මහනුවර කලඹමින් රාජකීය කුණාටුව බ්‍රැඩ්බි පලිහ ඩැහැ ගනී

494

දෙවන අදියරේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 27-19ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය, 74 වැනි වරටත් පැවති බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ඊයේ (5) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී සමත් විය.   

සුපිරි රාජකීයයන් හමුවේ ත්‍රිත්ව සිංහයන් පසුබසී

බ්‍රැඩ්බි පලිහ කන්ද උඩරටට ගෙන යාමේ ත්‍රිත්ව විද්‍යාලයීය බලාපොරොත්තුව ඉතා

පාසල් රග්බි තරගාවලියේ දී බොහෝ කණ්ඩයම්වලට සිදු වූ පරිදිම රාජකීය විද්‍යාලයේ දී පැවති පළමු තරග අදියරේ දී ලකුණු 39-07ක වේදනාකාරී පරාජයක් අත්විඳින්නට ත්‍රිත්ව විදුහලට සිදු වූ අතර බලාපොරොත්තු වූ ආකාරයට මේ තරගයේ සිය සුපුරුදු දක්ෂතාවලට පිවිසීමට නොහැකි වුවත් මෙම තරගයේ අවසානයත් සමඟ මුළු ලකුණු 66-26ක් ලෙස ප්‍රබල රාජකීය කණ්ඩයමට බ්‍රැඩ්බි පලිහ හිමි විය.   

පල්ලෙකැලේ ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ක්‍රීඩකයින්ට සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසීමට නොහැකි වූ අතර රාජකීය කණ්ඩයම සිය අර්ධය ආරක්ෂා කර ගැනීම ඉතා හොඳින් සිදු කළ ද ‘Line Out’ අවස්ථා සාර්ථක කර ගැනීම පිළිබඳව පාසල් ලිග් රග්බි තරගාවලියේ දෙවන අර්ධයේ දී වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇත.  

සුපුරුදු පරිදි සිය දැවැන්ත ඉදිරිපෙළ යොදා ගනිමින් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර උත්සාහක දිනුම් සීමාවට මීටර 10ක් නුදුරෙන් ලද දඬුවම් පහරක් ක්ෂණිකව ලබාගත් සසිත සියත් ත්‍රිත්ව ක්‍රීඩකයින් මැඩලමින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. දුලාන් විජේවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (රාජකීය 05-00 ත්‍රිත්ව)

පළමු උත්සාහක දිනුමින් මිනිත්තු හයකට පසු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් නැවත වරක් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් ලකුණු පරතරය තවත් ඉහළ දැමීමට රාජකීය විදුහලේ දුලාන් විජේවර්ධන සමත් විය. (රාජකීය 08-00 ත්‍රිත්ව)

කල්ගිය තරගයේ ජය වෙස්ලි විද්‍යාලයට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ දී මහනුවර පැවති කලබලකාරී තත්වය

ත්‍රිත්ව ක්‍රීඩකයින් දිගින් දිගටම රාජකීය ඉදිරිපෙලට හෝ වේගවත් පසුපෙලට ක්‍රියාත්මක වීමට ඉඩ නොදී ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර කිහිපවතාවක් පන්දුව ඉදිරියට රැගෙන යාමෙන් අනතුරුව සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ප්‍රවින්ද විජේතිලකගේ සුරතින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ශික් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (රාජකීය 08-05 ත්‍රිත්ව)

