මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ශූරතාව ජය ගන්නට හැකි වෙයි ද?

මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු..

TPBC 2016 – සාරාංශයක්

පසුගිය වසරේ තරගාවලියේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව වටයේ දී එම වසරේ තරගාවලියේ ශූරයින් බවට පත්වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වෙමින් තරගාවලියෙන් ඉවත් විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පසුගිය අවුරුදු කිහිපයේ දී ම ඔවුන් සහභාගී වූ තරගාවලිවල දී අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති නමුත් තවමත් ඔවුන් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත්ව නැත.

කණ්ඩායම

2017 තරග වාරය සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ප්‍රවීන් අල්විස්ට ය. පසුගිය තරග වාරය අවසානයේ කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයින් සිව්දෙනා කණ්ඩායමට සමු දුන්නත් තවමත් අනෙක් ඕනෑම කණ්ඩායමකට ප්‍රබල අභියෝගයක් විය හැකි කණ්ඩායමක් ඔවුන් සතුව ඇත. එමෙන්ම මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම දක්‍ෂතා, ක්‍රීඩකයින්ගේ උස සහ වේගය යන සෑම අංශයකින්ම සමබර කණ්ඩායමක් ලෙස හඳුනාගත හැක.   

ඔවුන් කණ්ඩායමේ ශක්තිමත් අංශයක් ලෙස මැදි දුර ලකුණු ලබා ගන්නන් සලකන අතර ඒ අනුව ඔවුන් ඒ කෙරෙහි ඔවුන්ගේ මූලික අවධානය යොමු කර ඇත. පසුගිය වසරේ කණ්ඩායම හා සංසන්දනය කරද්දී සමස්තයක් ලෙස ප්‍රහාරාත්මක හැකියාවන් වර්ධනය කර ගැනීමට මෙවර ඔවුන් කටයුතු කළ ඇති අතර තරගවල ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දුර සිට ලකුණු ලබාගැනීම කෙරෙහි ද ඔවුන් මෙවර විශේෂ අවධානයක් යොමු කර ඇත.

පාසල් නිවාඩු කාලය යොදා ගනිමින් ඔවුන් සිය පුහුණුවීම් කටයුතු ඉහළ නංවා ඇති අතර ඒ අනුව ඔවුන් සතියකට දින 5ක් පුහුණුවීම් කටයුතුවල නිරත වෙයි. කෙසේ නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පසුගිය කාලයේ දී ඩෙංගු උණ සහ විවිධ ආබාධ වලින් පීඩා විඳි අතර එමනිසා පුහුණුවීම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම ඔවුන්ට අභියෝගයක් වී ඇත.

නායක ප්‍රවීන් අල්විස්,

Captain - Maris Stella College“මෙවර මට ලැබිලා තියෙන කණ්ඩායම ගැන වගේම පුහුණුකරුවන් ගැනත් මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි සෑම තරගයක්ම අපේ උපරිමයෙන් ක්‍රීඩා කරනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යන්න අපිට පුළුවන් වෙයි කියලා.”

ප්‍රධාන පුහුණුකරු සමන්ත කන්දෙගෙදර,

Head Coach - Maris Stella College“මෙවර අපිට ඉන්න කණ්ඩායම අත්දැකීම් බහුල කණ්ඩායමක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් සෑම තරගයක්ම ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කරයි කියලා.”

සංචිතය

ප්‍රවීන් අල්විස් (නායක), ජෝනාක් පෙරේරා, දුලාන් ශමින්ද, ප්‍රබෝද් සුබසිංහ, මල්ෂාන් රුමායිස්, සිනෙත් ලේටන්, ධනුෂ්ක ප්‍රනාන්දු, ප්‍රමෝද් සුබසිංහ,චෙනුර ද අල්විස්, දිමෝග් රෝචන, යොහාන් කාවින්ද, ආලෝක ප්‍රනාන්දු

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<