කුරුණෑගල උත්සාහය අපතේ යවමින් ජය මහනුවරට

1668

2018 ‘සිංගර්’ අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවයේ පළමු තරගය අද (12)  දිගන පළාත් සභා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ කුරුණෑගල මලියදේව විද්‍යාලය සටනට අවතීර්ණ වෙමිනි. තරගය ලකුණු 43-36ක් ලෙස ජය ගැනීමට කන්ද උඩරට ක්‍රීඩකයෝ සමත් වූහ.

විද්‍යා විද්‍යාලයේ වේගයෙන් ධර්මරාජ ක්‍රීඩකයෝ පසුබසී

සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ

තරගය ආරම්භ වී සුළු මොහොතකින් (4 වන මිනිත්තුවේ දී) ක්‍රියාත්මක වූ කාවින්ද අමරකෝන් සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. මෙහි ප්‍රවර්තනය චමෝද් වනසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි. (07-00)

මලියදේවයින්ට නැවතත් අභියෝග කරමින් අන්තෝනි ක්‍රීඩක ඉෂාර ලියනගේ විසින් ලබා ගත් උත්සාහක දිනුමත්, එහි ප්‍රවර්තනය චමෝද් වනසිංහ විසින් ලබා ගැනීමත් සමඟ පළමු මිනිත්තු දහයක කාල සීමාව තුල දී උද්වේගකර තරගයක් නිර්මාණය කිරීමට අන්තෝනිවරුන් සමත් විය. (14-00)

කෙසේ වෙතත් යූ. බී. දවුලගල රැස්කළ උත්සාහක දිනුමත් එච්. කේ. ගුණවීර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමත් සමඟ මලියදේව ප්‍රේක්ෂක බලාපොරොත්තු දැල්වූයේ ඔවුන්ගේ ලකුණු පුවරුව ද ක්‍රියාත්මක කරමිනි. (14-07)

මොහොමඩ් ශබීර් විසින් රෞද්‍ර ලෙස කණ්ඩායම සමඟ ඉදිරියට දිව ගොස් තැබූ උත්සාහක දිනුමත්, චමෝද්ගේ ප්‍රවර්තනයත් මහනුවර ලකුණු පුවරුව තවත් ඉහළ දැමූ අතර මහනුවර අභියෝගයට පිළිතුරු දෙමින් නැවතත් එච්. ධනංජයගේ උත්සාහක දිනුමක් ද, එච්. කේ. ගුණවීරගේ දෙවන ප්‍රවර්තනය ද සමඟ කුරුණෑගල කණ්ඩායම තවත් ලකුණු හතක් ලබා ගැනීමට සමත් විය. (21-14)

පලඟ ශූරතාව ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද?

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතා තරග මේ සති අන්තයේ දී ආරම්භ වන අතර ඊට

නමුත් ප්‍රබල මලියදේව ක්‍රීඩකයින්ගේ ප්‍රතිරෝධය ගැන කිසිදු තැකීමක් නොකළ සාන්ත අන්තෝනි ක්‍රීඩක ඉෂාර ලියනගේ දක්ෂ ලෙස උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

ප්‍රථම අර්ධය: සාන්ත අන්තෝනි විද්‍යාලය 26 – 14 මලියදේව විද්‍යාලය

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව සාන්ත අන්තෝනි ක්‍රීඩක චමෝද් වනසිංහ දඬුවම් පහරක් නිවැරදිව එල්ල කරමින් ලකුණු තුනක් තම කණ්ඩායමට එක්කර දීමත්, තරගයේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලැබූ බොහොමයක් ලකුණු ඔහුගේ පදයෙන් සාර්ථක වූ ප්‍රවර්තන වීමත් නිසා සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙකු බවට චමෝද් පත්විය. (29-14)

තෝමසුවන් හමුවේ ලුම්බිණි ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ දෙවන වටයේ තවත් තරගයක් අද

මලියදේවයේ පළමු දඬුවම් පහර එස්. ඩී. අයි. හේරත් විසින් සාර්ථක කර ගනු ලැබීය. පිට පිට විනාඩි හතක් තුල රුවන් අමරසිංහ සහ මොහොමඩ් ශබීර්  වාර්තා කළ උත්සාහක දිනුමත් නැවත චමෝද්ගේ සාර්ථක ප්‍රවර්තන ද්විත්වයත් නිසා තවත් ලකුණු දාහතරක් තම පුවරුවට එකතු කර ගත් සාන්ත අන්තෝනි කණ්ඩායම තම ස්ථාවරත්වය තරගය තුල ප්‍රදර්ශනය කිරීමට සමත් විය (43-19)

අවාසනාවන්ත ලෙස පිටියේ සිදු කළ දෝෂයක් හේතුවෙන් විනිසුරුතුමන් කහ කාඩ් පත පෙන්වා මොහොමඩ් ශබීර්ව පිටියෙන් ඉවත් කරන ලදි.

කෙසේ වෙතත් තරගයේ අවසන් භාගයේ දී අන්තෝනි ක්‍රීඩකයින් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර මලිදේවයින් තම උපරීමයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේය.

A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන මැයි

එහි දී එස්. ඩී. අයි. හේරත් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. අනතුරුව  කුරුණෑගල ක්‍රීඩකයින් තවතවත් ඉදිරියට රැගෙන යමින් එච්. ධනංජය හා එස්. සී. හේරත් විසින් උත්සාහක දිනුම් දෙකක් ලබා ගත් අතර එහි ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගැනීමට එස්. ඩී. අයි. හේරත් සමත් විය. (43-36)

මේ අනුව ලකුණු හතක පරතරයක් සහිතව තරගය ජයග්‍රහණය කිරීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 43 (6T, 5C, 1P) – 36 (5T, 4C, 1P) මලියදේව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා:  චමෝද් වනසිංහ (සාන්ත අන්තෝනි)

ලකුණු ලබා ගැනීම

සාන්ත අන්තෝනි විද්‍යාලය – කාවින්ද අමරකෝන් 1T, ඉෂාර ලියනගේ 2T, රුවන් අමරසිංහ 1T, මොහොමඩ් ශබීර් 2T, චමෝද් වනසිංහ 5C 1P

මලියදේව විද්‍යාලය –  යූ. බී. දවුලගල 1T, එච්. කේ. ගුණවීර 2C, එච්. ධනංජය 2T, එස්. සී. හේරත් 1T, එස්. ඩී. අයි. හේරත් 1T 2C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<