වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් දෙවන කාණ්ඩයේ සත් සාමාජික රග්බි තරගාවලිය පසුගිය 15 හා 16 දෙදින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ශූරතාවය දිනා ගැනීමට පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලය සමත් විය.

අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවය අපරාජිත පේරාදෙණියට

2017 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (12) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති..

පළමු කාණ්ඩයේ තරගාවලිය අත්කරගත් සාර්ථකත්වය නිසා ඉදිරියේ දී පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ ආසියානු රග්බි තරගාවලිය සඳහා දක්‍ෂයින් හඳුනා ගැනීමේ අරමුණින් තරගාවලිය දෙවන කාණ්ඩයේ පාසල් සඳහා ද පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කරනු ලැබීය. ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් ගණන 32කි.

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලය සහ මහානාම නවෝද්‍යා පාසල සුදුසුකම් ලැබූ අතර එහි දී ලකුණු 12-7ක් ලෙස තරගය ජයග්‍රහණය කළ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලය තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තවදුරටත් තරගාවලියේ පලඟ ශූරතාවය සඳහා පැවති අවසන් තරගයට කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය සහ ගිංතොට විද්‍යාලය සුදුසුකම් ලැබූ අතර එහි දී තරගය ලකුණු 54-00ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය පලඟ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ බඳුන ශූරතාවය දිනා ගනු ලැබුවේ අවසන් තරගයේ දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 20-00ක් ලෙස පරාජයට පත්කරනු ලැබූ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය යි. එමෙන්ම තරගාවලියේ පලිහ ශූරතාවය දිනා ගනු ලැබුවේ අවසන් මහා තරගයේ දී රත්නපුර ශාන්ත ලූක් විද්‍යාලය පරාජයට පත්කරනු ලැබූ මහරගම ජනාධිපති විද්‍යාලය යි.

තරගාවලිය පුරාවට දක්‍ෂතා දැක්වූ සරසවි උයන මහා විද්‍යාලයීය කණ්ඩායමේ අපෝන්සු තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ අනුව වයස අවුරුදු 18න් පහළ තරගාවලි අවසන් වීමත් සමඟ මීළඟට පාසල් රග්බි පිටිය වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමක් ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත තරගාවලිය වෙත මෙම සති අන්තයේ දී යොමු වන අතර ඉන් අනතුරුව මෙම මස අවසානයේ දී එම වයස් කාණ්ඩයේම කණ්ඩායමක් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත තරගාවලිය පැවැත්වේ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට