දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලිය ඉන්දියාවේ දී

248

දකුණු ආසියානු වයස අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලිය හෙට (21) දිනයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය අගෝස්තු මස 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ ජාතික කණ්ඩායම ඊයේ (19) දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගියේය තරගාවලිය ඉන්දියාවේ කොල්කටා හි කළ්‍යාණි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Paul Pogba වෘකයින් ඉදිරියේ දණින් වැටේ

Ruben Nevesගේ සුපිරි ගෝලයෙන් හා Rui Patricioගේ සුපිරි ගෝල රැකීමෙන්…

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, නේපාලය සහ බංග්ලාදේශය සහභාගී වීමට නියමිත අතර මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් කණ්ඩායම් හතර සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතය. මූලික වටයේ තරගවල දී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගය සඳහා සහභාගී වනු ඇත. 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ කොළඹ දිස්ත්‍රික් තේරීම් තරග පසුගිය ජුනි මස 25 වැනිදා සහ පිට පළාත් තේරීම් තරග ජුනි මස 26 වැනිදා පැවැත්විය. එහි දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තෝරාගත් ක්‍රීඩකයන් 30 දෙනෙකු මසකට වැඩි කාලයක් නේවාසිකව පුහුණුව ලැබූ අතර එමඟින් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගෙන ඇත. 

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රිශික යොහාන් සයිමන් හට හිමිවී ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ ඩෙරික් නේල් හටයි.

තරගාවලියේ තරග කාල සටහන

දිනය වේලාව තරගය
අගෝස්තු 21 පස්වරු 12.00 නේපාලය හා ඉන්දියාව 
අගෝස්තු 21 පස්වරු 3.00 ශ්‍රී ලංකාව හා භූතානය
අගෝස්තු 23 පස්වරු 12.00 භූතානය හා බංග්ලාදේශය
අගෝස්තු 23 පස්වරු 3.00 ශ්‍රී ලංකාව හා නේපාලය 
අගෝස්තු 25 පස්වරු 12.00 ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය 
අගෝස්තු 25 පස්වරු 3.00 ඉන්දියාව හා භූතානය
අගෝස්තු 27 පස්වරු 12.00 ශ්‍රී ලංකාව හා ඉන්දියාව 
අගෝස්තු 27 පස්වරු 3.00 බංග්ලාදේශය හා නේපාලය 
අගෝස්තු 29 පස්වරු 12.00 භූතානය හා නේපාලය 
අගෝස්තු 29 පස්වරු 3.00 බංග්ලාදේශය හා ඉන්දියාව 
අගෝස්තු 31 පස්වරු 3.00 අවසන් තරගය

Chelsea, PSG බලාපොරොත්තු සුනේ සුන්!

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මේ සතියේ දී ඉතා උණුසුම් වුනා. ඊයේ (18) රාත්‍රියේ හා අද අලුයම..

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වීමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

වමේ සිට අසුන්ගෙන – සුමේධ පෙරේරා (භෞත චිකිත්සක), ජෝසප් ශෙහාන් (ගෝල රකින පුහුණුකරු), රිශික යොහාන් (නායක), දිල්රුක් ජයවර්ධන (කළමනාකරු), අනුර ද සිල්වා (සභාපති – පාපන්දු සම්මේලනය), ජස්වර් උමාර් (ලේකම් – පාපන්දු සම්මේලනය), අරුණ සම්පත් (පුහුණුකරු), නවාහ් ප්‍රින්ස් (සහාය පුහුණුකරු)

මැදපෙළ වමේ සිට – මොහොමඩ් සුහායිබ්, මළිදු ඩොමිනික්, ඩෙරික් නීල් (උප නායක), තාරුක අශාන්ත, ගවීශ ශෙනාල්, ක්‍රිශේන් ශෙනාල්, එරූශ රුවනක, මහිත් මන්විදු, තෙශාන් ජයලත්. 

පසුපෙළ වමේ සිට – තරූෂ රශ්මික, ඉනෝන් ඉශාන්, මුහම්මද් ශකීල්, ඉන්ශාන් මිහිරාන්, මොහොමඩ් හයිසාම්, නසීර් ෆහීම්, හරසර සිල්වා, වෙනුර ලක්මිණ, සයාන් ධානි, මොහොමඩ් හෆීල්. 

Manchester City ජයග්‍රහණයට VAR හා විනිසුරු හරස් වෙයි!

ජර්මානු Bundesliga තරගාවලිය හා ස්පාඤ්ඤ La Liga තරගාවලිය අද (17) අලුයම ආරම්භ වූ..

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය 

ක්‍රීඩකයා ජර්සි අංකය වයස පාසල ස්ථානය 
තරූෂ රශ්මික 1 15 සිද්ධාර්ථ මහා විද්‍යාලය – ගම්පහ Goalkeeper 
වෙනුර ලක්මිණ  2 15 වේළුවන මහා විද්‍යාලය – කොළඹ  Center Defender 
මුහම්මද් ශකීල් 3 15 නූරානි මුස්ලිම් මහා විද්‍යාලය – මාවනැල්ල  Center Defender 
එරූශ රුවනක 4 15 සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ  Left Defender 
මලිඳු ඩොමිනික් 5 15 සන්ත පීතර විද්‍යාලය – කොළඹ  Right Defender 
තෙශාන් ජයලත් 6 15 වේළුවන මහා විද්‍යාලය – කොළඹ  Center Midfielder 
ඩෙරික් නීල් ( උපනායක) 7 14 සාන්ත ලුසියා විද්‍යාලය – කොළඹ  Left Midfielder 
රිශික යොහාන් (නායක) 8 15 ඩී මැසනඩ් විද්‍යාලය – කඳාන Center Midfielder 
ඉන්ශාන් මිහ්‍රාන් 9 15 සහිරා විද්‍යාලය – ගම්පොළ  Striker
මහිත් මාන්විදු 10 15 සාන්ත තෝමස් විද්‍යාලය  – ගල්කිස්ස  Striker
තාරුක අශාන්ත 11 15 ජනාධිපති විද්‍යාලය – කෝට්ටේ  Right Midfielder
සයාන් ධානි 12 15 සාන්ත ලුසියා විද්‍යාලය – මන්නාරම   Right Midfielder
හරසර සිල්වා  13 15 මලියදේව විද්‍යාලය – කුරුණෑගල  Left Defender 
ගවීශ ශෙනාල් 14 15 මලියදේව විද්‍යාලය – කුරුණෑගල  Center Defender 
මොහොමඩ් සුහායිබ් 15 14 දරුස්සාලම් විද්‍යාලය – කොළඹ  Striker
මොහොමඩ් ඉහ්ශාන් 16 15 කිංග්ස්වුඩ් විද්‍යාලය – මහනුවර  Striker
ක්‍රිශේන් ශෙනාල් 17 15 සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ  Striker
මොහොමඩ් හයිසාම් 18 15 නූරානි මුස්ලිම් මහා විද්‍යාලය – මාවනැල්ල  Left Midfielder 
නසීර් ෆහීම් 19 15 ඌව විද්‍යාලය – බදුල්ල  Goalkeeper
මොහොමඩ් හෆීල් 20 15 සහිරා විද්‍යාලය – ගම්පොළ  Goalkeeper

අගෝස්තු මස 20 වැනිදා ඇරඹෙන දකුණු ආසියානු වයස අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<