දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම සියතින් ගිලිහි ගිය ගෞරවය යලි දිනා ගැනීමේ අරමුණින් මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියට පිවිසෙනු ඇත.

1932 වසරේ දී අපරාජිතව පාසල් රග්බි ලීග් ශූරයින් ලෙස කිරුළුපලන් ඔවුන් මෙවර කුමක් කරයි ද? ThePapare.com අප සහිරා ක්‍රීඩකයින් සොයා ගිය අතර මේ ලිපිය වෙන්වන්නේ සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙනි.

පාසල් රග්බි පිටිය කලඹන්නට D. S. හමුදාව සූදානම්

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි සංග්‍රාමය ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් නොඅඩු කාලයකි. තෙවසරක් පුරා A කාණ්ඩයේ රැඳී සිටිමින් ප්‍රබල කණ්ඩායම් රැසකට අභියෝගයක් වූ කොළඹ…

1924 දී සහිරා විදුහල රග්බි ක්‍රීඩාව ආරම්භ කළ අතර 1932 වසර සහිරා විද්‍යාලයීය රග්බි පිටියට ස්වර්ණමය වසරක් විය. A. H. A. සමාඩ්ගේ මෙහෙය වීම යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කළ ප්‍රථම කණ්ඩායම බවට පත්වෙමින්, ප්‍රබල රාජකීය, සාන්ත පීතර කණ්ඩායම්වලට ද එම ඉරණම ම අත්කර දෙමින් අපරාජිත පාසල් ලීග් ශූරයින් ලෙස අභිසෙස් ලබන්නට ඔවුන් සමත් විය.

අනතුරුව කණ්ඩායමට එතරම් සුබ කාලයක් උදා නොවූවද 1998 දී ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජය ගනිමින් විද්‍යාල නාමය ඉහළින්ම තබන්නට ඔවුන් සමත් විය.

අනතුරුව වරක් ප්‍රබලම කණ්ඩායමක්ව සිටි සහිරා කණ්ඩායම පහළ තරග කාණ්ඩවලට ඇද වැටුණු අතර වසර ගණනක් ප්‍රයත්න දැරීමෙන් පසු වසර දෙකකට ප්‍රථම, නායක රාම්සාන් අමිත්ගේ මෙහෙය වීම යටතේ නැවතත් A කාණ්ඩයට පිවිසීමේ වරම් ඔවුන්ට හිමි විය.

මරදාන සහිරා විදුහල ජාතික රග්බි පිටියට සුවිශේෂ ක්‍රීඩකයින් ගණනාවක් දායාද කිරීමට සමත් වූ අතර විශිෂ්ට ක්‍රීඩකයෙකු වූ  හිශාම් ආබ්දීන්, රිසාන් සල්ඩින් හා මුෂ්ටාක් ජිෆ්රි ද ඒ අතර වේ.

අසාර් ඉර්ෆාන්ගේ නායකත්වයෙන් සහිරා විද්‍යාලයේ පසුගිය තරග වාරය ක්‍රියාත්මක වූ අතර දෙවන වටයේ දී බලාපොරොත්තු වූ දස්කම් අතරට පිවිසීමට නොහැකි වුවත් පළමු වටයේ දී විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ප්‍රබල කණ්ඩායම් රැසකටම අභියෝගයක් වන්නට ඔවුන් සමත් විය. ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ රැඳී සිටීමට සිදුවුව ද කණ්ඩායමක් ලෙස හා යුස්රාන් ලන්ත්‍රා වැනි ක්‍රීඩකයින් පෞද්ගලික ලෙස ද සැලකිය යුතු දක්ෂතා අතරට පිවිසීමට සමත් විය.

වසර දෙකක අත්දැකීම් සමඟින් මුහම්මර් ඩින් සහිරා කණ්ඩායමේ නායකත්වය දරන අතර ‘No8’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු සිය ජවයෙන්,ශක්තියෙන් කණ්ඩායමේ ඉදිරි පෙළ ශක්තිමත් කරනු ඇත.

“මට බොහොම සතුටුයි පසුගිය තරග වාරයේත් අපි පළමු වටයේ හොඳට සෙල්ලම් කරා, ආබාධ හා තවත් හේතු නිසා තමයි දෙවන තරග වටය තමා අපිට හොඳට කරන්න බැරි වුනේ, අපි ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි නායක මුහම්මර් ඩීන් ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

උපනායකත්වයේ වගකීම මින්හාජ් ශම්සුදීන් හට පැවරී ඇති අතර ‘Fly half ’ හා ‘Center’ යන ස්ථාන දෙකේම ක්‍රීඩා කිරීමට හැකියාව ඇති ඔහුට වේගවත් සහිරා ක්‍රීඩා විලාසය තරගාවලිය පුරා පවත්වා ගෙන යාමේ වගකීම හිමි වනු ඇත. පසුපෙළ සවිමත් කරමින් වේගවත් පාද සමඟින් ‘Full Back’ ස්ථානයේ අත්දැකීම් බහුල රහුමාන් බූසො හා ‘Wing’ ස්ථානයේ ශාමහිල් සොවෙයිටෝ (Shamahil Soweito) ශක්තියට වඩා පාදයට දිරිදෙමින් සහිරා ක්‍රීඩා ශෛලිය ඉදිරියට පවත්වා ගෙන යනු ඇත.

2014 වසරේ සිටම සහිරා විදුහලේ පුහුණුකරු තනතුර හොබවන අත්දැකීම් බහුල ශම්ලි නවාස් හට මෙවර ද සහිරා කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම හිමිව තිබේ. ”අපි පුහුණුවීම් පටන් ගත්තේ අගෝස්තුවේ, ක්‍රීඩකයෝ කැපවීමෙන් පුහුණුවීම් වලට සහභාගී වුනා, තරගාවලියේ ඉන්න අනික් කණ්ඩායමුත් බොහොම හොඳයි”

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ThePapare.com වෙත මෙසේ පැවසිය,

”අපි අපරාජිතව ඉන්න උත්සහ කරන්නේ, තරගයෙන් තරගය සෙල්ලම් කරන එක තමා අපේ අරමුණ, හැම තරගයක්ම අභියෝගාත්මකයි, අනික් කණ්ඩයමක් සෙල්ලම් කරන හැටි බලලා, එයාලට අභියෝගයක් වෙන්න අපි උත්සහ කරනවා.”

සහිරා විදුහල A කාණ්ඩයට රැගෙන ඒමට අමිල මෙහෙවරක් කළ ඔහුට පෙර තරග වාරයේ මෙන් නොවී කණ්ඩායමේ දක්ෂතා දිගටම පවත්වා ගැනීමේ භාර දූර වගකීම හිමි වනු ඇත.   

තරගකාරී තරග වාරයක් සහ නැති වූ කිරුළ යලි දිනා ගැනීම සඳහා ThePapare.com අප සහිරා විදුහල් කණ්ඩායමට උණුසුම් සුබාශිංසන පතන්නෙමු.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

කණ්ඩායම වෙනුවෙන් ඔබේ සුබ පැතුම් පහළින් Comment කරන්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<

සහිරා විද්‍යාලයීය රග්බි සංචිතය සඳහා පිවිසෙන්න අපගේ නවතම දත්ත වාර්තා පිටුවට