‘Singer’ පාසල් රග්බි ලීගයේ තරග කාලසටහන නිකුත් වේ

1424
Schools Rugby kicks

2018 වසර සඳහා වන ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මස 03 වන දින ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව එහි පළමු තරගයේ දී පසුගිය වසරේ ශූරතාවය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ඔවුන් සමඟ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය තරග වදිනු ඇත.

14න් හා 16න් පහළ පාසල් රග්බි ලීගයේ වෙනසක්

වයස අවුරුදු 14න් පහළ හා 16න් පහළ පාසල් රග්බි තරගාවලිය පසුගිය වර්ෂයේ පැවැත්වූයේ..

කාණ්ඩ 3ක් ඔස්සේ පවත්වනු ලබන මෙම තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වන අතර ඒ යටතේ ආරම්භ වන I ‘A’ කාණ්ඩයේ තරගාවලිය තරග වට 2කින් සහ කණ්ඩායම් 12කින් සමන්විත වන අතර ඔවුන්ගේ කාණ්ඩගත කිරීම අනුව සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් 5ක් සමඟ ක්‍රීඩා කොට, එහි ඉහළින්ම සිටින කණ්ඩායම් 4 තරගාවලියේ ශූරතා කුසලානය සඳහා ඉදිරියට යොමු කෙරේ.

සෑම කාණ්ඩයකම අවසන් ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් ද්විත්වය, I ‘B’ කාණ්ඩයේ ඉහළම කණ්ඩායම් සමඟ එක්වන අතර ඒ අනුව ඔවුන් එහි දී පළඟ ශූරතාවය සඳහා තරග වදිනු ඇත.

>> පාසල් රග්බි ලීග් තරගාවලියේ සියලු තොරතුරු සඳහා පිවිසෙන්න

මෙම වසරේ දී කණ්ඩායම් 15කට අධික සංඛ්‍යාවක් අලුතෙන් තරගාවලිය සඳහා එක්වන අතර ඒ අනුව ඔවුන් මෙම තරගාවලියේ සිය ගමන III වන කාණ්ඩයෙන් ආරම්භ කරනු ඇත. එම නව කණ්ඩායම් ගොන්න අතරට යාපනය නියෝජනය කරමින් සහභාගී වන පාසල් 3ක් ද ඇතුළත් ය.

තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය (SLSRFA) මේ වන විටත් තරගාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති අතර එය මෙම මස අවසානය වන විට එම කටයුතු අවසන් කෙරෙනු ඇත.

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ I ‘A’ කාණ්ඩයේ සම්පූර්ණ තරග කාලසටහන පහත පරිදිය.

Division A
IA IIA
Royal College Colombo Isipathana College
Trinity College Wesley College
St. Joseph’s College St. Peter’s College
S. Thomas’ College Mt. Lavinia Zahira College
St. Anthony’s College Dharmaraja College
Kingswood College D. S. Senanayake College
Division ‘A’ Fixtures
Week Match # Home Team Visiting Team Date Time Venue
Week 1 1 Royal College Colombo Kingswood College Kandy 3rd March 4.30pm Royal Complex
2 St. Anthony’s College Kandy Trinity College 11th March 4.30pm Nittawela
3 St. Joseph’s College Colombo S. Thomas’ College Mt. Lavinia 11th March 4.30pm Havelock Park
4 Isipathana College Colombo D.S.Senanayake College Colombo 7th March 4.30pm Havelock Park
5 Wesley College Colombo Dharmaraja College Kandy 10th March 4.30pm Racecourse
6 St. Peter’s College Zahira College Colombo 10th March 4.30pm Havelock Park
Week 2 7 St. Anthony’s College Kandy Royal College Colombo 18th March 4.30pm Nittawela
8 Kingswood College Kandy S. Thomas’ College Mt. Lavinia 18th/19th March 4.30pm Pallekelle
9 Trinity College Kandy St. Joseph’s College Colombo 18th March 4.30pm Pallekelle
10 Isipathana College Colombo Dharmaraja College Kandy 17th March 4.30pm Royal Complex
11 D.S.Senanayake College Colombo Zahira College Colombo 17th March 4.30pm Welisara
12 St. Peter’s College Colombo Wesley College Colombo 18t March 4.30pm Havelock Park
Week 3 13 Royal College Colombo S. Thomas’ College Mt. Lavinia 24th March 4.30pm Royal Complex
14 St. Joseph’s College Colombo St. Anthony’s College Kandy 23rd March 4.30pm Havelock Park
15 Kingswood College Kandy Trinity College Kandy 24th March 4.30pm Nittawela
16 Isipathana College Colombo Zahira College Colombo 24th March 4.30pm Zahira Grounds
17 St. Peter’s College Colombo Dharmaraja College Colombo 23rd March 4.30pm Police Park
18 D.S.Senanayake College Colombo Wesley College Colombo 23rd March 4.30pm Racecourse
Week 4 19 St. Joseph’s College Colombo Royal College Colombo 6th April 4.30pm Havelock Park
20 S. Thomas’ College Mt. Lavinia Trinity College Kandy 7th April 4.30pm Pallekelle
21 St. Anthony’s College Kandy Kingswood College Kandy 7th April 4.30pm Nittawela
22 Isipathana College Colombo St. Peter’s College 7th April 4.30pm Havelock Park
23 Zahira College Colombo Wesley College Colombo 7th April 4.30pm Zahira Grounds
24 Dharmaraja College Kandy D.S.Senanayake College Colombo 6th April 4.30pm Welisara
Week 5 25 Royal College Colombo Trinity College Kandy 21st April 4.30pm Royal Complex
26 St. Joseph’s College Colombo Kingswood College Kandy 20th April 4.30pm Havelock Park
27 St. Anthony’s College Kandy S. Thomas’ College Mt. Lavinia 24th April 4.30pm Nittawela
28 Wesley College Colombo Isipathana College Colombo 21st April 4.30pm Racecourse
29 St. Peter’s College Colombo D.S.Senanayake College Colombo 21st April 4.30pm Havelock Park
30 Zahira College Colombo Dharmaraja College Kandy 21st April 4.30pm Zahira Grounds

තරගාවලියේ සෑම මිනිත්තුවකම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින්. එමෙන්ම මෙවර තරගාවලියේ B කාණ්ඩයේ තරග සිංහලෙන්ම ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<