සාන්ත පීතර හා ගුරුකුල සුපිරි අටට

560
Schools Cricket March 5th roundup

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ සීමිත පන්දුවාර තරගාවලියේ තරග දෙකක් හා සුහද දෙදින තරග දෙකක් අද (5) ක්‍රියාත්මක වූ අතර සීමිත පන්දුවාර තරගවල දී ජයග්‍රහණ ලබාගත් සාන්ත පීතර විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය සුපිරි 8 වටයේ සිය ස්ථානය වෙන්කරවා ගත්තේය.

තර්ස්ටන්වරුන් ඩබ්. ඒ. ද සිල්වා කුසලානය දිනති

තර්ස්ටන් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර 38 වැනි වරටත් පැවැත්වූ සහෝදරයින්ගේ සංග්‍රාමයේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය …

අද දිනයේ පැවැත්වූ තරගවල දී සන්තුෂ් ගුණතිලක, හංසික වැලිහිඳ, ඉසුරු දයානන්ද හා මලිඳු විදුරංග යන ක්‍රීඩකයින් දස්කම් දැක්වූහ.

සුපිරි 16 දෙනාගේ සීමිත පන්දුවාර තරගාවලිය

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

මුවර්ස් පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වූ මේ තරගයේ දී සසිඳු නානායක්කාර නොදැවී අර්ධ ශතකයක් ලබා ගත්තේය.  මීට අමතරව සංදීප චමෝද් හා මදුෂ්ක සමිත් පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 35ක් ලබාගෙන සාන්ත ඇලෝසියස් විද්‍යාල ඉනිම ලකුණු 201ක් දක්වා රැගෙන ගියේය. සාන්ත පීතර විද්‍යාල නායක සන්තුෂ් ගුණතිලක ලකුණු 33කට කඩුලු 3යි.

ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලය පන්දුවාර 47යි පන්දු දෙකක් තුල සිය ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 4ක් පමණක් වැය කරමිනි. දකුණතින් පිත්ත හසුරුවන නායක සන්තුෂ් ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක ශලිත් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 62ක් හා ලකුණු 59*ක් ලබා ගත්හ.

අවසානයේ සාන්ත පීතර විද්‍යාලය මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත්තේ සීමිත පන්දුවාර තරගාවලියේ සුපිරි 8 වටයේ සිය ස්ථානය ද වෙන්කරවා ගනිමිනි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 201/8 (50): සසිඳු නානායක්කාර 51*, සංදීප චමෝද් 39, මදුෂ්ක සමිත් 35, අශේන් බණ්ඩාර 27, සන්තුෂ් ගුණතිලක 3/33, සචින් සිල්වා 2/47.

සාන්ත පීතර විද්‍යාලය – 202/4 (47.2): සන්තුෂ් ගුණතිලක 62, ශලිත් ප්‍රනාන්දු 59*, හරීන් බුද්ධිල 2/30.

අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ

මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර 89 වැනි වරට පැවති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා…


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවැත්වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පළමුව පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ රවිඳු ප්‍රනාන්දු ලකුණු 41ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ලසිත් කෲස්පුල්ලේ හා අශාන් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 35ක් හා ලකුණු 33ක් ලබාගෙන ඔවුන්ගේ විද්‍යාල ලකුණු පුවරුව ලකුණු 198ක් දක්වා ඔසවන ලදි. යුශාන් මලිත් කඩුලු 3යි.

දකුණතින් පිත්ත හසුරුවන මලිඳු විදුරංගගේ ලකුණු 44*ක වර්ණවත් ඉනිම නිසාවෙන් ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ගුරුකුල විද්‍යාලය එම ඉලක්කය කඩුලු 7ක් පමණක් වැය කරමින් සපුරා ගන්නා ලදි. මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ක්‍රීඩක ලසිත් කෲස්පුල්ලේ ලකුණු 31ක් තුළ කඩුලු 3ක් දවා ගන්නා ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 198 (44.3): රවිඳු ප්‍රනාන්දු 41, ලසිත් කෲස්පුල්ලේ 35, අශාන් ප්‍රනාන්දු 33, යුශාන් මලිත් 3/32, ලසිඳු අරෝෂ 2/27.

ගුරුකුල විද්‍යාලය – 202/7 (47.2): මලිඳු විදුරංග 44*, ලසිත් කෲස්පුල්ලේ 3/31.

දෙදින සුහද තරග


මහින්ද විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක  තර්ස්ටන් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි මහින්ද විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන හංසික වැලිහිඳ දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 81ක් ලබා ගත්තේය.

දක්ෂ ලෙස පන්දු යවමින් තර්ස්ටන් විද්‍යාලයට සවියක් වූ ජනුෂ්ක ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තේ මහින්ද විද්‍යාල පිතිකරුවන් අසරණ කරමිනි. කෙසේ වෙතත් තරගයේ පළමු දිනය නිමා වන විට තර්ස්ටන් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 78ක් පමණක් ලබාගෙන සිටි නිසා තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට සංචාරක මහින්ද විද්‍යාලය සමත් විය.

මහින්ද විද්‍යාලය – 147 (59.2): හංසික වැලිහිඳ 81, නවෝද් පරණවිතාන 22, ජනුෂ්ක ප්‍රනාන්දු 4/49, අයේෂ් හර්ෂණ 3/15, සවන් ප්‍රභාෂ් 2/16

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 78/8 (33):

84 වැනි සාන්තුවරයන්ගේ සටනේ වීරයා ජෙහාන් ඩැනියල්

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වූ 84 වන සාන්තුවරයන්ගේ මහා සටන …


ධර්මරාජ විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

තවත් සුහද තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනාගත් සත්කාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

පළමු දිනයට තරගය නවතා දමන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 302ක් ලබාගෙන සිටියේය. එහි දී ඉසුරු දයානන්ද ශතකයක් ලබාගෙන මැදපෙළ සවිමත් කළ අතර මුල්පෙළ පිතිකරුවන් වන දුලාජ් බණ්ඩාර හා කසුන් ගුණවර්ධන අර්ධ ශතක දෙකක් ලබාගෙන මලියදේව පන්දු යවන්නන් හට සංග්‍රහ කළේය. පළමු දිනයට තරගය නවතා දමන විට නොදැවී ක්‍රීඩා කරන ඉසුරු ලකුණු 103*යි. සංජීව ප්‍රියදර්ශන කඩුලු 3යි.

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  – 302/9 (93): ඉසුරු දයානන්ද 103*, දුලාජ් බණ්ඩාර 64, කසුන් ගුණවර්ධන 53, සංජීව ප්‍රියදර්ශන 3/53, කවීන් බණ්ඩාර 2/57.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (6) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<