අවසාන මොහොතේ උත්සාහක දිනුමෙන් ඉසිපතනයට ජය

2272

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ, කුසලාන ශූරතාවේ තවත් තරගයක් ලෙස කොළඹ ඉසිපතන විද්‍යාලය මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හමු වූ අතර උණුසුම් තරගයකට පසු ලකුණු 10-05ක් ලෙස ජයග්‍රාහීව නැවත කොළඹට එන්නට ඉසිපතන විද්‍යාලය සමත් විය.

දෙවැනි අර්ධයේ මෙහෙයුමෙන් ජය විද්‍යාර්ථයට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ කුසලානය වෙනුවෙන් ඊයේ (11) පැවති තරගයෙන්…….

ඉසිපතන නායක මනිල්ක රුබේරුගේ පාදයේ පන්දුව ගැටීමත් සමඟම නිත්තවෙල ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද වැටීම ආරම්භ වූ අතර කණ්ඩයම් දෙකේම සුපුරුදු රිද්මයට වර්ෂාව හේතුවෙන් පන්දුව ලිස්සා යෑම දැඩි බාධාවක් විය.

පළමු මිනිත්තු දහය පුරා කණ්ඩයම් දෙකම කරට කර සටනක නිරත වූ නමුත් කණ්ඩයම් දෙකේම පසුපෙළ ක්‍රීඩකයින් පන්දුව හුවමාරු කරමින් ප්‍රතිවාදී කණ්ඩයමේ ක්‍රීඩකයින්ට සැලකිය යුතු පීඩනයක් එල්ල කිරීමට සමත් නොවීය.15 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ඉසිපතන ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවන්නට ඉසිපතන නායක මනිල්ක රුබේරු සමත් විය. (ඉසිපතන 03-00 කිංග්ස්වුඩ්)

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගෙන දිගින් දිගටම ඉසිපතනය අර්ධය ආක්‍රමණය කළ නමුත් ඉසිපතන ක්‍රීඩකයින් මීටර 22 සීමාව තරණය කිරීමට නොදී ඔවුන්ව නතර කරද්දී පන්දුව හැසිරවීමේ දී කළ අතපසුවීම් හේතුවෙන් ලකුණු රැස්කර ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට අහිමි විය.

26 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් විද්‍යාලයේ අසිරි සෙනෙවිරත්න හට ඉසිපතනයේ අංජන කුලසේකර අනවශ්‍ය බාධාවක් කළ නිසා කිංග්ස්වුඩ් විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ නමුත් හිරුෂ සම්පත් හට එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නොහැකි විය.

31 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් ඉසිපතනයේ මීටර 22 සීමාව ඇතුළත තියුණු ආක්‍රමණයක් දියත් කළ නමුත් බිඳවැටීම් කිහිපයකට පසුව ලකුණු රැස්කර ගැනීමට තිබූ ආසන්න අවස්ථාවක් කිංග්ස්වුඩ් ඉදිරිපෙළින් ගිලිහි ගියේය.

පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සිය වේගවත් පසුපෙළ භාවිතා කරමින් තරගයේ පළමු වතාවට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ඉසිපතන ක්‍රීඩකයින් මැඩලමින් උත්සාහක දිනුම් සීමාවට ලිස්සා ගිය රුචිර ඒකනායක ඉසිපතන ලකුණු පුවරුව පසුකර යන්නට සමත් විය. (ඉසිපතන 03-05 කිංග්ස්වුඩ්)

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 03 – 05 කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙවන අර්ධයේ ද ක්‍රීඩකයින් සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට මුසු වීමට උත්සහ කළ ද කණ්ඩයම් දෙකම සිය සුපුරුදු දක්ෂතාවලට පිවිසීමට සමත් වූයේ නැත. යම්තාක් දුරට හෝ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයකින් ක්‍රීඩා කළේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පමණක් වූ අතර සෑහෙන වෙලාවක් උත්සහ දැරීමෙන් පසු ලකුණු රැස්කිරීමට තිබූ අවස්ථාවන් පන්දුව අතහැරීම නිසා හෝ ඉසිපතන ක්‍රීඩකයින් නිසා පිටියෙන් ඉවතට විසි වීමෙන් හෝ ඔවුන්ට අහිමි විය.

කුරුණෑගල උත්සාහය අපතේ යවමින් ජය මහනුවරට

2018 ‘සිංගර්’ අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවයේ පළමු තරගය අද (12) දිගන පළාත් …..

කණ්ඩයම් දෙකේම ක්‍රීඩකයින් පන්දුවට පා පහර දෙමින් ඉදිරියට යාමට උත්සහ කළ නමුත් එම උත්සාහයන් ද සාර්ථක වූයේ නැත. 50 වන මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ලකුණු රැස්කර ගැනීමට තිබූ අවස්ථාවක් පන්දුව ‘Knock On’ වීම නිසා ගිලිහි ගිය අතර 62 වැනි මිනිත්තුවේ දී නිසැකවම උත්සාහක දිනුමක් කරා යාමට තිබූ අවස්ථාවක් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ගේ දක්ෂ බාධා කිරීමක් හමුවේ ඉසිපතන ක්‍රීඩකයින්ට අහිමි විය.

අවසාන මිනිත්තු කිහිපය තුල ඉසිපතන ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් ඉදිරියට යාමට උත්සහ කළ අතර ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුව ඉසිපතන පසුපෙළට ලබා දීමෙන් අනතුරුව 65 වන මිනිත්තුවේ දී විශිෂ්ට ධාවනයට නිරත වූ අශාන් ගුණසේකර ඉසිපතනය වෙනුවෙන් වැදගත්ම අවස්ථාවේ වටිනාම උත්සාහක දිනුම රැස්කර ගැනීමට සමත් විය. අලංකාර ප්‍රවර්තනයකින් මනිල්ක රුබේරු හට ලකුණු පරතරය තවත් ඉහළ දැමූ අතර ජයග්‍රහණය සඳහා කිංග්ස්වුඩ් විද්‍යාලයට මිනිත්තු පහක් තුල දී ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් අවශ්‍යව තිබුණි. (ඉසිපතන 10-05 කිංග්ස්වුඩ්)

විද්‍යා විද්‍යාලයේ වේගයෙන් ධර්මරාජ ක්‍රීඩකයෝ පසුබසී

සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ පළඟ ශූරතාවේ තවත්……

අවසාන මිනිත්තුවේ කිංග්ස්වුඩ් කණ්ඩායමට ඔවුන්ගේ මීටර 22  සීමාව තුල ‘Scrum’ අවස්ථාවක් ලැබුණු අතර පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළ කිංග්ස්වුඩ් ඉදිරිපෙළ පන්දුව සිය පසුපෙළට භාර දීමෙන් අනතුරුව මොහොතකට බලාපොරොත්තු ඉහළ දමමින් දිනාල් ඒකනායක විශිෂ්ට ධාවනයක නිරත වූ නමුත් දඬුවම් පහරක් දිනා ගැනීමත් සමඟම (holding on) දිනාල් නවත්වමින් තරගය ද ජය ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 10 (1P,1T,1C) – 05 (1T) කිංග්ස්වුඩ් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: මනිල්ක රුබේරු (ඉසිපතන)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතන විද්‍යාලය: මනිල්ක රුබේරු (1P,1C), අශාන් ගුණසේකර (1T)
  • කිංග්ස්වුඩ් විද්‍යාලය: රුචිර ඒකනායක(1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<