කවිදු සාන්ත ජෝන් ඉනිම ස්ථාවර කරයි

653
St Thomas's Matara finish the day on a high

සිංගර් කුසලාන දෙදින අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන දෙවන කාණ්ඩයේ අවසන් මහා තරගය අද (22) මග්ගොන සරේ ගම්මාන පිටියේ දී ආරම්භ විය.

නොතිබූ ජයක් ගෙනෙන්නට උත්සාහ දැරූ පන්දු යවන්නන්ගේ වෑයම වරදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 5කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ නායකයා තම විදුහලේ පන්දු යවන්නන් මත පූර්ණ විශ්වාසය තබා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

නමුත් සාන්ත ජෝන් විද්‍යාලයේ පළමු කඩුල්ල ඉක්මනින් දැවී ගිය පසු පිටියේ ස්ථාවර වූ කවිඳු හශාන් හා සිතුම් තෙල්ගේ සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවූයේ, සාන්ත තෝමස් විද්‍යාලය කාසියේ වාසිය උරගා බැලීමේ දී ගත් තීරණය නිවැරදි දැයි නැවතත් සිතා බැලීමට අවස්ථාවක් උදා කරමිනි. නමුත් තම කණ්ඩායම වැටී සිටින අපහසුතාවය මනාව වටහා ගත් සාන්ත තෝමස් පන්දු යවන්නන් එම සබඳතාවය ඉක්මනින් බිඳ දැමීමට සමත් විය. දක්ෂ පිතිකරණයක නිරත වූ කවිඳු හශාන් ලකුණු 59ක් ලබාගෙන සිටිය දී දැවී ගිය අතර, ඔහුගේ ඉනිමට වර්ණවත් පහර කිහිපයකින් අන්තර්ගත විය. ඔහුගේ දැවී යාමත් සමඟින් අනෙක් අන්තය ශක්තිමත් කළ සිතුම් තෙල්ගේ, ලකුණු 49ක් ලබා ගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර ඒ සමඟින් ඔහුට අර්ධ ශතකය වාර්තා කර ගැනීමේ අවස්ථාව ද ගිලිහී ගියේය. කෙසේ නමුත් ඔහුගේ එම ලකුණු 49 ලබා ගැනීම සඳහා ඔහු තාක්ෂණයෙන් පිරි පහර කිහිපයක් ඒ වන විට එල්ල කර තිබුණි.

රුක්ෂාන් දිසානායක මැදපෙළ ශක්තිමත් කරමින් ලකුණු 42ක් ලබාගෙන මනා පිතිකරණයක් දියත් කරන ලද්දේ තම විද්‍යාලයට ලකුණු 200ක පමණ ඉලක්කයකට යාමට මඟ විවර කරවමිනි. අවසානයේ සාන්ත ජෝන් විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 207කට සීමා කර වීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් විය. එහි දී ප්‍රවීන් මදුෂාන් දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව හෂිම් දිල්මින් කඩුලු 3ක් දවා ගත්තේය.

දිනය අවසන් වීමට සුළු මොහොතකට පෙර තම පළමු ඉනිම ආරම්භ කළ සාන්ත තෝමස් විද්‍යාලය, දිනය අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 33ක් රැස්කර ගන්නා ලදි.

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙටයි (23).

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – 207/09 (පන්දුවාර 80.4): කවිඳු හශාන් 59, සිතුම් තෙල්ගේ 49, රුක්ෂාන් දිසානායක 42, ප්‍රවීන් මදුෂාන් 4/64, හෂිම් දිල්මින් 3/63

මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 33 (පන්දුවාර 12)