“කුක් වෙනුවට එන ආරම්භක පිතිකරුවා ඉලක්ක කරන්න” – සංගක්කාර

697
Kumar Sangakkara

මේ වන විට එංගලන්තය ලොව හොඳම “තුන් ඉරියව් කණ්ඩායම” බව තමා විශ්වාස කරන නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී නව එංගලන්ත ආරම්භක පිතිකරු සබඳතාව ඔවුන්ගේ දුර්වලතාවය වනු ඇති බව හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර ICC වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා.

ඔක්තෝබර් 10 වැනිදා ඇරඹෙන එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය එක්දින තරග පහක්, හුදකලා විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් තරග තුනක් ලෙස ඒ පිළිවෙළින්ම පැවැත්වෙනු ඇත.

පළමු තරගයේ නායකයා චන්දි; දෙවැනි තරගයේ නායකයා දිමුත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හෙට (5) එංගලන්තය සමඟ..

එංගලන්ත සුපිරි ක්‍රීඩක ඇලෙස්ටයාර් කුක් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එංගලන්තය සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර සංගක්කාර විශ්වාස කරන්නේ එංගලන්තයට ඉතා සමබර කණ්ඩායමක් තිබුනත් ශ්‍රී ලංකාව නව ආරම්භක පිතිකරුවන් ප්‍රබල ලෙස ආක්‍රමණය කරනු ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන එක එංගලන්ත කණ්ඩායමකට ඉතා අපහසුයි, නමුත් මම හිතනවා එංගලන්තය තමයි මේ වන විට ඕනෑම තත්වයක් යටතේ ලොව හොඳම තුන් ඉරියව් කණ්ඩායම, ඔවුන්ට නොම්මර 10 පිතිකරුවා වෙනකම් තුන් ඉරියව් ක්‍රීඩකයෝ ඉන්නවා, පිතිකරණ ලැයිස්තුවේ ඉතා පහළට යනකම් ඔවුන් පිතිකරණයේ නිරත වෙනවා. ඔවුන්ට ස්ථාවර පිතිකරණ ලැයිස්තුවක් සිටිනවා. වරින් වර වෙනස් නොවුණු, ඔවුන්ට හොඳ පහරවල් එල්ල කරන්නන් සිටිනවා, ඇලෙස්ටයාර් කුක් විශ්‍රාම ගිය නිසා ඔවුන් දැන් නව ආරම්භක පිතිකරු සබඳතාවයක් අත්හදා බලාවි, ඉතින් කවුරු ඒ ස්ථානයට පැමිණියත් ශ්‍රී ලංකාවට ඔහුව ඉලක්ක කළ හැකියි” ESPNcricinfo වෙබ් අඩවියට අදහස් දක්වමින් සංගා පවසා තිබුණා.

දඟපන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ශක්තියක්. සංගක්කාර විශ්වාස කරන්නේ දැන් එංගලන්තයටත් ඉතා හොඳ දඟපන්දු යවන්න බල ඇණියක් සිටින බවටයි.

වසර 3ක පරාජිත ගමන එංගලන්ත තරගාවලියේදීවත් නවතියි ද?

දෙදහස් පහළොව වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ගෙවී ගිය කාල..

“ආදිල් රෂිඩ් හා මොයීන් අලී ඉතා හොඳ දඟපන්දු යවන්නන්, ආදිල් රෂිඩ් ශ්‍රී ලංකාව තුළ තණතිලි හිදී ඉතා භයානක වේවි, ඔවුන් සතුව පසු දෝලනය (reverse swing) කරන පන්දු යවන්නන් ද සිටිනවා, ඒ නිසා ඔවුන් ලංකාව එන්නේ බොහොම ශක්තිමත් පන්දු යවන බලකායක් සමඟින්. ඔවුන්ට ඉක්මනින් හැඩ ගැසෙන්න පුළුවන්, ඔවුන්ට දඟපන්දු යවන්නන් තිදෙනෙක් අවශ්‍ය නම් ඔවුන් තිදෙනෙක්ව ක්‍රීඩා කරවන්න පුළුවන්.”

“ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට සිදු වේවි, රංගන හේරත් හා අපේ පිතිකරුවන් පළමු ඉනිමේ රැස් කරන ලකුණු මත ගොඩක් දේ තීරණය වේවි.”

ICC වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<