සංගක්කාර තවත් විස්සයි විස්සකට සූදානම්

361

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර හොංකො හිදී පැවැත්වෙන “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ ගැලැක්සි ගැලඩියේටර්ස් ලැන්ටාවු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා අභියෝගය ඉන්දියාව ජය ගනී

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (10) විශිෂ්ට හා ප්‍රහාරත්මක පිතිකරණයක් දක්නට ලැබුණු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය ඩුබායි හිදී අවසන්…

පෙබරවාරි 6 වැනිදා ආරම්භ වන මෙම ක්‍රිකට් තරගාවලිය පළමු වරට පැවැත්වුණේ 2016 වර්ෂයේ දී වන අතර එය මෙවර පැවැත්වෙන්නේ තෙවන වරටයි. පසුගිය වසරේ (2017) දී ශූරතාවය දිනා ගත්තේ කව්ලූන් කැන්ටුන්ස් කණ්ඩායම විසිනි.

ලෝක පූජිත ක්‍රීඩකයෙක් වන සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 12,400ක් ලබාගෙන ඇති අතර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දී ලකුණු 14,234ක් ලබාගෙන ඇත.

නිමා වූ මෙම තරගාවලියේ දී සංගක්‌කාර හොංකො හි ක්‍රිකට් ක්‍රීඩක අනුශ්මාන් රාත් සමඟින් හොඳ මිතුරු සබඳතාවයක් පවත්වා ගෙන ඇති අතර එය තවදුරටත් පවත්වා ගැනීමේ අරමුණින් සංගක්කාර මෙවර පැවැත්වෙන මෙම තරගාවලියටත් සහභාගී වීමට තීරණය කර ඇත.

රාත්, හොංකො  ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහු මෙවර පැවැත්වෙන “T20 බ්ලිට්ස්”  තරගාවලියේ දී සිටි කයිටාක් කණ්ඩායම නියෝජනය කරනු ඇත.

“මම හුඟක් ආසයි මෙම තරගාවලියේ නිමා වූ ක්‍රිකට් තරගාවලියට. මම ගැලඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන තෙවන අවස්ථාව මෙය වන අතර මම ඉක්මනින්ම එම කණ්ඩායම සමඟින් එකතු වෙන්න ආසාවෙන් ඉන්නේ.” යැයි  සංගක්කාර සිය අදහස් දක්වමින් සඳහන් කර ඇත.

“මම ආසයි මේ හොංකො ක්‍රිකට් අත්දැකීමට. ඒ  ක්‍රීඩකයින් සමඟ මගේ දක්ෂතා අතරට පැමිණිලා උද්යෝගිමත්ව මේ තරගාවලිය නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි සංගක්කාර වැඩිදුරටත් පවසන ලදි.

2017 වර්ෂයේ දී ගැලැක්සි ගැලඩියේටර්ස් ලැන්ටාවු කණ්ඩායම හට සිය දක්ෂතා නිසි ලෙස පෙන්වීමට අවස්ථාව උද නොවූ අතර එහි දී ඔවුන් සහභාගී වූ තරග 4 අතුරෙන් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක තරගයක් පමණි.

පෙබරවාරි මස 6 වනිදා සිට 11 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට වත්මන් ශූර කව්ලූන් කැන්ටුන්ස්, සිටි කයිටාක්, ගැලැක්සි ගැලඩියේටර්ස් ලැන්ටාවු,  හුන්ග් හොන්ග් JD ජගුවර්ස්, හොංකො අයිලන්ඩ් යුනයිටඩ් යන කණ්ඩායම් සහභාගී වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<