ICC දූෂණ විරෝධී අංශයට තවත් ශ්‍රී ලාංකිකයෙක් හසුවෙයි

280

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යසාධක විශ්ලේෂකයෙකු (performance analyst) වන සනත් ජයසුන්දර මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (11) තීරණය කළේය.

​කල්කටාවේ​ ​දී වාසියට පැරදුණ කාසිය​

1996 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සැලසුම් සකස් කරන්නේ අවුරුද්දකට දෙකකට කලින්. නායක අර්ජුන රණතුංග…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 2 සනත් ජයසුන්දර මහතා විසින් උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ ඇත.

දූෂණ විරෝධී පනතේ 2.1.3 – ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලසක් හෝ වෙනත් ත්‍යාගයක් පිරිනමමින් කිසියම් ආකාරයක හෝ වෙනත් ආකාරයකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ප්‍රතිඵලයක් තරගයක හැසිරීම හෝ වෙන යම් ආකාරයක බලපෑමක් කිරීමට උත්සාහ කිරීම

හෝ (විකල්ප ලෙස)

දූෂණ විරෝධී පනතේ 2.1.3 වගන්තිය – තරග පාවා දීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අතරතුර

දූෂණ විරෝධී පනතේ 2.4.7 – දූෂණ විරෝධී ඒකකය සඳහා තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම, දූෂණ විරෝධී ඒකකය සමඟ පැවැත්වුණු පරීක්ෂණවල දී සහයෝගයෙන් කටයුතු නොකිරීම හෝ ඔවුන්ගේ ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු  නොදීම

​කල්කටාවේ​ ​දී වාසියට පැරදුණ කාසිය​

1996 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සැලසුම් සකස් කරන්නේ අවුරුද්දකට දෙකකට කලින්. නායක අර්ජුන රණතුංග…

ජයසුන්දර මහතා අද (11) සිට දින 14ක් ඇතුළත ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ ඉදිරි කටයුතු සඳහා පියවර ගනු ඇත.

එසේම ඔහු මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ යම් නිලයක් දරයි නම් එම තනතුරුවලින් ද වහාම ක්‍රියාත්මක පරිදි තාවකාලිකව ඉවත් කරන ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<