“ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුව මැතිව්ස්“- සංගක්කාර

1967

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සාර්ථක වීමට නම් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බව සංගක්කාර ප්‍රකාශ කර සිටියා. ඔහු මේ අදහස් දැක්වූයේ ICC නිල වෙබ් අඩවියට අදහස් දක්වමින්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පිට පිට ශතක හතරක්  වාර්තා කළ ලොව එකම ක්‍රීඩකයා වන සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර විශ්වාස කරන්නේ ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා ඉතා වැදගත් වනු ඇති බවයි.

මාලින්ද පුෂ්පකුමාරගෙන් යළිත් දක්ෂ පන්දු යැවීමක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ….

සංගක්කාරට අනුව ශ්‍රී ලංකාවේ පිතිකරණය එතරම් ගැටලුවක් නොවන නමුත් පන්දු යැවීමේ බල ඇණියේ ඇති යම් යම් දුර්වලතා නම් ගැටලුසහගත වනු ඇති බවයි.

“මම හිතන්නේ ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කරාවි (ලෝක කුසලානයේ දී)” දකුණු අප්‍රිකාවට එරෙහිව එළඹෙන ජූලි 29 වැනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට ප්‍රථමයෙන් අදහස් දැක්වූ සංගක්කාර ප්‍රකාශ කර සිටියේය.

“ඔවුන්ට විශිෂ්ට පිතිකරුවන් ඉන්නවා, මම හිතන්නේ පන්දු යැවීම තමයි ප්‍රශ්නයක් වෙන්නේ, අපිට හඹා යා හැකි තරම් ලකුණුවලට ප්‍රතිවාදීන් නවත්වා ගන්න හෝ අපේ පිතිකරුවන් රැස්කර ගන්නා ලකුණුවලට වඩා අඩුවෙන් ප්‍රතිවාදීන් නවත්වා ගන්න”

පසුගිය ජනවාරි මාසයේ දී මැතිව්ස් නැවත ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස පත්කළ නමුත් ඔහුට වරින් වර ඇතිවූ ආබාධ නිසා ඔහුට දිගින් දිගටම කණ්ඩායමේ රැඳී සිටින්නට හැකියාවක් ලැබුණේ නැත. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස් හට ලබා දී තිබේ.

පසුගිය වසරේ පැවැත්වුණු ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇන්ජෙලෝ පිතිකරණයේ පමණක් යෙදුණු අතර තරගාවලිය පුරා ආබාධයක් හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට ඔහු සමත් වූයේ නැත. සංගක්කාර විශ්වාස කරන්නේ ලෝක කුසලාන තරගාවලියේ දී අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට නම් මේ කරුණ වෙනස් විය යුතු බවයි.

“ඇන්ජෙලෝ ක්‍රීඩා කරන ආකාරයට කණ්ඩායමේ සමබරතාව රඳා පවතීවී, ඔහු පන්දු යැවීම සඳහා ශාරීරික යෝග්‍යතාවයෙන් සිටිනවා ද යන බව මත, එය තමයි ඇන්ජෙලෝගෙන් ලැබෙන වටිනාම දේ, තුන් ඉරියව්වෙන් ඔහු ගෙනෙන සමබරතාවය”

“මට විශාල විශ්වාසයක් තියනවා ‘ශ්‍රී ලංකාව වැදගත් තරගාවලි ඉතා හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්’ යන කරුණ මත”

සංගක්කාර නැවත ක්‍රිකට් පිටියට පිවිසේ ද? සංගක්කාර ඊට මෙලෙස අදහස් පළකර තිබුණා.

“ඔබට නැවත ඔරලෝසුව ආපසු හරවන්නට බැහැ, සියලු දෙනාම වයසට යනවා, මම බොහොම සතුටුයි පිටියෙන් ඉවත සිට තරගය නරඹන්නට”

“සමහර අවස්ථා තිබෙනවා මට නැවත යන්න ඕන කියලා හිතෙන, නමුත් ක්‍රීඩකයින් මහන්සි වෙන විලාසය දැක්කම මට හිතෙනවා වයස නිසා නැවත යන්න උවමනා නැහැ කියලා”

සංගක්කාරගේ අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ලෙස බලපෑ අතර සියලු දෙනා බලා සිටින්නේ මෙවර ලෝක කුසලානයේ දී සංගක්කාර නොමැතිව තරුණ ක්‍රීඩකයින් ලෝක කුසලානයේ දස්කම් දක්වන තෙක්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<