පළමු අර්ධය අවසන් වීමට සුළු වෙලාවක් තිබිය දී ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව හිමන්ත හිරුශාන් විසින් පන්දුව ඉදිරියට ගෙන ගොස් ‘No 8’ ස්ථානයේ ක්‍රීඩා කරන ඉෆාම් ෆරීඩ් වෙත ලබා දුන් අතර ඔහු විසින් පන්දුව ඉදිරියට ගෙන යන ලදී. උත්සාහක දිනුම් සීමාවට ආසන්නයේ ඔවුන්ගේ උත්සාහය නැවැත්වීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත්වුවත් නැවත වරක් පන්දුව ලබාගත් ඉඳුවර බිම්සර ත්‍රිත්ව ක්‍රීඩකයින් අතුරින් රිංගා යමින් රාජකීය කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දුලාන් විජේවර්ධන ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (රාජකීය 13-05 ත්‍රිත්ව)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 13 – 05 ත්‍රිත්ව විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟම සුපුරුදු පරිදි රාජකීය ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් අඩියෙන් අඩිය අඟලින් අඟල පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ත්‍රිත්ව ප්‍රතිරෝධය මැඩලමින් සසිත සියත් තෙවන රාජකීය උත්සාහක දිනුම රැස්කිරීමට සමත් විය. දුලාන් විජේවර්ධන අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් යවමින් අමතර ලකුණු රැස්කර ගැනීමට සමත් විය. (රාජකීය 20-05 ත්‍රිත්ව)

ත්‍රිත්ව කණ්ඩයම අර්බුද රැසකට ඇද දමමින් විනිසුරු ලෙනොක්ස් කල්‍යානාරත්න හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට ක්‍රියා කළේය.

රාජකීය ක්‍රීඩකයන්ගේ අඩිපාරේම යමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ යොදා ගනිමින් පියවරෙන් පියවර පන්දුව ඉදිරියට ගෙන ගිය අතර ශක්තිමත් පන්දු රැගෙන යාම් කිහිපයකට පසුව 55 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රවින්ද විජේතිලක සමත් විය. අකිත සකලසූරිය එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 20-12 ත්‍රිත්ව)

කණ්ඩයම් දෙකේම ක්‍රීඩකයින් ගණන සමාන කරමින් රාජකීය විද්‍යාලයේ ෆධිල් අදහන් හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු පියවර ගත්තේය.

ඉන් මිනිත්තු කිහිපයකට පසු තරගයේ පළමු වතාවට රාජකීය පසුපෙළ හා ඉදිරිපෙළ බිඳ වට්ටමින් තෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් විය. රාජකීය ක්‍රීඩකයින් දෙපලක් බිම ඇද දමමින් ප්‍රවින්ද ඉදිරියට ගිය අතර ඔහු විසින් පන්දුව ‘Scrum half’ ක්‍රීඩක කුලතුංග හට භාරදෙද්දී, කුලතුංග පන්දුවට පා පහර දීමෙන් අනතුරුව එය රැක ගත් වේගවත් විශ්ව රණරාජා ගෝල කණු මධ්‍යයේ එම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සකලසූරිය එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 20-19 ත්‍රිත්ව)

A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන මැයි මස

එක ලකුණක වෙනස අභිබවා යාමට කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර තරගයේ ආධිපත්‍ය තහවුරු කර ගනිමින් 64 වැනි මිනිත්තුවේ දී ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කිරීමට රාජකීය ක්‍රීඩකයෝ සමත් විය. සසිත සියත් යොමු කළ පන්දුව ෆරීඩ් වෙත භාර දුන් අතර ෆරීඩ් විසින් පන්දුව බිම්සර වෙත ලබා දීමෙන් බිම්සරගේ සුරතින් ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා විය. මලීෂ පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි.

විනිසුරුගේ දීර්ඝ නලා නාදයෙන් පසුව ලකුණු 27-19ක් ලෙස 74 වැනි වරටත් පැවති බ්‍රැඩ්බි පලිහේ දෙවන අදියරේ හා සම්පූර්ණ තරගාවලියේ ශූරතාව රාජකීය විද්‍යාලය විසින් දිනා ගැනීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 27 (4T 2C 1P) – 19 (3T 2C) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – හිමන්ත හිරුශාන් (රාජකීය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

රාජකීය විද්‍යාලය: ඉඳුවර බිම්සර (1T), සසිත සියත් (3T), දුලාන් විජේවර්ධන (1C 1P), මලීෂ පෙරේරා (1C)

ත්‍රිත්ව විද්‍යාලය: ප්‍රවින්ද විජේතිලක (2T), විශ්ව රණරාජා (1T), අකිත සකලසූරිය (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<