සංගා, මහේල, මුරලි, අරවින්ද සහ රොෂාන්ට උපදේශක තනතුරු?

345
Sanga, Mahela, Murali, Aravinda

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි විවෘත ආරාධනයක් කර ඇත.

අතුරු තහනම විසි වේ; නිලවරණයට දොර ඇරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම තහනම් කරමින් පසුගිය 30 වැනිදා නිකුත් කළ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ ඉල්ලීම සිදු කර ඇති අතර එහි දී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම සහ අරවින්ද ද සිල්වා යන ක්‍රීඩකයින් එම තනතුර සඳහා බඳවාගෙන ඒ මඟින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල දියුණුවක් ලබා ගැනීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන මුත්තයියා මුරලිදරන්ට ද දඟපන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස එක්වන ලෙස ඉල්ලා සිටින්නැයි තේරීම් කමිටුව තමාට දන්වා ඇතැයි ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියා.

එසේම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දඟපන්දු යවන ක්‍රීඩකයින්ගේ උපදේශක ලෙස මුත්තයියා මුරලිදරන්ව තෝරාපත් කර ගන්නා ලෙස ද ඉල්ලීමක් කර ඇත.

එසේම මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා යන ප්‍රවීණ ක්‍රීඩකයින් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ගොඩනැංවීමට යම් වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<