ඇමතිතුමාගේ ආරාධනාව සංගක්කාරත් ප්‍රතික්ෂේප කරයි

156

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ උපදේශකයෙකු ලෙස එක්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කළ ආරාධනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සංගක්කාරට ප්‍රථම මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් හා රොෂාන් මහානාම ද එම ආරාධනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මුත්තයියා සහ රොෂානුත් ඉල්ලීම අහක දමයි

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉකුත් 14 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයන් ලෙස පැමිණීමට සිදු කළ විවෘත ආරාධනය ශ්‍රී ලංකාවෙන්…

හිටපු සාර්ථක ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙක් වූ සංගක්කාර 2009 විස්සයි විස්ස හා 2011 එක්දින ලෝක කුසලාන වල අවසාන තරගය දක්වා ශ්‍රී ලංකාව මෙහෙයවීමට සමත් වුනා. සංගක්කාර ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස තිලංග සුමතිපාල මහතා 2016 දී නම් කළ අතර අනතුරුව එවකට ක්‍රීඩා අමාත්‍යව සිටි දයාසිරි ජයසේකර මහතා ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් තුල සිදු විය යුතු වෙනස්කම් සොයා බැලීමේ කමිටුවකට ද පත් කළා.  

ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ ඔහු සඳහන් කර තිබුණේ ක්‍රීඩා නීතිය හා ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ඔහු ඇතුලත්ව සිටි එම කමිටුවෙන් ගත් තීරණ ක්‍රියාත්මක නොකළ බවත්, එම නිසා ඒ සඳහා වැය කළ කාලය සම්පූර්ණයෙන්ම අපතේ ගිය බවත්ය.

සංගක්කාර ක්‍රීඩා ඇමතිතුමා වෙත යොමු කළ ලිපියේ උපුටා ගැනීමක්:

“මම බොහොම ස්තුතිවන්ත වෙනවා මට මෙවැනි ආරාධනයක් සිදු කිරීම පිළිබඳව, කෙසේ වුවත් මම බොහොම ගෞරවාන්විතව එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ මෙවැනිම කමිටුවක මම මීට ප්‍රථම කටයුතු කළ නිසයි. මම මාස හයක් පමණ එම කමිටුවේ කටයුතු කළා නමුත් අපි සිදු කළ වෙනස්කම් ක්‍රියාත්මක වුනේ නැහැ, ඒ කාලය සම්පූර්ණයෙන්ම අපතේ ගියා.

සංගා, මහේල, මුරලි, අරවින්ද සහ රොෂාන්ට උපදේශක තනතුරු?

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි විවෘත…

ඔබගේ යෝජනාව එවැනිම කමිටුවකට ආරාධනාවක් යැයි සිතීම අසාධාරණ වුනත් පැරණි අත්දැකීම් අනුව එසේ සිතීම සාධාරණයි. මම සිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වන්නේ තාවකාලික වෙළුම් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවශ්‍ය වන්නේ ස්ථිර විසඳුම්.

මේ අවස්ථාවේ ඉදිරියට නොපැමිණෙන ඇත්තටම යමක් කිරීමට උවමනා බොහෝ ක්‍රීඩකයෝ සහ පරිපාලකයෝ විශාල ප්‍රමාණයක් සිටිනවා. නමුත් ඔවුන් සිතනවා දේශපාලන උවමනා සඳහා ඔවුන් ඉත්තන් ලෙස භාවිතා කරනවා කියා.

ඔබට හැකි වේ නම් ජනාධිපතිතුමන්ගේ, අග්‍රාමාත්‍යතුමන්ගේ හා අනෙක් බලධාරීන්ගේ සහයෝගය හා උදව්ව රැගෙන ව්‍යවස්ථාව හා අනෙකුත් වෙනස්කම් කරන්න අන්න එවිට මගේ හා තවත් රැසකගේ උදව්ව හා සහයෝගය ඔබට හිමි වේවි.   

මා නැවත වතාවක් ඔබට ස්තුතිවන්ත වනවා මේ ආරාධනාව පිළිබඳව. මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<