ආත්ම විශ්වාසය නංවන ශබ්දය ගැන සචින් කියයි

272
amazonaws.com

සචින් ටෙන්ඩුල්කාර්, එදා මෙදාතුර ලොව පහල වූ විශිෂ්ට පිතිකරුවෙකි. 2019 ලෝක කුසලානයට පෙර ඉන්දියානු කණ්ඩායමේ ආත්ම විශ්වාසය ගැන ඔහු විසින් අදහස් පළකොට තිබේ. ලෝක කුසලානය ඇරඹෙන්නේ එළඹෙන මැයි 30 වැනිදායි.

වසීම් අක්‍රම් නොසතුටෙන්

පාකිස්තානයේ ප්‍රබලතම වේගපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන වසීම් අක්‍රම් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන පාකිස්තාන…

දැනට පැවැත්වෙන IPL තරගාවලිය ඉන්දියානු කණ්ඩායමට විශ්වාසය ගෙන එන බව සචින්ගේ විශ්වාසයයි.

ඕනෑම ක්‍රිකට් රටාවක හොඳින් ක්‍රීඩා කිරීම හොඳයි. මොකද, ඉන් ආත්ම විශ්වාසය ඇතිවෙනවා. පන්දුව පිත්තේ වැදිලා අර ශබ්දය (මැදින් පහර එල්ල වීමේ ශබ්දය) එන එක තමයි මට අනුව ආත්ම විශ්වාසය කියන්නේ. ඉතින් ඒ ශබ්දය ඔබට ලොකු ආත්ම විශ්වාසයක් ලබා දෙනවා. ඕනෑම ක්‍රිකට් රටාවකදී ඒ විශ්වාසය ඇතිවීම තමයි අවශ්‍ය කියලා මට දැනෙනවා.” ඉන්දියානු rediff මාධ්‍යය වෙත අදහස් දක්වමින් සචින් කියා තිබේ.

කණ්ඩායම එංගලන්තය බලා පියාසර කරන විට ඔවුන් ඒ ගැනයි සිතිය යුත්තේ, වෙන මොකුත් නෙමෙයි. අපි (ඉන්දියාව) එහෙ යන විට අපට පන්දුවාර 50 තරග රටාවට උචිත යම් යම් වෙනස්කම් කරන්නට සිදු වේවි. මං හිතන්නේ ඒක තේරුම් ගන්න තරම් ක්‍රීඩකයන් හැමෝම ක්‍රිකට් ක්‍රීඩා කොට තිබෙනවා.” සචින් පවසන්නේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම ප්‍රමාණවත් අත්දැකීම් ඇති බවයි.

වෙනස්කම් කළ යුතු පළමු අවස්ථාව මෙය නෙමෙයි. ඔවුන් දිගටම ටෙස්ට් ක්‍රිකට් වල සිට පන්දුවාර 50ටත්, පන්දුවාර 50 සිට විස්සයි විස්ස දක්වාත්, නැවත ටෙස්ට් ක්‍රිකට් දක්වාත් ඒ වෙනස්කම් සිදු කරමින් සිටිනවා.”

kheltrishna.com – සචින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ 2013 වසරේදී යි.

සචින් ටෙන්ඩුල්කාර්ගේ පිතිකරණයෙහි විශිෂ්ටත්වය ගැන ක්‍රිකට් දන්නා හෝ නොදන්නා ඕනෑම කෙනෙකු දනියි. ඔහුගේ කුසලාන කැබිනෙට්ටුවට අඩුවක්ව පැවති ලෝක කුසලානය ඔහු විසින් දිනා ගත්තේ 2011 දී ය. වසර 20කට වැඩි ක්‍රිකට් අත්දැකීම් ඇති ඔහුට එංගලන්තයේ දේශගුණික තත්වය ගැන ද කියන්නට යමක් තිබුණි.

බර වළාකුළු හැරුණු විට දේශගුණයේ එතරම් ලොකු වෙනසක් ඇතැයි මා පෞද්ගලිකව සිතන්නේ නැහැ. වළාකුළු බර වුණු විට පන්දුව යම් තරමකට දෝලනය විය හැකියි. ඒත් ලෝකේ කොහේ වුනත් ඒක සිදු වෙන්නේ යම් වෙලාවකට පමණයි. ඉර පායලා තිබුනොත් එතරම්වත් වෙනසක් වේවිය කියලා මම හිතන්නේ නෑ.”

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන ප්‍රබල තරගකරුවන් සහභාගී වන මෙවර ලෝක කුසලානයේ දී ඉන්දියාව තම පළමු තරගයට පිවිසෙන්නේ ජුනි 05 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවයි. ජුනි 09 වැනිදා ඔවුන් වත්මන් ශූරයන් වන ඕස්ට්‍රේලියාව හා තරග වදින අතර ගිනි ඇවිලෙනසුළු තරගයක් බඳු ඉන්දියා – පාකිස්තාන තරගය පැවැත්වෙන්නේ ජුනි 16 වැනිදායි. විරාත් කෝලිගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන ඉන්දියාව, ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින්නේ ජූලි 06 වැනිදා යි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<