නව කාන්තා වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ඇරඹේ

148

එළඹෙන 2019 වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා වොලිබෝල් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි. ඒ සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ සැසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සුදානම් කර ඇත.

ලංකා ලයන්ස් හමුවේ ලෝන්ග් පවර් බල රහිත වේ

ලෝන්ග් පවර් වොලිබෝල් ක්‍රීඩා සමාජය වට 3-0ක් ලෙස පරාජය කළ ලංකා ලයන්ස් කණ්ඩායම…

තෝරා ගැනීමේ සැසිය අගෝස්තු මස 10වන දින (අද) උදෑසන 8.30 සිට කොළඹ ටොරිංටන් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මීට පෙර 2016 වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 වසරේ මාර්තු මස 9 වැනිදා සිට 18 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වීමට නියමිතයි.

තෝරා ගැනීමේ සැසිය සඳහා සහභාගී වීමට කැමති ක්‍රීඩිකාවන් උදෑසන 8ට පෙර ක්‍රීඩාංගණය වෙතට පැමිණෙන ලෙස තේරීම් කමිටුව ඉල්ලා සිටියි. වැඩි විස්තර 011-2669344 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<