විද්‍යා විද්‍යාලයේ වේගයෙන් ධර්මරාජ ක්‍රීඩකයෝ පසුබසී

2436

සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ පළඟ ශූරතාවේ තවත් තරගයක් අද (12) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අතර ලකුණු 39-10ක් ලෙස තරගය ජය ගැනීමට විද්‍යා විද්‍යාලය සමත් විය.

තෝමසුවන් හමුවේ ලුම්බිණි ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ දෙවන වටයේ තවත් තරගයක් අද (12) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වූයේ…

විද්‍යා විද්‍යාලය B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායමක් ලෙස පළඟ ශූරතාවට සුදුසුකම් ලැබූ අතර A කාණ්ඩයේ ක්‍රීඩා කළ ධර්මරාජ විද්‍යාලය පළමු වටයේ දී කිසිදු තරගයක් ජය ගැනීමට සමත් වූයේ නැත.

තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම ධර්මරාජ ක්‍රීඩකයින් දෙසට හරවමින් ආරම්භක පා පහර රැක ගත් විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩක හෂාන් මදුමාධව ධර්මරාජ ක්‍රීඩකයින් මගහරිමින් විශිෂ්ට ධාවනයක යෙදී පන්දුව පි. එස්. අයි ප්‍රියදර්ශන අතට භාර දුන් අතර ඔහු කිසිදු අපහසුවකින් තොරව තරගයේ පළමු තත්පර 40 ඇතුලත උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යාමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැ නීමට විද්‍යා විද්‍යාලයට නොහැකි විය. (විද්‍යා 05-00 ධර්මරාජ)

ධර්මරාජ ක්‍රීඩකයින් ‘Line Out’ අවස්ථා සාර්ථක කර ගැනීමේ මෙන්ම පන්දුව වැඩි වෙලාවක් තමන් දෑතේ තබා ගැනීමේ දී සිදු කළ අතපසු වීම් වලින් විද්‍යා ක්‍රීඩකයින්ට පන්දුව දිනා ගැනීමට ඉතා පහසු වූ අතර විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ධර්මරාජ මීටර 22 සීමාව තරණය කළ බොහෝ අවස්ථාවල ලකුණු සමඟින් නැවත සිය අර්ධයට යෑම කැපී පෙනුනි.

නැවත වතාවක් ක්‍රියාත්මක වූ විද්‍යා ඉදිරිපෙළ වේගවත් ක්‍රීඩා රටාවක නිරත වූ අතර හෂාන් මධුමාධව පෙර ලෙසම විශිෂ්ට ධාවනයක යෙදෙමින් විද්‍යා විද්‍යාලය වෙනුවෙන් 9 වැනි මිනිත්තුවේ දී දෙවන වතාවටත් ලකුණු රැස්කිරීමට සමත් විය. ආර්. ඒ. මධුසංක එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (විද්‍යා 12-00 ධර්මරාජ)

A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන මැයි මස ආරම්භ වීමට නියමිත අතර ඉහළම කාණ්ඩය වන A කාණ්ඩයට පිවිසීමේ…

ධර්මරාජ අර්ධයේම පළමු අර්ධයේ කල් ගත කළ විද්‍යා ක්‍රීඩකයෝ 16 වන මිනිත්තුවේ දී සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින්  යොදා ගනිමින් තෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේය. ’Scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගත් විද්‍යා අංක අට ක්‍රීඩක සී. එස් .එස්. ෆොන්සේකා මෙවර උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර මදුසංක හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (විද්‍යා 17-00 ධර්මරාජ)

ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු රැස්කර ගැනීමට තිබූ අවස්ථා උදාකර ගැනීමට නායක බුවනෙක උඩන්ගමුවගේ පන්දුවට පා පහර දීම මගින් පන්දුවත් සමඟ විද්‍යා අර්ධය ආක්‍රමණය කළ නමුත් බොහෝ අවස්ථාවල විද්‍යා ක්‍රීඩකයින් කළ බාධා කිරීම් හමුවේ ධර්මරාජ ක්‍රීඩකයින් අතින් පන්දුව ගිලිහෙනු දක්නට ලැබුණි.

