17 වන සල්පිටි රයිගම් කෝරල සටනේ වැඩි වාසිය කාටද?

1126
Piliyandala Central v Horana Taxila college

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වන වරටත් පැවැත්වෙන “සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 23 සහ 24 දෙදින පුරා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වේ.

2001 වර්ෂයේ සිට පැවත එන සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් සටනේ ඉතිහාසය පිරික්සා බලන විට 2005, 2009 හා 2010 යන වර්ෂවල දෙදින ක්‍රිකට් තරගය ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්ව ඇත. අනෙකුත් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. එසේම මේ පාසල් දෙක අතර සීමිත පන්දුවාර තරග තුනක් මේ වන විට පවත්වා ඇති අතර ඒ තරග 3ම ජයග්‍රහණය කර ඇත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විසිනි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ජය

පිළියන්දල මධ්‍ය විද්‍යාලය හා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර දෙවන වරටත් පැවැත්වුනු..

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන මෙම විද්‍යාල දෙකම මෙවර තරගාවලියේ දී තමන්ගේ කාණ්ඩ යටතේ දැක්වූ දක්ෂතා අනුව මෙවර මහා තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාවයි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම හෙශාන් මදුසංක විසින් මෙහෙය වනු ලබන අතර හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම සඳුන් රංග විසින් මෙහෙය වනු ලැබේ.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය

වර්ෂ 1887 දී මෙරට පාසල් පද්ධතියට එකතු වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලය මෙවර තරග වාරයේ දී තරග 10කට සහභාගී වී ඇති අතර ඉන් තරග තුනකින් පූර්ණ ජයග්‍රහණ ලබාගෙන ඇත. එහි දී ඔවුන් හමුවේ කෑගලු විද්‍යාලය, කැළණිය ධර්මාලෝක විද්‍යාලය හා පාදුක්ක පියරතන විද්‍යාලය පරාජය වී ඇත. ඉන් තරග 4ක දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ඇත. තරග 2ක් පරාජය වී ඇති අතරම එක තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

හේෂාන් මදුසංක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් පිළියන්දල මධ්‍ය විද්‍යාල කණ්ඩායම මෙහෙය වීමේ කාර්යයේ නිරත වේ. මෙවර තරග වාරයේ දී පන්දු යවන්නෙක් ලෙසින් තරග 10කට සහභාගි වී කඩුලු 68ක් ලබාගෙන ඇත්තේ දෙවන පෙළ ක්‍රිකට් තරග කාණ්ඩයේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි. පිතිකරුවෙකු වන චමෝද සඳරු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ ලකුණු 525ක් ලබාගෙන ඇත. පිළියන්දල මධ්‍ය විද්‍යාලය මෙවර දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරන ලදි.

ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව රුචිර අධිකාරි, චමෝද් සඳරු, මල්ශාන් ගුණතිලක, පසිඳු අවිශ්ක යන ක්‍රීඩකයින් මෙවර පාසල් මහා ක්‍රිකට් ගැටුමේ දී පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩි දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම

  • හේෂාන් මදුසංක (නායක)
  • තුශාන් සෙනිර (උප නායක)
  • රුචිර අධිකාරී
  • චමෝද් සඳරු
  • මල්ශාන් ගුණතිලක
  • පසිඳු අවිශ්ක
  • සුධීර ඒකනායක
  • සඳුන් සත්සර
  • රැසිරු අංජන
  • මෙනුර මුත්සඳ
  • මාධව නිමේෂ්
  • තරුෂ නිම්සර
  • සිතුම් නිම්ලක
  • සසංඛ ලක්ෂාන්
  • වගීෂ ලක්ෂාන්
  • දිනිදු හිරුමාල්
  • ලක්ෂිත කුලරත්න
  • හේසර දිල්කිත්
  • ගයාෂාන් චතුරංග
  • ජමිත් දිල්ශාන්
  • රමෝද්‍ය ශ්‍රී රවිශ්ක
  • උශාන් දිමන්ත
  • අචින්ත අලංකාර
  • මොවින් පේසර
  • දර්ශන උඩවත්තගේ (විදුහල්පති)
  • එරංග ගුණරත්න (පුහුණුකරු)
  • හර්ෂන ප්‍රමෝද් (සහය පුහුණුකරු)
  • විනෝශ් පෙරේරා (සහය පුහුණුකරු)
  • අරුණ ලියනගේ (ක්‍රිකට් භාර ආචාර්ය)

