කොළඹට තිබූ අවසන් බලාපොරොත්තුවත් ගල්කිස්ස තෝමසුවන් උඳුරා ගනී

316

 ක්‍රිශාන් මුණසිංහ සහ ශලින් ද මෙල්ගේ දක්ෂ පිතිකරණය සහ කළණ පෙරේරාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සිංගර් 19න් පහළ (සීමිත පන්දු වාර) පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ දෙවන අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරදා ලකුණු 57ක පහසු ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (06) සමත් විය.

අටවැනි වරටත් රන් සටනේ ජය මහානාමයට

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 13 වැනි වරට පැවති “රන් සටන” සීමිත…

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා තීරණාත්මක වූ තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර කාසියේ වාසිය දිනා ගත් ගල්කිස්ස සාන්ත තෝමස් නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 250ක් රැස් කරන ලදි.

එහි දී සාන්ත තෝමස් විද්‍යාලයේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් දක්ෂ පිතිකරණය නියැලුණු ක්‍රිෂාන් මෙන්ඩිස් සහ ශලින් ද මෙල් අර්ධ ශතක 2කින් තර්ස්ටන් පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය. ඔවුන් දැවී යන විට පිළිවෙළින් ලකුණු 59ක් සහ 52ක් රැස් කර සිටියේය. මීට අමතරව ලකුණු 30 සීමාව  පසුකර යාමට යොහාන් පෙරේරා, ඩෙලෝන් පීරිස් සහ රයන් ප්‍රනාන්දු සමත්කම් දැක්විය.

තර්ස්ටන් විද්‍යාලයීය පන්දු යවන්නන්ට පන්දුවෙන් වැඩි දස්කම් දැක්වීමට නොහැකි වූවද, තෝමස් පිතිකරුවන්ට සැලකිය යුතු පීඩනයක් එල්ල කිරීමට සමත් එකම පන්දු යවන්නා වෙමින් සඳරු ඩයස් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තේය.

ඒ අනුව සිංගර් සීමිත පන්දු වාර පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 251ක ඉලක්කයක් හිමි විය.

ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල දෙදරවයි!

සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවති තරගය පහසුවෙන්ම ජය ගත් ගාල්ල කණ්ඩායම අද (06) ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය…

කෙසේ වෙතත් එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකින් සමන්විත තර්ස්ටන් විද්‍යාලයට ආරම්භයේ සිටම අභියෝග කරමින් ඔවුන් ඇල්මැරුණු ක්‍රීඩා රටාවකට තල්ලු කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් පන්දු යවන්නන් සමත්කම් දැක්විය.

එහෙත් කිසිදු ක්‍රීඩකයෙක් ජයග්‍රහණය වෙනුවෙන් අවැසි දිගු ඉනිමක් වෙත ගමන් නොකරන පසුබිමක අවිශ්ක කෞෂල්‍ය එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 56ක් රැස් කරන ලදි. අනතුරුව තර්ස්ටන් ඉනිමේ කඩා වැටීම වළකාලමින් නිමේෂ් පෙරේරා සහ අයේෂ් හර්ෂණ පිළිවෙළින් ලකුණු 37ක් සහ ලකුණු 34ක් රැස් කළ ද, එය ජයග්‍රහණයට ප්‍රමාණවත් දිගු ඉනිමක් දක්වා පරිවර්තනය කර ගැනීමට ගල්කිස්ස තෝමසුවන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නොහැකි විය.

Photos: S. Thomas’ College vs Thurstan College | U19 Cricket One Day Tournament 2018/19 | SF

ඒ අනුව තරගාවලිය පුරාවටම පෙරළිකාර ජයග්‍රහණ රැසක් හිමි කරගෙන සිටි තර්ස්ටන් පිතිකරුවන් තීරණාත්මක අවසන් පූර්ව තරගයේ පන්දුවාර 47ක් තුල ලකුණු 193කට සීමා කරමින් ගල්කිස්ස සාන්ත තෝමසුවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තර්ස්ටන් විද්‍යාලය නොසිතූ පරාජයකට ඇඳ දැමීමට සමත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළණ පෙරේරා ලකුණු 34ක් ලබා දී කඩුලු 4ක් දවා ගත් අතර, පිත්තෙන් ද ලකුණු 32ක් රැස් කළ ඩෙලෝන් පීරිස් කඩුලු 2ක් ලකුණු 37ක් ලබා දෙමින් දවා ගත්තේය.

ඒ අනුව සිංගර් 19 පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන අප්‍රේල් (09) වැනිදා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීපැවැත් වීමට නියමිතව තිබේ.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය: කඩුලු 8ක් දැවී 250 (50) ක්‍රිෂාන් මුණසිංහ 59, ශලින් ද මෙල් 52, යොහාන් පෙරේරා 37, ඩෙලෝන් පීරිස් 32, රයන් ප්‍රනාන්දු 31, සඳරු ඩයස් 2/38

කොළඹ තර්ස්ටන් විද්‍යාලය: අවිශ්ක කෞෂල්‍ය 56, නිමේෂ් පෙරේරා 37, අයේෂ් හර්ෂණ 34, රනේෂ් සිල්වා 20, කළණ පෙරේරා 4/34, ඩෙලෝන් පීරිස් 2/37

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<