ICC චෝදනාවට ජයසූරියගෙන් පිළිතුරක්

368

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ වගන්ති දෙකක් කඩ කිරීම නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (15) තීරණය කර තිබූ අතර ඒ වෙනුවෙන් ජයසූරිය මහතා අද (16) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පිළිතුරු ලබා දී ඇත.

ජයසූරියට එරෙහිව ICCය චෝදනා ගොනු කරයි

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ..

සිය පුද්ගලික විද්‍යුත් ලිපිනය (e-mail) හරහා මෙම නිවේදනය නිකුත් කළ ජයසූරිය මහතා පවසා තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු වෙත ගොනු කර තිබෙන චෝදනාවලට මෙලෙස විද්‍යුත තැපෑලක් හරහා පිළිතුරු ලබා දීමට නොහැකි නමුත් තරග පාවාදීම, තණතීරු පාවාදීම හෝ එවැනි ආකාරයක කිසිදු අහිතකර චෝදනාවක් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට එරෙහිව මේ චෝදනා ගොනු කර නොතිබෙන බව ඔහු තරයේම ප්‍රකාශ කර තිබේ.

2017 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් කළ පරීක්ෂණයකට අදාළව නිසි ලෙස පිළිතුරු ලබා දීමට අපොහොසත් වීම, මෙලෙස චෝදනා ගොනු කිරීමට හේතු වී ඇති බව ජයසූරිය මහතා විශ්වාස කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය අවධාරණය කරන පරිදි පහත සඳහන් කර ඇති වගන්ති දෙක ඔහු විසින් කඩ කර ඇති බව අනාවරණය වී තිබෙන අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙසේ චෝදනා ගොනු කර ඇත.

ශ්‍රී ලංකා බලාපොරොත්තු එංගලන්තය උදුරා ගනී

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින්..

දූෂණ විරෝධී පනතේ 2.4.6 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කරන ලද ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගීව කටයුතු නොකිරීම, සාධාරණීකරණය කිරීමකින් තොරව, ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම, එවැනි පරීක්ෂණයක කොටසක් ලෙස දූෂණ විරෝධී අංශය විසින් ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් හෝ ලියකියවිලි නිවැරදිව සම්පූර්ණ කිරීම සඳහා අසමත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.7 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කළ ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම, ප්‍රමාද කිරීම එම විමර්ශනයට අදාළ විය හැකි වෙනත් තොරතුරු, සාක්ෂි හෝ දූෂිත සාක්ෂි සොයා ගැනීම සඳහා හේතු විය හැකි සාධක ලේඛන හෝ අදාළ සාක්ෂි විනාශ කිරීම.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති අනුව අවාසනාවකට මෙන් ඔහුට මේ ලිපිය මඟින් සියලු කරුණු කාරණා හෙළි කිරීම සිදු කිරීමට නොහැකි බව පෙන්වා දී ඇති අතර ඔහු දින 14ක් තුල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිය නිර්දෝෂී බව ඔප්පු කළ යුතුව ඇති බව පවසා ඇත. එසේම ඔහුගේ නීති අංශය විසින් ඒ සඳහා අවශ්‍ය  කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් එය අවසන් වූ වහාම ඒ සම්බන්ධව සම්පූර්ණ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පවසා ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත දියුණුව වෙනුවෙන් ඔහු කැපවී සිටින බවත් ඒ වෙනුවෙන් පවත්වා ගෙන ආ වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යාමට සූදානම් බවත් ජයසූරිය මහතා අවසාන වශයෙන් සිය නිවේදනයේ දී පවසා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<