B කාණ්ඩයේ තරග කාලසටහන නිකුත් වේ

1837

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් රග්බි තරගාවලිය ලබන මාර්තු මස 9 වැනිදා සිට ආරම්භ වේ. තරගාවලියේ A කාණ්ඩයේ කාලසටහන පසුගිය දා නිකුත් කළ අතර මේ වන විට B කාණ්ඩයේ කාලසටහන ද මාධ්‍ය වෙත නිකුත් කර අවසන්ය.

පාසල් රග්බි ශූරයෝ මාර්තු සිට සටනට සීරුවෙන්

ශ්‍රී ලංකා පාසල් රග්බි කැලැන්ඩරයේ අතිඋත්කර්ශවත් පෙළහැර පෑම හෙවත් පාසල්…

B කාණ්ඩයේ සිටින ප්‍රබලයින් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය සඳහන් කළ හැකිය. ඒ අතුරෙන් විද්‍යා විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය ගියවර ඔවුන්ට අහිමි වී ගිය A කාණ්ඩයේ ස්ථාන යළිත් දිනා ගැනීම උදෙසා කරට කර සටන් කරනු ඇත.

මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 3ක් යටතේ පාසල් 87කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර එය ලබන මාර්තු මස සිට ජුනි මස දක්වා පැවැත්වෙනු ඇත.

IB IIB
විද්‍යා විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය
ආනන්ද විද්‍යාලය මලියදේව විද්‍යාලය
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මහානාම විද්‍යාලය
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

B කාණ්ඩය යටතේ මෙවර පාසල් 12ක් තරග කරන අතර මාර්තු මස 9 වැනිදා ආරම්භ වන මෙම පාසල් රග්බි සැණකෙළිය මාර්තු 29-31 දක්වා සහ අප්‍රේල් 13 සහ 14 යන දිනවල දී පමණක් නොපැවැත්වේ.

පෙර වසරේ පරිදීම මෙවරත් තරගාවලියේ මූලික වටය අවසන් වූ පසුව IA කොටසේ පළමු කණ්ඩායම් 4 හා  IIA පළමු කණ්ඩායම් 4 ශූරතා කුසලාන තරග වටයට සුදුසුකම් ලබාගනු ඇත.

එම අවස්ථාව මඟ හැරෙන A කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් 4 B කාණ්ඩයෙන් තේරී පත්වන පළමු කණ්ඩායම් 4 සමඟින් පලිහ කුසලානය සඳහා තරග වදිනු ඇත. ඒ සඳහා තේරී පත්නොවන B කාණ්ඩයේ පාසල් C කාණ්ඩයෙන් තේරී පත්වන පළමු කණ්ඩායම් 4 සමඟින් බඳුන කුසලානය සඳහා තරග වදිනු ඇත.

 ‘B’ කාණ්ඩයේ තරග කාලසටහන (පැවැත්වෙන ස්ථාන වෙනස් විය හැක) 

 1 වන සතිය මාර්තු 5 – 12 දක්වා
සත්කාරක කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම ස්ථානය
විද්‍යා විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විද්‍යා විද්‍යාල පිටිය
විද්‍යාර්ථ විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය බෝගම්බර
ආනන්ද විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය TBC
ලුම්බිණි විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය TBC
වේල්ස් කුමර විද්‍යාලය මහානාම විද්‍යාලය TBC
මලියදේව විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය මලියදේව පිටිය

 

2 වන සතිය මාර්තු 13 – 19 දක්වා
සත්කාරක කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම ස්ථානය
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය විද්‍යා විද්‍යාලය බෝගම්බර
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය TBC
විද්‍යාර්ථ විද්‍යාලය ආනන්ද විද්‍යාලය නිත්තවෙල
මහානාම විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය TBC
රිච්මන්ඩ් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය කොග්ගල පිටිය
වේල්ස් කුමර විද්‍යාලය මලියදේව විද්‍යාලය TBC

 

3 වන සතිය මාර්තු 20 – 26 දක්වා
සත්කාරක කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම ස්ථානය
විද්‍යා විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය විද්‍යා විද්‍යාල පිටිය
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ආනන්ද විද්‍යාලය බෝගම්බර
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය TBC
ලුම්බිණි විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය TBC
මහානාම විද්‍යාලය මලියදේව විද්‍යාලය TBC
රිච්මන්ඩ් විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය කොග්ගල පිටිය

 

4 වන සතිය අප්‍රේල් 02 – 10 දක්වා
සත්කාරක කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම ස්ථානය
ආනන්ද විද්‍යාලය විද්‍යා විද්‍යාලය TBC
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය TBC
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය බෝගම්බර
 මලියදේව විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය මලියදේව පිටිය
තර්ස්ටන් විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය TBC
මහානාම විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය TBC

 

5 වන සතිය අප්‍රේල් 19 – 25 දක්වා
සත්කාරක කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම ස්ථානය
විද්‍යා විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය විද්‍යා විද්‍යාල පිටිය
ආනන්ද විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය TBC
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය TBC
ලුම්බිණි විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය TBC
මලියදේව විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය TBC
තර්ස්ටන් විද්‍යාලය මහානාම විද්‍යාලය TBC

 

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට