ක්‍රිකට් දූෂණ මඩින්න සංගාගෙන් ඉල්ලීමක්

80

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙනුවෙන් සුබ පැතීමේ උත්සවයක් පසුගිය දා සංගක්කාරගේ  ක්‍රීඩා සමාජය වන NCC ක්‍රීඩා සමාජයේ දී පැවැත්වුණා.

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද යමක් කර පෙන්වන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග අද (6…

එහි දී අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය එතරම් හොඳ නොවන බව සංගක්කාර පවසා සිටියා. එමෙන්ම සංගා NCC ක්‍රීඩා සමාජය ඇතුළු ක්‍රීඩා සමාජ කිහිපයකින් විශේෂ ඉල්ලීමක් ද කළා. 

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගැන මෙන්ම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ද ලොකු කතාබහක් පසු ගිය කාලයේ දී ඇති වුනා” සංගා පවසා සිටියා. “මම හිතනවා සෑම ක්‍රීඩා සමාජයකටම වගකීමක් තිබෙනවා හොඳ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් මෙන්ම දක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩකයින් ද බිහි කරන්න.”

“මම ශ්‍රී ලංකාවේ වගේම එංගලන්තයේ ද ප්‍රාන්ත තරග ක්‍රීඩා  කර තිබෙනවා. මම එහෙත් මේ ප්‍රශ්නය දැක්කා. ගොඩක් ප්‍රාන්ත කණ්ඩායම්, ක්‍රීඩා සමාජ කණ්ඩායම් උත්සහ කරනවා ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ තත්වය ඉහළ දන්නට. හැබැයි ඔවුන් ජාතික කණ්ඩායම ගැන හිතන්නේ නැහැ.”

“මම ඉල්ලා සිටිනවා NCC ක්‍රීඩා සමාජයට මූලිකත්වය ගන්න කියලා. ඔව්, ක්‍රීඩා සමාජය  දියුණු කරන අතරම හොඳ ජාත්‍යන්තර ක්‍රීඩකයින් බිහි කරන්න” සංගා 1997 වසරේ සිට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා තුරුම ක්‍රීඩා කළ NCC කණ්ඩායමෙන් ඉල්ලා සිටියා.

“අපි ගොඩක් කතා කළා ලංකාවේ පළමු පෙළ ආකෘතිය වෙනස් කරන්න. ගොඩක් ක්‍රීඩා සමාජ ඒකට විරුද්ධ වුනා.”

නේපාලය අසරණ කරමින් ශ්‍රී ලංකා යෞවනයින් තරගාවලියට පිවිසෙයි

අනාගත ක්‍රිකට් ලොවට ආසියාකරයෙන් තිලිණ වන ක්‍රිකට් අංකුර එකිනෙක ගැටෙන යොවුන් ආසියානු…

“අපි දේශීය තරගාවලි වල තරගකාරිත්වය වැඩි කරන්න ඕන. හොඳම ක්‍රීඩකයා එක්ක තවත් හොඳම ක්‍රීඩකයෙක් තරග කරන්න ඕන. ක්‍රීඩා සමාජ ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි නම් ඔවුන් සියලු දෙනා එකට එකතු වී මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුමයි.” 

“අනෙක් දෙය තමයි ක්‍රීඩා ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වී ඇති දූෂන වංචා. මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ එවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වුනා.”

“එය එතරම් හොඳ දෙයක් නොවෙයි. කවුරුත් කැමති නැහැ හිටපු හෝ වත්මන්, මොන ක්‍රීඩකයෙකු හෝ මෙවැනි දෙකට හසු වෙනවාට. ඒ වගේ තැනකදීත් NCC ඇතුළු ක්‍රීඩා සමාජවලට එළියට එන්න පුළුවන්. ක්‍රීඩකයින්ව දැනුවත් කරන්න ඕන. ඔවුන්ව එවැනි ක්‍රියාවලට පෙළඹීම වළක්වා ගන්නට ඕන.”

“අපි හැමෝම වගකියන්න ඕන මේ ක්‍රීඩාව ක්‍රීඩා සමාජ මට්ටමෙන් මෙන්ම ඉන් ඉහළදීත් පිරිසිදුව තබා ගන්න. එය සිදුවීම අත්‍යවශ්‍යයි. නැත්තම් මෙම ක්‍රීඩාවේ ජීවගුණය මිය යනවා අනිවාර්යයෙන්ම.”

“මේ වන විට ලෝකයේම පරීක්ෂණ 43ක් පැවැත්වෙනවා මෙවැනි දූෂන පිළිබඳව. ඉන් 23ක් ම විභාග වෙන්නේ ශ්‍රී ලංකාවේ දූෂන ගැන, අපි ක්‍රීඩා සමාජ වශයෙන්, ක්‍රීඩකයින් වශයෙන්, පරිපාලකයින් වශයෙන් දූෂනවලට විරුද්ධව නැගී සිටිය යුතුයි. අපි පුළුවන් තරම් මේ ක්‍රීඩාව පිරිසිදුව තබා ගන්න ඕන.”

සම්පූර්ණ වීඩියෝව –

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<