2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඔබ අප කවුරුත් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය අද (26) ජපානයේ යොකොහෝමා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූයේ එංගලන්ත ක්‍රීඩාලෝලීන් හට කිසිදා අමතක නොවන තරග අත්දැකීමක් උදා කර දෙමිනි. 

Jones ඇවිලූ ගින්නට හිටපු නවසීලන්ත පුහුණුකරු පිදුරු දමයි

දිනෙන් දින උණුසුම් වන ලෝක කුසලාන රග්බි පිටිය තුල මේ වන විටත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් දිනා ගැනීමට…………

ප්‍රබල නවසීලන්තයට අමිහිරි පරාජයක කටුක මතකයන් ගොන්නක් පමණක් ඉතිරි කර තබමින් ලකුණු 19-07ක් ලෙස පෙරළිකාර ජයක් හිමිකරගත් එංගලන්තය 2019 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා පිවිසීමේ දොරටුව විවෘත කරගැනීමට සමත් විය.

ලෝක රග්බි කිරුළේ හිමිකාරීත්වය අඛණ්ඩව තෙවැනි වතාවටත් තමන් සතුකර ගැනීමට මාන බැලූ ලෝක ශූර නවසීලන්ත කණ්ඩායමත්, 2007 වසරෙන් පසු එනම් වසර 12කට ආසන්න කාලසීමාවක් ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට පෙරුම් පිරූ හිටපු ලෝක ශූරයින් වන එංගලන්ත කණ්ඩායමත්, එකිනෙකා සමඟ මුහුණට මුහුණලා සටන් වැඳුණු මෙම තරගය මෑත කාලයේ පැවති ලෝක කුසලාන තරග අතරින් වඩාත් උණුසුම්ම තරගය වනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළකොට තිබුණි.

1987 වසරේ සිට මේ දක්වා දිව එන ලෝක කුසලාන ගමන් මඟ තුල අවස්ථා තුනක දී එංගලන්තය සහ නවසීලන්තය තරග වැඳ තිබුණ අතර එහි දී සෑම ජයග්‍රහණයක්ම තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් වූයේ ප්‍රබල All Blacks කණ්ඩායමයි.  

තම කණ්ඩායම මෙම තරගය ජය ගනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස නොකළ මොහොතක එම ඉරණම කණපිට ගැසීමේ අරමුණින් තරග බිමට පිවිසුණු එංගලන්ත කණ්ඩායම ආරම්භයේ සිටම All Blacks පසුපෙළ වෙත දැඩි පීඩනයක් එල්ල කළේ ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳ මනා පණිවිඩයක් ප්‍රතිවාදීන් වෙත ලබා දෙමිනි.

ගොඩනැඟීමේ වාර කිහිපයක් යොදා ගනිමින් පන්දුව උත්සාහක දිනුම් රේඛාව අසලටම රැගෙන ආ එංගලන්ත ක්‍රීඩකයින් තරගයේ දෙවන මිනිත්තුවේ දී ම ලකුණු පුවරුව පණ ගැන්වූයේ අපූර්ව කණ්ඩායම් උත්සාහක දිනුමක් තම නමින් වෙන්කරවා ගනිමිනි. 

Kyle Snickler විසින් සුරක්ෂිතව භාර කළ පන්දුව කිසිදු බාධාවකින් තොරව ලකුණු රැස්කිරීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කිරීමට Manu Tuilagi සමත් විය. ඔවුන් ගත් එම වෑයමට වටිනාකමක් ලබා දුන් නායක Farrell අමතර ලකුණු එක්කිරීමේ කාර්‍යභරය මැනවින් ඉටු කරන ලදි. (එංගලන්තය 07 – 00 නවසීලන්තය)

ඉන් අනතුරුව ගත වුනු විනාඩි 25ක කාලසීමාව පුරාවට ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩකයින් තම ආක්‍රමණශීලී තරග රටාවේ කිසිදු වෙනසක් සිදු නොකරමින් දිගින් දිගටම All Blacks ආරක්ෂක වැට පීඩනයකට හසුකොට ගත්තේ පන්දුවේ පාලනයද තම ග්‍රහණයේ වැඩි වේලාවක් රඳවා ගනිමිනි.

එංගලන්තයෙන් එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාර මාලාව නිසාවෙන් තරමක් පසුබැස සිටි All Blacks ක්‍රීඩකයින් නැවත ප්‍රතිසංවිධානය වීමට උත්සහ ගත් සෑම අවස්ථාවක දී ම ඊට ප්‍රතිරෝධය පෑමට ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයින් සමත්කම් දැක්විය. 

All Blacks සහ Red Roses අවසන් හතරේ ගැටුමට ආසන වෙන්කර ගනිති

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ වටයේ ආරම්භ කරමින් අද (19) දිනයේ පැවති…………

නවසීලන්තයට දැඩි හිසරදයක් වූ Second row ක්‍රීඩක Maro Itoje අවස්ථා කිහිපයක දී ම ප්‍රතිවාදීන් සන්තකයේ වූ පන්දුව සොරා ගත්තේ තරගයේ තීරණයට කැපී පෙනෙන බලපෑමක් එල්ල කරමිනි. Line out අවස්ථාවන්හීදී ඉතාමත් සූක්ෂ්මව කටයුතු කළ Itoje නැවත දිනා ගැනීමේ වාර කිහිපයකටම දායක වෙමින් තම කණ්ඩායම ඉහළින් ඔසවා තැබීමට සමත් විය.

