බාලක Cup එක සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට

192

2019 සමපෝෂ පාසල් මලල ක්‍රීඩා උළෙලේ, වයඹ පළාත් තරග මාලාවේ බාලක සමස්ත ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. එහි දී අනුශූරතාව දිනා ගැනීමට හලාවත සාන්ත මරියා විද්‍යාලය සමත් විය. කුරුණෑගල මලියදේව විද්‍යාලය සමස්ත තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

එම ක්‍රීඩා උළෙලේ බාලිකා ශූරතාව දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයත්, සම අනුශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයත් සමත් විය.

සාරංගි හා අංජානි අතර ගැටුමෙන් අංජානි ජය ගනී

2019 බස්නාහිර පළාත් මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (22) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ නව තරග…

සමපෝෂ වයඹ පළාත් ක්‍රීඩා උළෙලට පාසල් 473ක් නියෝජන කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2450ක් තරග අංශ 116ක් සඳහා සහභාගී විය. ක්‍රීඩා උළෙල ජූලි මස  17 වැනිදා සිට 20 වැනිදා දක්වා වෙන්නප්පුව ඇල්බර්ට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

මෙහි දී වයඹ පළාත් ජ්‍යේෂ්ඨ බාලක ශූරතාව දිනා ගැනීමට හලාවත සාන්ත මරියා විද්‍යාලයත්, බාලිකා ශූරතාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයත් දිනා ගන්නා ලදි. කනිෂ්ඨ බාලක ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයත්, බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයත් හිමි කර ගන්නා ලදි.

අරුණ සහ පාරමි ක්‍රීඩා දිවියේ උච්චතම සම්මානවලින් පිදුම් ලබයි

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධානය වන ඉහළතම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස සැලකෙන ජනාධිපති ක්‍රීඩා…

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කුරුණෑගල සර් ජෝන්. කොතලාවල මහා විද්‍යාලයේ ඩී. එම්. බෝගොඩ විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ අයි. එන්. පල්ලේගම සමත් විය.

වයඹ පළාත් ක්‍රීඩා උළෙල  මෙලෙස උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වූයේ CBL සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත් හතරෙහි පවත්වනු ලබන 2019 පාසල් ක්‍රීඩා උළෙල මාලාවේ තවත් සාර්ථක ක්‍රීඩා උළෙලක් ලෙසය. 

ක්‍රීඩා උළෙල පිළිබඳව වයඹ පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. එම්. රාජතිලක මහතා මෙසේ පැවසිය. 

“වයඹ පළාතේ තෙවැනි වතාවට මේ ක්‍රීඩා උළෙල පවත්වන්නේ. ක්‍රීඩකයෙක් ලෙස අභිමානයක් ගොඩ නගාගන්න ඒ වගේම එම අභිමානය හරහා මේ රටට කීර්තියක් ගෙනෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමපෝෂ ලබා දෙන මේ ජාතික අත්වැල ප්‍රශංසනීයයි.”

සමපෝෂ පූර්ණ අනුග්‍රහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල පළාත් හතරෙහි වෙන් වෙන් වශයෙන් ජූලි මාසය පුරාවටම පැවැත්වෙයි. මෙම ක්‍රීඩා උළෙල මාලාවේ නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල එළඹෙන 25 වැනිදා සිට 28 වැනිදා වන තෙක් කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<