ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් අතර කැනන් ද සේරම් ශූරතා පලිහ වෙනුවෙන් පැවති රග්බි තරගයෙන් 29-14ක් ලෙස ජය ලබමින් ත්‍රිත්ව විදුහල ශූරතාවය තමා සන්තක කර ගැනීමට සමත් විය.

කුරුඳුවත්තෙන් බොරැල්ලටත්, මරදානෙන් මොරටුවටත් මිසයිල

සිංගර් පාසල් රග්බි ලීගයේ සිව්වන සතිය අවසන් වන විට එහි තවත් තරග 5ක් අවසන් විය…

තරගයට එක්වූ තෝමසුවන්ගේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ක්‍රිස්ටියන් ඩි ලයිල් ඩෙංගු රෝගය හේතුවෙන් තරගයට සහභාගී නොවූ අතර නවීන් හේනකන්කානම්ගේ ද සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් පසු නොවීය.

මිනිත්තු 20ක කාලයක් ලකුණු පුවරුව නොසෙල්වී තිබුණ ද, ත්‍රිත්වයින් වෙනුවෙන් අමිත් කුලතුංග උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ලශේන් විජේසූරියගේ පාදයෙන් සාර්ථක විය. පසුව අවිශ්ක ශෙයික් හට ඉඩකඩ නිර්මාණය කර දෙමින් දිලුක්ෂ දන්ගේ සිදු කළ ධාවනයක් හේතුවෙන් දෙවන උත්සාහක දිනුමත් වාර්තා විය. (ත්‍රිත්ව 14-00 තෝමස්)

මීටර 5 සීමාවේ දී ලද ස්ක්‍රම් අවස්ථාවක් අතරතුර දී ත්‍රිත්ව විදුහල උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සම්පූර්ණ කළ අතර ලශේන්ගේ ප්‍රවර්තනය එවර අසාර්ථකයි.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 19(3T 2C) – 00 සාන්ත තෝමස් විද්‍යාලය

දෙවන අර්ධයට මැනවින් අවතීර්ණ වූ තෝමසුවන් වෙනුවෙන් හාන්ස් වල්පොල, ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ උත්සාහක දිනුමකිනි. එහි ප්‍රවර්තනය ඩියොන් ඩයස් විසින් සාර්ථක කර ගත්තේය. (ත්‍රිත්ව 19-07 තෝමස්)

ඉන් පසු තෝමසුවන්ගේ ක්‍රීඩා රටාව ඉතා හොඳ මට්ටමක තිබුණ ද, ඔවුන් අතින් සිදු වූ සුළු වැරදි ඔවුන්ට උත්සාහක දිනුම් කිහිපයක්ම අහිමි කළේය.

ත්‍රිත්ව නායක නේදන් චෑන් මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේය. (ත්‍රිත්ව 24-07 තෝමස්)

පසුව රෝලින් මෝල් එකක් ආධාරයෙන් ඉදිරියට ගිය තෝමස් විද්‍යාලය වෙනුවෙන් මයෝන් ගුණවර්ධන උත්සාහක දිනුමක් රැස්කළේය. ඩයස්ගේ ප්‍රවර්තනය සාර්ථකයි. (ත්‍රිත්ව 24-14 තෝමස්)

පසුව අකිත් සකලසූරිය විසින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මීළඟ උත්සාහක දිනුමත් එක් කළ අතර ලශේන්ගේ අසාර්ථක ප්‍රවර්තනය නොතකා “කැනන් ද සේරම් පලිහ” ඔවුන් සතු විය. එය 23 වරක් ත්‍රිත්ව විද්‍යාලය සන්තකයේ ද, 17 වරක් සාන්ත තෝමස් විද්‍යාලය සන්තකයේ ද තිබී ඇත.

සම්පූර්ණ කාලය – ත්‍රිත්ව විද්‍යාලය 29 (5T 2C) – 14 (2T 2C) සාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – දිලුක්ෂ දන්ගේ (ත්‍රිත්ව).

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • ත්‍රිත්ව – අවිශ්ක ශෙයික් 1T, අමිත් කුලතුංග 1T, ලශේන් විජේසූරිය 1T 2C, අකිත් සකලසූරිය 1T.
  • සාන්ත තෝමස් – හාන්ස් වල්පොල 1T, මයෝන් ජයවර්ධන 1T, ඩියෝන් ඩයස් 2C.
  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට