“SLC T20” තරගාවලියට නව අධ්‍යක්ෂකවරයෙක්

462

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20”  ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක තනතුර, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සජිත් ප්‍රනාන්දු මහතා වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (7) තීරණය කර ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් …

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල දී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ කළමනාකරු ලෙස ද ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබන අතර ඊට අමතරව ඔහු වෙත “SLC T20” ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක තනතුර ලබා දී ඇති බව වාර්තා වේ.

“SLC T20” තරගාවලිය මේ මස 21 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ගාල්ල, දඹුල්ල, කොළඹ හා මහනුවර යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් දඹුල්ල, පල්ලෙකැලේ හා ආර්. ප්‍රේමදාස යන ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී දිවා හා දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වේ.

“SLC T20” තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන –

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පසුව LPL ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සූදානම්ව සිටිය ද එම තරගාවලිය නියමිත කාලයේ දී පැවැත්වීමට නොහැකි බව එම තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලද රසල් ආර්නල්ඩ් මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. එම තරගාවලිය වෙනුවට “SLC T20”  නම් මෙම ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<