පාකිස්තානයට එන කණ්ඩායමේ නායකත්වය සංගාට

108

පාකිස්තානයේ ලාහෝර් හිදී 2009 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එරට ක්‍රිකට් ක්‍රීඩාව පත්වූයේ අසීරු තත්ත්වයකටය. ඉන් අනතුරුව වසර 10ක පමණ ජාත්‍යන්තර ක්‍රිකට් විරාමයක් පාකිස්තානයට හා එරට ක්‍රීඩාලෝලීන්ට උදා වූ අතර එම දීර්ඝ විරාමය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා ටෙස්ට් සංචාරයක් සඳහා එක්විය. 

ජොෆ්රා ආචර්ට දකුණු අප්‍රිකාව සමඟ විස්සයි විස්ස අහිමි වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත ……

පාකිස්තානය තම රටෙහි ක්‍රිකට් ක්‍රීඩාව නැවත නඟාසිටුවීම සඳහා පසුගිය මාස කීපයක කාලය තුල දැඩි උත්සාහයක නිරතව සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශය ද මේ වන විට පාකිස්තානයේ සංචාරයක් සඳහා එක්ව සිටී. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් තරගාවලි කීපයකම සත්කාරකත්වය පාකිස්තානය වෙත ලබා ගැනීමට එරට ක්‍රිකට් ආයතනය සමත්ව ඇත. 

කෙසේ වෙතත් එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව තවමත් තහවුරු නොමැති පසුබිමක එංගලන්තයේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් සමාජයක් වන Marylebone ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ප්‍රදර්ශන තරග කීපයක් සඳහා එක්වන බව නිවේදනය කළේය. එම ක්‍රිකට් සමාජයේ සභාපති වන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාරය. 

පාකිස්තානයේ සංචාරය සඳහා සහභාගි වන Marylebone ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාරට හිමිව ඇති අතර ඒ සඳහා සහභාගි වන සෙසු සංචිතය පසුගිය දා නම් කෙරිනි. අජ්මාල් ශශාඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ තරගාවලිය සඳහා එක්වන Marylebone කණ්ඩායමට රවී බොපාරාද ඇතුළත් වේ. එයට අමතරව මෙම සංචිතය සඳහා සෆ්‍යාන් ශරීෆ්, ස්කොට්ලන්තයේ මයිකල් ලීස්ක් හා නෙදර්ලන්තයේ රොඑලොෆ් වැන් ඩර් මෙර්වේ හා ෆ්‍රෙඩ් ක්ලාසේන් ඇතුළත්ව ඇත. 

මෙම තරග සංචාරයේ දී Marylebone ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් ක්වාලෑන්ඩර්ස්, මුල්තාන් සුල්තාන් හා පාකිස්තානයේ දේශීය විස්සයි විස්ස ශූරතාව ජයග්‍රහණය කළ උතුරු පාකිස්තාන කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතය. 

මෙම සංචාරයේ ප්‍රධානම අරමුණ ලෙස පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහතික කිරීම හා එරට ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම දක්වා ඇත. මෙම සංචාරය පිළිබඳව Marylebone ක්‍රිකට් සමාජයේ සහකාර ලේකම් ජෝන් ස්වීවන්සන් අදහස් දක්වා සිටියා. 

පාකිස්තානයේ තියෙන ආසියානු කුසලානයට ඉන්දියාව එන්න නැහැ!

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ………….

“අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා මේ සංචාරය සඳහා. ඒ වගේම අපි ශක්තිමත් කණ්ඩායමක් නම් කළා. ‍ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වගේම නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත සමබර කණ්ඩායමක් අපි සහභාගි කරවනවා.”

“අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට මේ ආරාධනාව කිරීම ගැන. එරට ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන සුපර් ලීග් සංවිධායකයන් තමයි අපිට මේ ආරාධනාව කළේ. මේ සංචාරය නිසා ඔවුන්ට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩාංගණය තෝරාගැනීම පහසුවේවි. ඒ වගේම ඒ තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් වල ක්‍රීඩකයන්ටත් මේ තරගාවලිය ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 

ක්‍රීඩා සමාජයක් විදිහට අපි අගය කරනවා පාකිස්තාන ක්‍රිකට් ආයතනය එරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්න මේ ගන්න උත්සාහයට. විදෙස් කණ්ඩායම් එරටට ගෙන්වා ගන්න ඔවුන් ලොකු උත්සාහයක් ගන්නවා. අපි හිතනවා අපේ මේ සංචාරය එයට ලොකු උදව්වක් වේවි කියලා.”