පළමු අර්ධය අවසානයට මිනිත්තු 10ක් තිබිය දී විද්‍යා ක්‍රීඩකයින් සිව්වැනි වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර පෙර ලෙසම සිය පසුපෙළ ක්‍රීඩකයින්ගේ වේගය යොදා ගනිමින් අලංකාර ලෙස එම උත්සාහක දිනුම වාර්තා කරනු කැපී පෙනුණි. එච්. එස් සාමරත්න එම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මදුසංක සමත් විය. (විද්‍යා 24-00 ධර්මරාජ)

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 24 – 00 ධර්මරාජ විද්‍යාලය

පළමු අර්ධයේ මෙන් නොව දෙවන අර්ධයේ දී ධර්මරාජ ක්‍රීඩකයෝ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව තරගයට අවතීර්ණ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යා ක්‍රීඩකයින් හට තරගයේ පළමු වරට පීඩනයක් එල්ල කරමින් සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් සිය පළමු උත්සාහක දිනුම රැස්කර ගැනීමට සමත් විය. මනුක හියාරපිටිය එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. (විද්‍යා 24-05 ධර්මරාජ)

ධර්මරාජ ක්‍රීඩකයින්ගේ පීඩනය හමුවේ විද්‍යා ක්‍රීඩකයින්ට පෙර ලෙස නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවුණු නමුත් ලද අවස්ථාවක් අනගි ලෙස සාර්ථක කර ගත් විද්‍යා විද්‍යාලයේ එච්. එස්. සාමරත්න 45 වන මිනිත්තුවේ දී දෙවන වතාවටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මදුසංක හට නොහැකි විය. (විද්‍යා 29-05 ධර්මරාජ)

නැවත වරක් සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින්ම යොදා ගනිමින් ධර්මරාජ ක්‍රීඩකයින් විද්‍යා අර්ධය ආක්‍රමණය කළ අතර ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් පන්දුව ලබාගත් නායක බවන්ත උඩන්ගමුව විද්‍යා ක්‍රීඩකයින් මර්දනය කරමින් අලංකාර ලෙස උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. එහි ප්‍රවර්තනයට ඔහුම උත්සහ කළ නමුත් එය සාර්ථක කර ගැනීමට ඔහු සමත් වූයේ නැත. (විද්‍යා 29-10 ධර්මරාජ)

දිගින් දිගටම ක්‍රීඩකයින් සිය මීටර 22 සීමාවට සිර කළ විද්‍යා ක්‍රීඩකයෝ තවත් වරක් ධර්මරාජ විද්‍යාලයීය උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යමින් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී ලකුණුත් සමඟ නැවත සිය අර්ධයට පැමිණීමට සමත් විය. තරුෂ සිල්වා එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මදුසංක හට නොහැකි විය. (විද්‍යා 34-10 ධර්මරාජ)

විශ්ව විද්‍යාල රග්බි ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙනුත් සංචිතයක්

වර්තමානයේ දී ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවෙන් දිගින් දිගටම ජයග්‍රහණ දිනා ගනිමින් ඉදිරියටම ගමන් කර අතර ලෝක විශ්ව විද්‍යාල රග්බි ශූරතාවය කරා යන්නට ද ශ්‍රී ලංකාව…

තරගයේ අවසානය භාගයේ ද ලකුණු රැස්කර ගැනීමට තිබූ සිය උනන්දුව අත් නොහල විද්‍යා ක්‍රීඩකයෝ තරගයේ අවසාන මිනිත්තුවේ ද උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ඉමේත් රවීන් එම උත්සාහක දිනුමට හිමිකම් කීය. මදුසංක එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට අසමත් වූ අතර විනිසුරුගේ නලාවෙන් තරගයේ ජය ලකුණු 39-10ක් ලෙස විද්‍යා විද්‍යාලයට හිමි විය.

අවසාන ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 39 (7T,2C) – 10(2T) ධර්මරාජ විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • විද්‍යා විද්‍යාලය: හෂාන් මධුමාධව (1T), තරුෂ සිල්වා (1T), ඉමේත් රවින් (1T), එච්. එස්. සාමරත්න (1T), සී. එස්. එස්. ෆොන්සේකා (1T), පී. එස්. අයි. ප්‍රියදර්ශන (1T), ආර්. ඒ මදුසංක (2C)
  • ධර්මරාජ විද්‍යාලය: මනුක හියාරපිටිය (1T), බවන්ත උඩන්ගමුව (1T)           

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<