B කාණ්ඩයේ පාසල් රග්බි පිටියේ තරගකාරීත්වය පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ තරමක් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ පාසල් ක්‍රීඩකයන්, තම දක්ෂතාවයන් ක්‍රීඩාශීලිත්වය සහ තුරුණු ජවය සමඟ මුසුකරමින් ප්‍රතිවාදීන් සමඟ උරෙනුර ගැටෙමින් පාසල් රග්බි පිටිය අතික්‍රමණය කිරීමට සූදානමෙන් සිටින නිසාවෙනි.

එලෙස පාසල් රග්බි පිටිය තුල පෙරළියක් කරන්නට බලා සිටින අගනුවර තවත් පෙරළිකාර කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධියට පත් කොළඹ ලුම්බිණි විද්‍යාලය ThePapare.com අවධානය දිනා ගත්තේ පසුගිය වසරේ දී ද ඔවුන් දැක්වූ දස්කම් නිසවෙනි.

පිළියන්දල රග්බි අභිමානය – පිළියන්දල මධ්‍ය විද්‍යාලය

පසුගිය වසරේ අහිමි වූ A කාණ්ඩයේ ශූරතා සිහිනය සැබෑ කර ගැනීම අරමුණ කරගනිමින් මෙවර පිළියන්දල මධ්‍ය …

ලුම්බිණි විද්‍යාලයීය නායක සාලින්ද මදුමාල්

කොළඹ ලුම්බිණි විදුහල අප රටේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරන පාසල් අතරින් තවත් පාසලකි. නිශාන්ත චානක, නලින්ද චතුරංග, නිසල් මීපගේ යන ක්‍රීඩකයන් ජාතික රග්බි පිටියටත්, දිනේෂ් සුරංග, සමීර බුලත්සිංහල, තිලිණ සම්පත් හා කෞෂාන් රනුප්‍රිය වැනි දක්ෂයින් ක්‍රීඩකයින් ක්‍රීඩා සමාජ පිටියත් දායාද කරනු ලැබුවේ ලුම්බිණි මාතාව විසිනි.

ලුම්බිණි විදුහලේ රග්බි ඉතිහාසය පිරික්සා බැලීමේ දී පළමු කාණ්ඩයේ  ඔවුන් දක්වා ඇති දක්ෂතා ලෙස වර්ෂ 1990 දී සාන්ත තෝමස් විදුහලට පමණක් දෙවැනි වෙමින් මයිලෝ කුසලානයේ අනුශූරතාවය දිනා ගැනීම, 1996 සහ 1997 වසරවල පාසල් සත් සාමාජික පිටියේ අනුශූරතාවය දිනා ගැනීම සහ 1998 වසරේ ජාතික පාසල් ලීග් අනුශූරතාවය දිනා ගැනීම විශේෂයෙන් සඳහන් කළ හැක.

“දෙතුන් දෙනෙක් හැරුනම ගොඩ දෙනෙක් අවසන් වසරේ ක්‍රීඩකයන්. ඒ වගේම ගිය පාර ටීම් එකේ ගොඩක් අය මේ පාරත් ඉන්නවා. මැච් එකෙන් මැච් එකට යන්න හිතන් ඉන්නේ, වැඩිපුර වැඩ පෙන්වන අය දිනයි.”

පසුගිය තරග වාරයේ දී බී කාණ්ඩයේ පළමු අදියරේ ශූරතාවය දිනා ගැනීමට ලුම්බිණි ක්‍රීඩකයින් සමත් වුවද, ඒ කාණ්ඩය පෙනී පෙනී ඔවුන්ට එය මඟ හැරී ගියේ ප්‍රසාද ලකුණු මදි වීම නිසාවෙනි.

මෙවර ලුම්බිණි විද්‍යාලයීය රග්බි සංචිතයේ නායකත්වය සාලින්ද මදුමාල් විසින් දරණු ලබයි. ප්‍රෝප් ක්‍රීඩකයන් ලෙස සමීර පියුමාල් සහ බිම්සර අනූජ ආරක්ෂක වළල්ල තර කරන අතර නායකත්වය දරණ සාලින්ද අංක 8 ස්ථානය නියෝජනය කිරීම කණ්ඩායමේ ආරක්ෂක පවුරට තරමක වාසියක් රැගෙන එයි. පසුපෙළ දෙස හැරී බලද්දී කවිෂ්ක නිලුපුල් ෆ්ලයි හාෆ් ස්ථානයේත්, ඩිලාන් සාලින්ද ෆුල් බැක් ස්ථානයේත් කටයුතු කරනු ලබයි.

