ආචාරය ජපන් ආරට

252

ලෝක ශූර “ඕල් බ්ලැක්ස්” කණ්ඩායම ජපානයට පැමිණියේ ප්‍රතිවාදීන්ට පහර දීමට අවි රැගෙන පමණක් නොවේ. ඔවුන් ජපානයට පැමිණ තිබුණේ ජපන් තාලයට ප්‍රේක්ෂකයින්ට ආචාර කරන්නට (Bow) හොඳින් ඉගෙන ගෙනයි. 

සැමෝවා පීඩනය හමුවේ රුසියාව බිඳ වැටේ

2019 රග්බි ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් ….

රග්බි ලෝක කුසලාන සත්කාරකයින්ගෙන් පාඩම් ඉගෙන ගෙන තිබූ ඔවුන් දකුණු අප්‍රිකාව සමඟ තරගයෙන් අනතුරුව 64,000ක් වූ යෝකොහෝමා ක්‍රීඩාංගණයේ ජපන් ප්‍රේක්ෂකයින්ට හිස නවා ආචාර කළා. 

මේ අතරම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ජපන් ක්‍රීඩා කණ්ඩායම්වල චාරිත්‍රයක් වන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩාගාර පිරිසිදු කිරීමේ චාරිත්‍රය අනුගමනය කරමින් කණ්ඩායම් කිහිපයක් ඔවුන්ගේ ක්‍රීඩාගාර ද පිරිසිදු කර තිබුණු බවයි.

නවසීලන්ත රග්බි කණ්ඩායමේ මේ ආචාරය නිසා ලක්ෂ ගණනක් ජපන් ප්‍රේක්ෂකයින් ඔවුන්ට ආදරය පළ කර තිබුණු අතර එම දර්ශන ජපානය පුරා සමාජ ජාල ඔස්සේ ප්‍රේක්ෂකයින් හුවමාරු කරගෙන තිබුණා.

දිනුවත් පැරදුනත් සැමෝවා, ඉතාලිය, නැමීබියාව, අයර්ලන්තය හා වේල්සය සිය තරග අවසානයේ දී ජපන් ක්‍රමයට ප්‍රේක්ෂකයින් ආචාර කර තිබුණා.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පුහුණුකරු ගැරී ගෝල්ඩ්, පවසා සිටියේ ඔහුගේ ඇමරිකානු කණ්ඩායමත් තරගයේ ප්‍රතිඵලය කුමක් වුනත් සෑම තරගයක්ම අවසානයේ දී ජපන් ප්‍රේක්ෂකයින්ට ආචාර කරනු  ඇති බවයි.

“අපි හිතන දැක්ක ආකාරයට මේක ජපානයේ සංස්කෘතිය හා මෙහෙම තමයි ජපානයේ ක්‍රීඩා කරන්නේ, ඒ නිසාම අපිත් ඒ චාරිත්‍ර අනුගමනය කරන්න ඕනේ. මෙහෙම තමයි ප්‍රේක්ෂකයින්ට ආචාර කරන්නේ අපිත් එම චාරිත්‍ර පිළිපදින්න සූදානම්.” ජපන් දේශීය කණ්ඩායමක් වන Kobe Kobelco Steelers කණ්ඩයමේ ද පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ගෝල්ඩ් පවසා සිටියා. 

ඕල් බ්ලැක්ස් නායක Kieran Read පවසා සිටියේ නවසීලන්ත ක්‍රීඩකයින් එසේ ආචාර කළේ ජපන් ප්‍රේක්ෂකයින් ඉතා උණුසුම් ලෙස ඔවුන් පිළිගත්තාට ස්තුති කරන්නට බවයි. 

“අපි හැකි තරම් ජපන් ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වෙන්න ඕන. අපි දන්නවා ඔවුන් අපිට ගොඩක් ආදරෙයි කියලා. එම නිසා අපිත් ඔවුන්ට ආදරෙයි කියලා පෙන්නන්න ඕනේ” Read පවසා සිටියා. 

“ප්‍රේක්ෂකයින්ගේ සහයෝගය ඉතාම ඉහළයි. කළු ජර්සි සමඟින් අපිට සහයෝගය දැක්වූ සෑහෙන පිරිසක් සිටියා. එය අති විශිෂ්ටයි. අපි කැමතියි මෙම තරගාවලිය රස විඳිමින් ක්‍රීඩා කරන්න. එළියට ගිහිල්ලා ප්‍රේක්ෂකයින් හම්බ වෙන්න වගේම නව ප්‍රේක්ෂකයින් හදා ගන්නත් අපි උත්සාහ කරනවා”

වෙස්ලි කණ්ඩායමත් තමන්ගේ ප්‍රේක්ෂකයින් ගොන්නට ජපන් රසිකයින් ගණනක් ද එකතු කරගෙන තිබුණේ Toyota Stadium ක්‍රීඩාංගණයේ දී ජපන් ප්‍රේක්ෂකයින්ට ආචාර කරමින්. 

ලෝක කුසලාන තරගාවලියට දින කිහිපයකට ප්‍රථමයෙන් වේල්ස් කණ්ඩායමේ පුහුණු සැසියක් නැරඹීමට ජපන් ප්‍රේක්ෂකයින් 15,000ක් පමණ පැමිණ තිබුණේ ඔවුන් රග්බි ක්‍රීඩාවට ඇති ආදරය මනාව ප්‍රදර්ශනය කරමින්. 

කෙසේ වෙතත් ජපන් ආචාර කිරීමේ ක්‍රම එක් එක් අවස්ථාවල දී වෙනස් වන නිසා ක්‍රීඩකයින් සිය හිස හා කඳ සෘජුව තබාගෙන අත් දෙපසින් තබාගෙන අංශක 45ක් ඉනෙන් නැවී ආචාර කළ යුතු බවත් ජපන් මාධ්‍ය ආයතන පවසා තිබුණා.

තරගාවලියේ සංවිධායක කමිටුව පවසා තිබුණේ පසුගිය සෙනසුරාදා ආර්ජෙන්ටිනාව සමඟ තරගය ජය ගත් ප්‍රංශ කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩාගාරය හොඳින් අතුගා පිරිසිදු කර තිබුණු බවයි. ටෝකියෝවේ දී ප්‍රංශ කණ්ඩායම එසේ කරද්දී ඔසාකා හිදී නැමීබියානු හා ඉතාලි කණ්ඩායම් එලෙසම ක්‍රීඩාගාර පිරිසිදු කර තිබුණා.

වේල්සයෙන් ජෝර්ජියාවට මරු පහරක්!

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත්……….

පසුගිය වසරේ දී ජපන් පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩාගාරය පිරිසිදු කර සත්කාරකයින්ට ස්තුති කරමින් සටහනක් තබා යද්දී ලොව පුරා ආදරය දිනා ගනිමින් ජපන් ප්‍රේක්ෂකයෝ ද සිය ප්‍රේක්ෂක ක්‍රීඩාගාර පිරිසිදු කරනු දක්නට ලැබුණා.

“ජපන් කණ්ඩායම් සිය ක්‍රීඩාගාර හොඳින් පිරිසිදු කරලා තිබුණු තත්වයටම පත් කර යනවා අපි දැක තිබෙනවා.” එංගලන්ත ක්‍රීඩක Ruaridh McConnochie පවසා තිබුණා. 

“ඉතින් අපි උත්සහ කරනවා මෙහි ක්‍රීඩාංගණවලත් ඒ දේම කරන්න. ඒ වගේම ලොව පුරා පැවැත්වෙන තරගාවලි හැම එකක දී ම මේ හොඳ පුරුද්ද පවත්වා ගන්න අප උත්සහ කරනවා.”

theguardian ඇසුරින්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<