ජයසූරියට එරෙහිව ICCය චෝදනා ගොනු කරයි

461
Sanath Jayasuriya

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 2ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (15) තීරණය කර ඇත. ඒ වෙනුවෙන් ඔහුට නිදහසට කරුණු දැක්වීම සඳහා අද දින සිට දින 15ක කාලයක් ලබා දී තිබේ.

තරග පාවාදීමකින් හොංකොං ක්‍රිකට් උණුසුම් වේ

හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් හා හසීබ්…..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අවධාරණය කරන පරිදි පහත සඳහන් කර ඇති නීති 2ක ඔහු විසින් කඩ කර ඇති බව අනාවරණය වී තිබෙන අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙසේ චෝදනා ගොනු කර ඇත.

දූෂණ විරෝධී පනතේ 2.4.6 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කරන ලද ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගීව කටයුතු නොකිරීම, සාධාරණීකරණය කිරීමකින් තොරව, ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම, එවැනි පරීක්ෂණයක කොටසක් ලෙස දූෂණ විරෝධී අංශය විසින් ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් හෝ ලියකියවිලි නිවැරදිව සම්පූර්ණ කිරීම සඳහා අසමත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.7 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කළ ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම, ප්‍රමාද කිරීම එම විමර්ශනයට අදාළ විය හැකි වෙනත් තොරතුරු, සාක්ෂි හෝ දූෂිත සාක්ෂි සොයා ගැනීම සඳහා හේතු විය හැකි සාධක ලේඛන හෝ අදාළ සාක්ෂි විනාශ කිරීම.

ජයසූරිය මහතාට අද (15) දින සිට දින 15ක් ඇතුලත ඔහුගේ නමට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දිය යුතුව ඇති අතර එය එසේ නොවූහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සඳහා අදාළ ඉදිරි කටයුතු කරගෙන යනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<