Marylebone කණ්ඩායම සහභාගි වන මෙම තරග සංචාරයේ එක් තරගයක් සඳහා ලියම් ඩෝව්සන්, සමිත් පටෙල් හා ෆිල් සෝල්ට් ද සහභාගි වීමට නියමිතය. 

තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් ද මේ වන විට නම් කර ඇත. ඒ අනුව පාකිස්තාන ශහින්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සවූද් ශකීල් හට හිමිව ඇත. එම තරගය පෙබරවාරි මස 13 සිට 19 දක්වා ලාහෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

“Marylebone ක්‍රිකට් සමාජය එක්වන මේ තරගාවලියේ වටිනාකම කියා නිම කරන්න බෑ. ඔවුන් පාකිස්තානයට එන්නේ වසර 48කට පස්සේ. ඒ වගේම එම කණ්ඩායමේ නායකත්වය ලොව විශිෂ්ටතම පිතිකරුවෙකු වගේම ගෞරවාන්විත ක්‍රීඩකයෙකු වන ඔවුන්ගේ සභාපති කුමාර් සංගක්කාර විසින් මෙහෙයවීම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු පාඩමක් කියා දෙනවා. මේකෙන් ලෝකයට ඉස්මතු වෙන්නේ ලෝකයේ පැරණිම හා ජනප්‍රියම ක්‍රීඩා සමාජ ලොව ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන දායකත්වය.” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති වසීම් ඛාන් පවසා සිටියා. 

“පාකිස්තානය තුල නැවත් ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීමට අපි ගන්නා උත්සාහයේ එක් ප්‍රතිඵලයක් මේ Marylebone තරග සංචාරය. ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර සම්පූර්ණ තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණියා. ඒ වගේම බංග්ලාදේශයත් සංචාරයක් සඳහා එක්ව සිටිනවා. ඒ වගේම ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම වගේ කණ්ඩායම් කීපයක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙලා තියනවා පාකිස්තානයට පැමිණීමට. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකයන් මෙරට ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණීමත් අපි ලබා ගත් ලොකු ජයග්‍රහණයක්. “

නවසීලන්තයේ දී ඉන්දීය විස්සයි විස්ස වාර්තා පොත අලුත් වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ……

තරගාවලිය සඳහා සහභාගි වන Marylebone ක්‍රිකට් කණ්ඩායම 

කුමාර් සංගක්කාර (නායක), රවී බොපාරා, මයිකල් බර්ගස්, ඔලිවර් හැනන් – ඩැල්බි, ෆ්‍රෙඩ් ක්ලාසෙන්, මයිකල් ලීස්ක්, ආරොන් ලිලී, ඉම්‍රාන් ක්වායූම්, විල් රොඩ්ස්, සෆ්‍යාන් ශරීෆ්, රොඑලොෆ් වෑන් ඩර් මාර්වේ, රොස් වෙයිට්ලි

පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම 

ශවූඩ් ශකීල් (නායක), ආකිෆ් ජාවේඩ්, හයිඩර් අලී, හසන් මොහ්සින්, ඉම්‍රාන් ‍රෆීක්, මොහොමඩ් මොහ්සෙන්, ඔමායිර් බින් යූසුෆ්, රොහේල් නසිර්, සයිෆ් බාඩර්, සමීන් ගුල්, උමාර් ඛාන්, සීශාන් මලික්

උතුරු පාකිස්තාන කණ්ඩායම 

රොහේල් නසීර් (නායක), ෆයිසාන් රියාස්, අලී ඉම්‍රාන්, හේයිඩර් අලී, මුබශීර් ඛාන්, මූසා ඛාන්, නවිමාන් අලී, සාර්මඩ් භට්ටි, ශශාඩ් අසාම්, ශියාස් ඛාන්, සයීඩ් අලාම්, සීශාන් මලික්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<