ශ්‍රී ලංකාවේ අවසන් තරග බලාපොරොත්තු සුන්වෙයි

180

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරගයක් අද (27) ඉන්දියාව සමඟින් පැවති අතර එම තරගයේ දී ගෝල 5-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

දෙවැනි අර්ධයේ දී නේපාලය ශ්‍රී ලංකාව අභිබවයි

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (23) නේපාලය…………..

මෙවර තරගාවලිය ලීග් තරගාවලියක් ලෙස පැවති අතර තරගාවලියේ පළමු වටයේ දී මුල් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගය සඳහා තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග තුනෙන් දෙකක් පරාජය වීමත් සමඟින් අවසන් තරගයේ බලාපොරොත්තු සුන්ව තිබූ අතර ඉන්දියාව මුහුණ දුන් තරග සියල්ල ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගැනීමට සමත්ව සිටියහ. 

තරගයේ පළමු අර්ධයට මින් පෙර පැවති තරගවලට වඩා වෙනස් කණ්ඩායමක් අවතීර්ණ කිරීමට ශ්‍රී ලංකා පුහුණුකරු වන අරුණ සම්පත් තීරණය කර තිබූ අතර එහි දී මුල් පෙළ ක්‍රීඩකයන් ලෙස එරූශ රුවනක හා හරසර සිල්වා යොදවා තිබුණි. 

තරගයේ මුල් මිනිත්තු 30 තුල දී ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට හිමංශු ජන්ග්‍රා 32 වැනි මිනිත්තුවේ දී සමත් වූ අතර එම ගෝලය දුර සිට එල්ල කල පහරක් මඟින් වාර්තා කළ අතර ගෝල රකින ක්‍රීඩක තරූශ රශ්මිකට එම පහර වැළැක්වීමට අවස්ථාව ලැබුණේ නැත. 

පළමු ගෝලය වාර්තා කර වැඩි වේලාවක් යාමට පෙර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට මහේශන් සිං සමත් වූ අතර ඒ වන විට ගතවී තිබුණේ මිනිත්තු 38ක් පමණි. 

42 වැනි මිනිත්තුවේ දී නැවතත් සාර්ථක වීමට හිමංශු ජන්ග්‍රා සමත් විය. එය ඔහු වාර්තා කළ දෙවන ගෝලයයි. තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර තවත් ගෝලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ගෝලය වාර්තා කළේ ශුබෝ පෝල් විසිනි. 

පළමු අර්ධය නිමා වන විට ඉන්දීය කණ්ඩායම ගෝල 4 ක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් විය. 

පළමු අර්ධය: ඉන්දියාව 04 – 00 ශ්‍රී ලංකාව 

දෙවන අර්ධයේ දී ද තම ප්‍රබල ප්‍රහාරකයන් මගින් ගෝල රැස්කිරීමට ඉන්දීය කණ්ඩායම උත්සාහ කළ අතර ඉදිරිපෙළ වින්ග් ක්‍රීඩකයන් මගින් පන්දුව මනාව පාලනය කරමින් තරගයේ පාලනය තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයන්‍ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර පන්දුව වැඩි වේලාවක් ඉන්දීය කණ්ඩායම සතුව පැවතිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම තුශ්මික ජයලත් වෙනුවට මුහම්මද් සුහායිබ් යෙදවීමට තීරණය කළේය. 

තරගයේ 60 වැනි මිනිත්තුවේ දී තම තුන්වැනි ගෝලය වාර්තා කිරීමට හිමංශු ජන්ග්‍රා සමත් වූ අතර ඒ සමඟින් ඉන්දීය කණ්ඩායම ගෝල 5කින් පෙරමුණ ගැනීමට සමත් විය. තරගය නිමා වීමට පෙර තවත් ගෝල රැස් කිරීමට ඉන්දීය කණ්ඩායම උත්සාහයන් කීපයක් ගත් අතර තරූශ රශ්මික එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත් විය. 

අවසන් මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය උදා කර ගනී

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලිය අද ඉන්දීයාවේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එහි පළමු…………..

ශ්‍රී ලංකා කණ්ඩායමට එකදු ගෝලයක් හෝ ලබානොදීමට ඉන්දීය කණ්ඩායම කටයුතු කළ අතර තරගය නිමා වූයේ ඉන්දීය කණ්ඩායමට ප්‍රබල ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ඉන්දියාව 05 – 00 ශ්‍රී ලංකාව 

ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ තරගාවලිය ලෙස ජෝර්දානයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 14න් පහළ ආසියානු කුසලාන සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගි වනු ඇත. එම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 14 සිට 22 දක්වා පැවැත්වීමට නියමිතය. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<