සජිත් ප්‍රනාන්දුට නව තනතුරක්

269
Sajith Fernando

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක් මෙන්ම දක්ෂ පළමු පෙළ ක්‍රීඩකයෙක් වූ සජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා  නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ට බංගලියන්ගෙන් පන්දු රැකීමේ පුහුණු සැසියක්

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායමේ මොසඩැක් හුසේන් සහ සබීර් රහමන් එක්ව සිව්වැනි..

ලබන මස (ජූලි) 28 වැනිදා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර මෙරට දී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය (සිව්දින ක්‍රිකට් තරග 3ක් හා එක් එක්දින ක්‍රිකට් තරගයක්) මූලිකවම ඉලක්ක කරගෙන මේ පත්වීම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රනාන්දු මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට 2018 මැයි මාසය දක්වා  මාස 8ක කාලයක් පුරාවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කරන ලදි. වමතින් පිත්ත හසුරුවන පිතිකරුවෙක් වන ඒ මහතා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර පළමු පෙළ තරග 193කට සහභාගී වී ඇති අතර ඔහු ලකුණු 10,700ක් ලබාගෙන ඇත්තේ ශතක 16ක් හා අර්ධ ශතක 53ක් වාර්තා කරගනිමිනි. නමුත් අවාසනාවකට මෙන් ඔහුට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට එකඳු අවස්ථාවක් හෝ නොලැබිණි.

පළමු පෙළ ක්‍රිකට් දිවියට සමුදුන් පසුව NCC ක්‍රිකට් සමාජය හා සම්බන්ධ වී පුහුණුකරුවෙක් ලෙස ඉදිරියට පැමිණි ප්‍රනාන්දු මහතා මේ වන විට දේශීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ පුහුණුකරුවෙක් ලෙස නමක් දිනාගෙන තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<