ශ්‍රී ලංකා රග්බි ශූරියන්ගේ දක්ෂතා ඇගයේ

494
SAGT Womens Rugby

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නිල අනුග්‍රාහකයන් වන සවුත් ඒෂියන් ගේට්වේ ටර්මිනල්ස් (SAGT) ආයතනය මගින් පසුගිය සතියේ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම මැලේසියාවේ පැවති බොර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ දැක්වූ දක්ෂතා ඇගයීම සඳහා උත්සවයක් පසුගිය දා සංවිධානය කර තිබුණි.

“පාසලෙන් තවත් ජාතික ක්‍රීඩකයන් බිහි විය යුතුයි” – අකිල විරාජ් කාරියවසම්

පාසල් රග්බි ලීගයෙන් කෙළින්ම ජාතික තලය වෙත ළඟා වන රග්බි ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බැසීම පිළිබඳව..

තමන්ට සුපුරුදු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි හැරුණු කොට වෙනත් සත් සාමාජික තරගාවලියකට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සහභාගී වූ පළමු වතාව මෙය වීම ද විශේෂත්වයකි. මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගාවලිය පුරාම අපරාජිතව සිටිමින්  තරගාවලිය ජයග්‍රහණය කිරීම ද විශේෂත්වයකි. තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැක්වූ දක්ෂතා මෙසේ ය.

  • ශ්‍රී ලංකාව 48- 00  සබා ඊගල්ස්
  • ශ්‍රී ලංකාව 26- 05 තායිලන්තය
  • ශ්‍රී ලංකාව 29-05 මැලේසියාව
  • ශ්‍රී ලංකාව12-05 තායිලන්තය

ලක් දියණියෝ රග්බි කිරුළු පලඳිති

සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩයම ප්‍රථම වරට බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය..

මෙම තරගාවලිය තුල සිදු වූ විශේෂම කරුණ වන්නේ ආසියානු සත් සාමාජික රග්බි සටහනේ සිව් වැනි ස්ථානයේ පසුවන තායිලන්තය දෙවරක්ම ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත් වීමයි. ජපානය, චීනය සහ හොංකොං දේශය මෙම සටහනේ පිළිවෙළින් 1,2 සහ 3 ස්ථාන වල රැඳී සිටියි.

මෙම උත්සවයේ දී SAGT ආයතනයේ වෙළඳ හා අලෙවි කළමණාකාරිනී  දෂ්මා කරුණාරත්න මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. “අපි කණ්ඩායම් ක්‍රීඩා වලට සහය දක්වන්න කැමතියි. ව්‍යාපාර ලෝකය  තුල කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉතාමත් වැදගත් වනවා. අපි රග්බි ක්‍රීඩාව තුල කඩිසර බව, නිර්භීතකම සහ ක්‍රීඩාවට දක්වන මහත් ඇල්ම වගේම වැදගත් ම කරුණ ලෙස කණ්ඩායම් හැඟීම දකිනවා. අපිට අවශ්‍යයි ක්‍රීඩාවල යෙදෙන කාන්තාවන් ව්‍යාපාර ලෝකය තුල ඉහළ ස්ථාන වලට යොමු කරන්න. එමනිසා අපි තවදුරටත් මෙම කණ්ඩායමට අනුග්‍රාහකත්වය දක්වනවා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක මහතා ද උත්සවයේ දී අදහස් දැක්වී ය. “අපි ඔබගේ දස්කම් ඉහළින් අගය කරනවා. අපි හොඳින්ම දන්නවා කාන්තා රග්බි කොතරම් වැදගත් ද යන කාරණය. මම හිතන්නේ එය තමයි ලෝකයේ වේගයෙන් ම ව්‍යාප්ත වන ක්‍රීඩාව. අපි හැකියාව හා දක්ෂතාවය තිබෙන බව දැනගෙන හිටියත් පිරිමි කණ්ඩායම කෙරෙහි අවධානය යොමු කරලයි තිබුනේ.  මම විශ්වාස කරනවා මෙහි  ගෞරවය අසංග සෙනවිරත්න හා ඉන්ති මරික්කාර්ට  හිමි විය යුතුයි කියා. ඒ ඔවුන් ඔබව මෙම තරගාවලිය සඳහා යොමු කිරීම මෙන් ම ඔබ ගැන විශ්වාසය තැබීම පිළිබඳවයි.” තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමෙන් තවත් ජයග්‍රහණ අත් කර ගත හැකි වනු ඇති බවයි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා ද මෙහි දී අදහස් දැක්වීය. “අප සතුව 400 වගේ ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සිටිනවා. අපේ දැක්ම ඒ ප්‍රමාණය 2020 වන විට 5000 දක්වා වැඩි කරන්න. ඒ සඳහා ඔබ දැක්වූ දක්ෂතා ඉතාමත් වැදගත් වනවා. ඔබ තමයි මෙම ව්‍යාපෘතියේ තානාපතිවරියන් වන්නේ. ” ඔහු මෙහි දී පුහුණුකරු සුදත් සම්පත් මහතා පැසසීමට ද අමතක කලේ නැත.

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට තවදුරටත් දක්ෂතා දැක්වීමට අවස්ථා උදා වනු ඇති. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වන්නේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට