ළඟ එන සුළි කුණාටුවෙන් රග්බි අසිරිය වැනසෙයි ද?

80

ජපානය කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපය සඳහා අයහපත් කාලගුණ තත්වයන්ගෙන් බාධා පැමිණිය හැකි බව කල්තියා විශේෂඥයින් විසින් අනාවැකි පළකොට තිබුණ අතර ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිත අතිශය තීරණාත්මක තරග දෙකක් සඳහා මේ වන විට මෙම උද්ගතව ඇති තත්වය දැඩි බලපෑමක් එල්ල කොට තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කර සිටි.

සීමා ඉරක් ඇඳ හික්මීමෙන් නැරඹිය යුතු ජපානයේ රග්බි ලෝක කුසලානය

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විට ඔබේ ජංගම දුරකථනයෙන් ………..

සිදු විය හැකි කාලගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් ඇති දත්ත වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කොට තිබුණේ Hagibis නමින් හැඳින්වෙන සුළි කුණාටු තත්වයක් ඉදිරි දින කිහිපය තුල දී ජපානයේ ගිණිකොණ දිග වෙරළ තීරයට ආසන්න ප්‍රදේශයෙහි ස්ථාපනය වීමට වැඩි ඉඩ කඩක් පවතින බවයි. 

කෙසේ නමුත් වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් ඔවුන් පවසා සිටියේ ගෙවුණු දින කිහිපය පුරාවටම අපේක්ෂා කළ සුළං ප්‍රවාහයේ වැඩි බලපෑම ජපානයේ නිරිත දිග පිහිටා තිබෙන දූපත් ආශ්‍රිත ප්‍රදේශයන්ට එල්ල කරනු ඇති බවයි.

නමුත් නොසිතු අයුරින් සුළි කුණාටුවේ ගමන් මඟ ටෝකියෝ අගනුවර සහ ඊට ආසන්නයෙන් පිහිටා තිබෙන යොකොහමා නගරාසන්න ප්‍රදේශයන් දෙසට යොමු වීම නිසාවෙන් මෙවැනි ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට මඟ පෑදී ඇත. 

කෙසේ නමුත් තරග සංවිධායකයින් පවසන අන්දමට යම් හෙයකින් කාලගුණික බලපෑමෙන් තරගයක් අතහැර දැමීමට සිදුව න බවට ඔවුන්ට හැඟෙන්නේ නම් එම තරගය තෝරා ගත් වෙනත් දිනයක පැවැත්වීමට හෝ වෙනත් ක්‍රීඩාංගණයක් වෙත රැගෙන යාමේ ඉඩකඩක් ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඔක්තෝබර් 12 සහ 13 යන දිනයන් හිදී ටෝකියෝ සහ යොකොහමා යන නගරවලට තද සුළං සමඟින් දැඩි වර්ෂාපතනයක් ඇඳහැලීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

ඒ අනුව C කාණ්ඩයේ ශූරයින් තීරණය කෙරෙන ප්‍රංශ, එංගලන්තය තරගය මෙන්ම සත්කාරක දේශය සුපිරි 8දෙනාගේ වටය දක්වා ගමන් කරනවාද , නැද්ද වග නිශ්චය කෙරෙන ස්කොට්ලන්ත, ජපාන තරගය ද එම දෙදින හවස් භාගයන් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබීම පිළිබඳව කාගේත් අවධානය යොමුව තිබේ.

All Blacks සහ Les Bleus සුපිරි අටට මඟ පාදා ගනී

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි සති අන්තය නිමා ……….

යම්හෙයකින් මෙම තරග ද්විත්වයම වර්ෂාවට හේදී ගියහොත් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින්  පිරිනමමින් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සංවිධායකයින් හට සිදු වන අතර එසේ වුවහොත් එංගලන්ත කණ්ඩායම D කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙසින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා ඉතා පහසුවෙන් ගමන් කරනු ඇත.

එහි දී ඔවුන්ට ප්‍රබල Wallabies (ඕස්ට්‍රේලියානු) කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් කණ්ඩායම් හතරේ සිහිනය යථාර්ථයක් කරගැනීමට වෙර දැරීමට සිදු වනු ඇත.

මෙම තත්වය ජපන් කණ්ඩායම හටත් එලෙසින්ම ප්‍රතිලාභ රැසක් ගෙන එන්නේ මේ දක්වා රග්බි ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ වටය දක්වා ගමන් කළ එකම සහ පළමු ජපන් කණ්ඩායම ලෙස වාර්තා පොත් අතරට එකතු වීමේ අවස්ථාව සඳහා දොරටු විවෘත කරදෙමිනි. 

යම් හෙයකින් ඊට පෙර පැවැත්වෙන සැමෝවා, ස්කොට්ලන්ත තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කරගැනීමට සැමෝවා ක්‍රීඩකයින් හට අවස්ථාව උදාවුවහොත් ඔක්තෝබර් 13 වැනි දක්වා කල්මැරීමට ද අවශ්‍යතාවක් පැන නොනගින්නේ එතැකින් ස්කොට්ලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනයට අවසන් තිත තැබෙන නිසාවෙනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<