පළමු අර්ධය නිමා වීමට විනාඩියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී උදා වූ දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරි George Ford තම කණ්ඩායම වෙත තීරණාත්මක ලකුණු ත්‍රිත්වයක වාසියක් හිමිකර දෙමින් තරගයේ පෙරමුණ තවදුරටත් එලෙසම පවත්වා ගැනීමට සහයෝගය ලබා දුන්නේය. (එංගලන්තය 10 – 00 නවසීලන්තය)

පළමු අර්ධය: නවසීලන්තය 00 – 10 (1T,1C,1P) එංගලන්තය

පළමු අර්ධයේ දී තමන් අතින් සිදු වූ අතපසු වීම් පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇතිව තරග කළ All Blacks ක්‍රීඩකයින් දැනෙන වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසියත්, එය පහසුවෙන් සාක්ෂාත් කරගැනීමට ඔවුන් අපොහොසත් වූයේ එංගලන්ත ක්‍රීඩකයින්ගේ උපායශීලී තරග රටාව නිසාවෙනි.

නැවත වතාවක් off-side වරදට කොටු වූ නවසීලන්ත ක්‍රීඩකයින් ගෝල කණු ඉදිරිපසින්ම ඉතාමත් පහසු දඬුවම් පහර අවස්ථාවක් එංගලන්ත Fly Half ක්‍රීඩක Ford හට පුද කළේ තවත් ලකුණු පරතරය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට උපකාර කරමිනි. (එංගලන්තය 13 – 00 නවසීලන්තය)

කෙසේ නමුත් පැමිණ සිටි දහස් සංඛ්‍යාත All Blacks ආධාරකරුවන් හට මහත් අස්වැසිල්ලක් ගෙන දෙමින් Ardie Savea නවසීලන්ත ලකුණු තීරුවට ජීවය එක් කළේ තරගය පිළිබඳ යම් බලාපොරොත්තුවක් සියල්ලන්ගේම සිත් තුල දල්වාලමිනි. 

ධවල රේඛාවට මීටර් 5ක පමණ දුරින් ලැබුණු Line out අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් එසේ ලකුණු දඩයමේ නිරත වීමට Savea සමත් විය. Richie Mo’unga ඔහුට හිමි සුපුරුදු කාර්‍යභරය ඉටු කරමින් ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය හිමිකර දුන්නේය. (එංගලන්තය 13 – 07 නවසීලන්තය)

සකුරාව හඬවමින් Springboks සහ වේල්සය යෝධ ඉදිරි පියවරක් තබයි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වය අද (20) ජපානයේ ඔයිටා සහ ටෝකියෝ………….

එංගලන්ත කණ්ඩායම තරගාරම්භයේ සිටම ගොඩනඟා ගත් එම රිද්මයට එරෙහිව නැඟී සිටීමට නවසීලන්ත ක්‍රීඩකයින් දැඩි පරිශ්‍රමයක් ගනු ලැබූවත් එම උත්සහයන් සියල්ලම ගඟට ඉනි කැපුවාක් මෙන් අපතේ යන්නට වූයේ ඔවුන් විසින් දිගින් දිගටම සිදු කළ අතපසුවීම් දාමය නිසාවෙනි.

63 වැනි සහ 70 වැනි මිනිත්තුවල දී එසේ තමන්ට බන්දේසියක තබා ලබා දුන් ලකුණු රැස් කිරීමේ අවස්ථාවන් දෙකක් ඉතාමත් සාර්ථකව ගෝල කණු අතරින් ඉලක්කය වෙත යොමු කිරීමට George Ford වගබලාගත් අතර පා පහර දීමේ වගකීම තම කර මත පැවරුණු සෑම මොහොතක දී ම ඊට උපරිම සාධාරණයක් ඉටු කිරීමට ඔහු සමත් විය

ලකුණු 19-07ක් ලෙස තරගයේ ඉදිරියෙන් සිටි එංගලන්ත කණ්ඩායම විනාඩි 80ක කාලය අවසානයේ දී ලෝක ශූර All Blacks කණ්ඩායම තමන් ඉදිරියේ දණ ගැස්වූයේ කළ නොහැක්කක් නොමැති බවට පැහැදිලි පණිවිඩයක් ලෝක රග්බි ප්‍රජාවට ලබා දෙමිනි.

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 07 (1T,1C) – 19 (1T,1C,4P) එංගලන්තය

  • තරගයේ වීරයා – Maro Itoje (එංගලන්තය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • එංගලන්තය – Manu Tuilagi (1T), Owen Farrell (1C), George Ford (4P)
  • නවසීලන්තය – Ardie Savea (1T), Richie Mo’unga (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<