ලුම්බිණි විද්‍යාලයීය උප නායක යෙෂිර උදීශන

කණ්ඩායමේ නායක සාලින්ද මදුමාල් තම කණ්ඩායම පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ගියවර දශම ගණනකින් මග හැරුණු ඒ කාණ්ඩය වෙත තේරී පත්වීම මෙවර තම කණ්ඩායමේ අපේක්ෂාව බවත්, තරගයෙන් තරගය හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,

“අපිට ගිය පාර මැච් දෙකක් මිස් වුනා. ඒ විද්‍යා හා විද්‍යාර්ථ මැච් දෙක, විද්‍යාර්ථ මැච් එක දිනුවා නම් අපි මේ පාර A කාණ්ඩයේ. ඒ නිසා මේ පාර ඒ වැරදි හදා ගෙන උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා. දෙතුන් දෙනෙක් හැරුනම ගොඩ දෙනෙක් අවසන් වසරේ ක්‍රීඩකයන්. ඒ වගේම ගිය පාර ටීම් එකේ ගොඩක් අය මේ පාරත් ඉන්නවා. මැච් එකෙන් මැච් එකට යන්න හිතන් ඉන්නේ, වැඩිපුර වැඩ පෙන්වන අය දිනයි.”

කාවවත් ලේසියට ගන්නේ නෑ. ටීම් එකම ෆන් එකේ ඉඳල හැමදේම කරලා මැච් එක වෙලාවට මැච් එකට ෆෝකස් කරන්න ඉන්නේ.”

කණ්ඩායමේ උප නායක යෙෂිර උදීශන ThePapare.com සමඟින් අදහස් දක්වමින්, කණ්ඩායමේ වර්තමාන පුහුණුකරුවන් සහ තම කණ්ඩායම වෙනුවෙන් ලැබෙන දිරිමත් කිරීම් ගැන පවසා සිටියේය.

අපිට හොඳ පුහුණුකරුවෝ ඉන්නවා මේ පාර, අපේ වැරදි හදලා අපිට හැම ගේම් ප්ලෑන් එකක්ම දීලා තියෙන්නේ, ඒ ගොල්ලොන්ගේ ලොකු සපෝර්ට් එකක් තියනවා. කාවවත් ලේසියට ගන්නේ නෑ. ටීම් එකම ෆන් එකේ ඉඳල හැමදේම කරලා මැච් එක වෙලාවට මැච් එකට ෆෝකස් කරන්න ඉන්නේ.”

ලුම්බිණි විද්‍යාලයීය ප්‍රධාන පුහුණුකරු විකුම් දම්සිරි

අත්දැකීම් බහුල, පළපුරුදු පුහුණු මඬුල්ලක් යටතේ මෙවර ලුම්බිණි විදුහල කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස විකුම් දම්සිරි මහතාත්, සහය පුහුණුකරුවන් ලෙස මහේෂ් කීර්ති මහතා හා ඉන්දික ජීවන්ත මහතා කටයුතු කරනු ලබයි.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විකුම් දම්සිරි මහතා ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙලෙසිනි.

ටීම් එක හොඳයි. මං අරගෙන දැන් මාස 5ක් විතර. අපි සෑහෙන හොඳ මට්ටමක ඉන්නවා. ප්‍රැක්ටිස් වෙලාවට එන්නැති එක තමා ලොකුම අවුල, ඒ උනාට මගේ කොල්ලෝ ටික ගැන මට විශ්වාසයි.”

ලුම්බිණි විද්‍යාලයීය සංචිතය.

සාලින්ද මධුමාල් (නායක), යෙෂිර උදීශන (උප නායක), සමීර පියුමාල්, කරීම් ඉමිතියාස්, බිම්සර අනූජ, මොහොමඩ් අස්කර්, සමිරංග රන්දුල, තරුෂ උදයංග, රංජිත් කුමාර, ඔසඳ ලක්ශාන්, කවිෂ්ක නිලුපුල්, ඩිල්ෂාන් විතක්ෂණ, තුවාන් සායිල්, සාගර සම්පත්, ඩිලාන් සාලින්ද, ශාස් විමුක්ති, සචින් එරංග, දුලක්ෂණ චමුපති, තාරක බාලසුරිය, මොහොමඩ් සජිත්

මෙවර පාසල් තරගාවලිය සඳහා සහභාගී වන කොළඹ ලුම්බිණි විද්‍යාලයට තම දක්ෂතා අතරට පැමිණ තම බලාපොරොත්තු වන ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වේවා’යි  ThePapare.com අප සුබ පතන්නෙමු.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<