පොළොන්නරුව රාජකීයයින් උතුරු මැද පළාත ක්‍රීඩා උළෙලේ ශූරතාවයට

362

2019 සමපෝෂ පාසල් ක්‍රීඩා තරග මාලාවේ උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට පොළොන්නරුව රාජකීය විද්‍යාලය සමත් විය. එහි දී අනුශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයත්, සමස්ත තෙවැනි ස්ථානය මැදිරිගිරිය ජාතික පාසලත් දිනා ගත්තේය. 

අපේ දෙයකින් කරන හොඳ වැඩක්

සමපෝෂ පූර්ණ අනුග්‍රහය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල එක්ව සංවිධානය කරනු ලබන ” 2019…

තරගාවලියේ නව උතුරු මැද පළාත් වාර්තා 34ක් වාර්තා කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පාසල් 261ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3321ක්, තරග අංශ 116ක් වෙනුවෙන් තරග කරන ලදි. ක්‍රීඩා උළෙල ජූලි මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වූයේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ බාලක අංශයේ ශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයත්, අනුශූරතාව පොළොන්නරුව රාජකීය විද්‍යාලයත්, තෙවැනි ස්ථානය අනුරාධපුර වලිසිංහ හරිස්චන්‍ද්‍ර මහා විද්‍යාලයත් විසින් දිනා ගත් අතර බාලිකා අංශයේ ශූරතාව පොළොන්නරුව රාජකීය විද්‍යාලයත්, අනුශූරතාව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලත්, තෙවැනි ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයත් විසින් දිනා ගත්තේය.

උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල මෙලෙස උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් වූයේ ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත් හතරෙහි පවත්වනු ලබන 2019 පාසල් ක්‍රීඩා තරග මාලාවේ තවත් සාර්ථක ක්‍රීඩා උළෙලක් ලෙසය.

ලංකාවේ තුනක් වියට්නාමයේ තරග බිමට

වියට්නාමයේ දී පැවැත්වීමට නියමිත විවෘත මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…

සමපෝෂ පූර්ණ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල හතර පළාත් හතරෙහි වෙන් වෙන් වශයෙන් ජූලි මාසය පුරාවටම පැවැත්වෙයි. 

ක්‍රීඩා උළෙල පිළිබඳව උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වයි. එම්. එච්. කේ අබේකෝන් මහතා මෙසේ පැවසීය.‘

“මේ නිමා වුනේ සමපෝෂ උතුරු මැද පවත්වන පස්වැනි ක්‍රීඩා උළෙල. අග හිඟකම් ඉවසගෙන ක්‍රීඩාවට කැපවුණු දරුවන් රැකගනිමින් ඉදිරියට එන්නට සමපෝෂ ලබා දෙන සහයෝගය මනින්නට හැකියාවක් නැති තරම්.’’

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<