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය

වසර 113ක ඉතිහාසයකට හිමිකම් කියන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී තරග 12කට සහභාගී වී ඉන් එක තරගයක් පූර්ණ ලෙස ජයග්‍රහණය කර ඇත. ඒ ජයවර්ධනපුර මහා විද්‍යාලයට එරෙහිව ය. ගාල්ල කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එදිරිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සමත් විය. අනෙකුත් තරග සියල්ලම අවසන් වී ඇත්තේ ඔවුන්ට අවාසි සහගතවයි.

කණ්ඩායමේ නායකත්වය වර්ණලාභී ක්‍රීඩකයෙක් වන සඳුන් රංග වෙත හිමිව ඇත. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණයෙන් ලකුණු 350ක් ලබාගෙන ඇත්තේ තරග 12කට සහභාගී වෙමිනි. එසේම ඔවුන්ගේ විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු අතර සිටින සසිඳු ජනෙත් තරග 12කට සහභාගි වී ලකුණු 560කට ආසන්නව ලකුණු රැස් කර ගෙන ඇත්තේ එක තරගයකට ලකුණු 46කට ආසන්න ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. එසේම  ඒ අතරට අර්ධ ශතක 5ක් ද අන්තර්ගතව ඇත.  

කණ්ඩායමේ උප නායක තිලිණ තරිඳු කණ්ඩායමේ සිටින සුවිශේෂී පන්දු යවන්නා වේ. වමතින් පා දඟපන්දු යවන තිලින මෙවර තරග වාරයේ මේ වෙද්දී කඩුලු 26ක් දවාගෙන ඇත්තේ තරග 12කට සහභාගී වෙමිනි. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කරන ලදි.

ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව සසංක අදීප, කසුන් උදයංග, චමිඳු රන්විනු, සෙනෙත් වින්විනු, සංක ප්‍රභාත්, ශිශාන් ගිම්හාන යන ක්‍රීඩකයින් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් මෙවර පාසල් මහා ක්‍රිකට් ගැටුමේ දී වැඩි දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම

  • සදුන් රංග (නායක)
  • තිලිණ තරිඳු (උප නායක)
  • සසංක අදීප
  • කසුන් උදයංග
  • චමිඳු රන්විනු
  • සෙනෙත් වින්විනු
  • සංක ප්‍රභාත්
  • ගීශාන් ගිම්හාන
  • ගිහාන් මදුභාෂ්
  • මලිත් කෞශල්‍යය
  • විදූශාන් යසින්ත
  • එරංග ජයකොඩි
  • කල්හාර මුදුන්පිටගේ
  • තරුෂ ලක්ෂාන්
  • රසික සම්පත්
  • කවිශ්ක ලක්ෂාන්
  • සසිඳු ජනෙත්
  • උමේෂ් ප්‍රසාද්
  • තිසර සචින්ත
  • කේ. කේ. පී. එම්. ජයතිලක මිය (විදුහල්පතිණිය)
  • උපාලි කළුබෝවිල මහතා (සහය ක්‍රීඩා විදුහල්පති)
  • කමල් සුජීව මහතා (පුහුණුකරු, ක්‍රිකට් භාර ආචාර්ය)
  • ගවිඳු බස්නායක (සහය පුහුණුකරු)

සල්පිටි රයිගම් ‍කෝරල ක්‍රිකට් සංග්‍රාමය ලෙසින් ප්‍රසිද්ධියට පත් මේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයෝ තම දක්ෂතා උපරියෙන්ම දැක්වීමට සූදානම්ව සිටී.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන වාර්ෂික දෙදින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 23 හා 24 පැවැත්වෙන අතර සීමිත පන්දුවාර තරගය පෙබරවාරි 25 වන දා පැවැත්වේ. මේ තරග සියල්ලම මොරටුව ටිරොන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්ව සිටියි.

ඔබ සිතන විදිහට මේ වසරේ දී මහා තරගය සහ එක්දින තරගය ජයග්‍රහණය කරනු ලබන්නේ කුමන පාසල විසින් ද? ඔබේ අදහස පහතින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<