මුරලි, බ්‍රෙට් ලී, තෙන්දුල්කාර් නැවතත් ක්‍රිකට් වලට?

116

සචින් තෙන්දුල්කාර්, බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා වැනි ලෝක ක්‍රිකට් දැවැන්තයන් සහභාගි වන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ. මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම තරගාවලියේ අරමුණ වී තිබේ. 

ප්‍රබලයින් සිටියත් ක්‍රීඩාවේ උද්යෝගය පවත්වා ගන්නා සිංහ දස්කම්

2019 ලෝක කුසලාන ශූරයන් වූයේ එංගලන්තයයි. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම ලෙස ඉන්දියාව සැලකිය හැක.

තරගාවලිය සඳහා ජැක් කලීස්, විරේන්ද්‍ර ශෙවාග් මෙන්ම ශිවනරීන් චන්ද්‍රපෝල් ද සහභාගි වීමට නියමිතය. ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙම තරගාවලිය එළඹෙන වසරේ පෙබරවාරි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා වන කාලය තුල දී මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා India Legends, Australia Legends, South Africa Legends, Sri Lanka Legends හා West Indies Legends ලෙස කණ්ඩායම් 5 ක් සහභාගි වනු ඇත. 

ඒ අනුව තරගාවලිය සඳහා මේ වන විටත් ක්‍රීඩකයන් 110 දෙනෙකු සහභාගි වීමට එකඟ වී ඇති අතර එම සියලු දෙනා ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටින ක්‍රීඩකයන් වේ. මෙම තරගාවලිය මේ වන විට ලොව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලි වල ආකෘතියට අනුව සංවිධානය වන අතර මෙහි පළමු අදියර සඳහා ටෙස්ට් වරම් හිමිව ඇති කණ්ඩායම් පමණක් සහභාගි කරගැනීමට තීරණය කර ඇත.

මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මහරාශ්ඨ ප්‍රාන්තයේ මාර්ග ආරක්ෂක කණ්ඩායම හා තවත් කළමනාකරණ ආයතන කීපයකි.

ඔවුන්ගේ සැලැස්ම අනුව ඉන්දියාව පුරා මෙම මාර්ග ආරක්ෂක දැනුවත් කිරීමේ වැඩසටහන් 10ක් සංවිධානය කිරීමට නියමිතය. පසුගිය 2018 වසරේ දී මෙම තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් සඳහා වන ගෙවීම් එක් එක් කණ්ඩායම් සඳහා අනුග්‍රහය දක්වන ආයතන විසින් දරන අතර තරගාවලියේ සියලු ආදායම් මෙම මාර්ග ආරක්ෂක කණ්ඩායම විසින් ඉන්දියාව තුල මාර්ග ආරක්ෂාව පිළිබඳව සිදු කෙරෙන වැඩසටහන් සඳහා යෙදවීමට නියමිතය. මාර්ග අනතුරු නිසා වැඩිම පිරිසක් මියයන රටවල් අතර ඉන්දියාව පෙරමුණේ පසුවේ. 

විශ්ව චතුරංගගෙන් වටිනා පිතිකරණයක්

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා….

2013 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව සචින් තෙන්දුල්කාර් නැවතත් ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගි වන තුන්වැනි අවස්ථාව මෙය වේ. මීට පෙර ඔහු ලෝක එක්දින කණ්ඩායම සමඟින් ප්‍රදර්ශන තරගයක් සඳහා 2014 වසරේ MCC කණ්ඩායම නියෝජනය කරමින් හා 2015 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ප්‍රදර්ශනය තරග තුනක් සඳහා ද ඔහු සහභාගි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<