කරනු ලබන පාසල් රග්බි ලීගයට අදාළව ඉදිරිපත් කළ පාසල් රග්බි ආකෘතියට, බහුතරයක් දෙනා අකමැති වූ නිසාවෙන් ලබන වසර තුල ද පැරණි ක්‍රමයටම පාසල් රග්බි ලීගය පැවැත්වීමට තීරණය කර ඇත.

CR & FC කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ඊයේ (04) ආරම්භ වූ 2017/18 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ CR & FC…

පද්ධතියේ වෙනස්කම් පිළිබඳව සාකච්ඡා සැප්තැම්බර් මස මුල දී ආරම්භ වූ අතර, පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඉදිරිපත් වූ යෝජිත සංශෝධන ඊයේ (7) පැවැත්වූ මහා සභා රැස්වීමේ දී සම්මත නොවීය. එය සම්මත වූයේ නම්, කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් ලබන වසරේ පාසල් රග්බි ලීගයේ  තරග ක්‍රියාත්මක වීමට තිබුණි.

එම යෝජනාව සම්මත නොවූ නිසාවෙන් පසුගිය වසර 4ක් පුරාවට  කණ්ඩායම් 12ක සහභාගිත්වයෙන් පැවැත්වූ පාසල් රග්බි ලීගයේ ආකෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක වේ. (එම ක්‍රමය 2014 වර්ෂයේ දී හඳුන්වා දෙන ලදි.)

තවද තරගාවලියේ මූලික වටය අවසන් වූ පසුව පළමු කොටසේ A කාණ්ඩයේ සිටින අවසන් කණ්ඩායම් 2 හා දෙවන කොටසේ A කාණ්ඩයේ අවසන් කණ්ඩායම් 2 පලිහ ශූරතාවය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. ඊට අමතරව පළමු කොටසේ B කාණ්ඩයේ පළමු කණ්ඩායම් 2ක හා දෙවන කොටසේ B කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක පලිහ ශූරතාවයට සුදුසුකම් ලබාගනු ඇත.

ශූරතා කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නේ පළමු කොටසේ A කාණ්ඩයේ මුල් කණ්ඩායම් 4 හා දෙවන කොටසේ A කාණ්ඩයේ පළමු කණ්ඩායම් 4යි.

2018 වර්ෂය සඳහා පැවැත්වෙන පාසල් රග්බි තරගාවලියේ පළමු පෙළ කණ්ඩායම් පහත පරිදි වේ.

පළමු කාණ්ඩය දෙවන කාණ්ඩය
රාජකීය විද්‍යාලය (1) ඉසිපතන විද්‍යාලය (2)
ත්‍රිත්ව විද්‍යාලය (3) වෙස්ලි විද්‍යාලය (4)
සාන්ත ජෝසප් විද්‍යාලය (5) සාන්ත පීතර විද්‍යාලය (6)
සාන්ත තෝමස් විද්‍යාලය (7) සහිරා විද්‍යාලය (8)
සාන්ත අන්තෝනි විද්‍යාලය (9) ධර්මරාජ විද්‍යාලය (10)
කිංග්ස්වුඩ් විද්‍යාලය (11) ඩී. එස්. සේනානායක විද්‍යාලය (12)

2018 වර්ෂය සඳහා පැවැත්වෙන පාසල් රග්බි ලීගය ලබන වසරේ මාර්තු මස ආරම්භ වීමට නියමිතව ඇත.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<