ලෝක කුසලානය පෙරලූ අමුතු කොණ්ඩකාරයා

125

සිනහවක් මුහුණේ රඳවා ගෙන විශ්වාසයෙන් යුතුව ප්‍රතිවාදීන් සුනුවිසුනු කරන නවසීලන්තයේ නවතම රග්බි තරුව Jack Goodhueගේ විලාසිතා නවසීලන්ත පුරා ලැව්ගින්නක් සේ පැතිර යනවා. 

එංගලන්තය සමඟ අවසන් පූර්ව තරගය ලෝක ශූර “ඕල් බ්ලැක්ස්” ක්‍රීඩකයින් නොසිතූ ලෙස පරාජය වුනත් Goodhue ඇති කළ ගින්න නම් තවමත් නිවී ගොස් නැහැ. විශේෂම කරුණ නම් නවසීලන්ත අගමැතිතුමියත් Goodhue ප්‍රේක්ෂක සමාජයට එක්ව තිබීමයි.    

ඕක් බ්ලැක්ස් පරාජය හා රිචී මැකෝගේ ශාපය

2011, 2015 ලෝක කුසලාන ශූරයන් වෙමින් 2015 ……

“ඒක විශිෂ්ට ජයග්‍රහණයක්… ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයින් අස්සේ mullets (පැරණි කොණ්ඩා විලාසිතාවක්) පියෑඹුවා.” නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern අයර්ලන්තය පරාජය කරමින් නවසීලන්තය අවසන් පූර්ව තරගයට පිවිසුණු අවස්ථාවේ සතුටින් ඉපිලී පවසා තිබුණා. 

ඇය මේ පිළිබඳ සඳහන් කරමින් Instagram සටහනක් දමා තිබුණු අතර එහි ඇය Goodhue ගේ ඡායාරූපයක් ද එකතු කර තිබුණා. 1980 දශකයේ කොණ්ඩා විලාසිතාවක් අනුගමනය කරන Goodhue පවසා සිටින්නේ එය 21 වැනි සියවසට ක්‍රීඩාශීලී ත්‍යාගයක් බවයි.

 

View this post on Instagram

 

And that’s a brilliant win…for the All Blacks, and mullets everywhere. Go the @allblacks ! We’re right behind you for the semis.

A post shared by Jacinda Ardern (@jacindaardern) on

“මම mullet විලාසිතාවෙන් මිදෙන්නේ නැහැ. විද්‍යාත්මක සාධක තිබෙනවා එය නිසා මම වේගවත් වන බවට. මම හිතන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් එය ඔප්පු කර තිබෙනවා.” අයර්ලන්ත තරගයට පෙර පවතී මාධ්‍ය හමුවක දී ඔහු එලෙස පවසා තිබුණා.

24 හැවිරිදි Goodhue සුපර් රග්බි ශූරයින් වන Crusaders කණ්ඩායමේ සුපිරි පසුපෙළ ක්‍රීඩකයෙකු වන අතර ඉදිරි වසර කිහිපයේම ඔහු නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රහාරකයෙකු වන බව කිසිවෙකුටත් රහසක් නොවේ.

රග්බි පිටියේ ඉතා ධෛර්යවන්ත චරිතයක් වන Goodhue හට සිය කණ්ඩායමේ සියලු දෙනා ආදරය කරනවා. සුපිරි ක්‍රීඩක සොනි බිල් විලියම්ස් ජපානයේ පැවති මාධ්‍ය හමුවක දී සිනහවකින් මුහුණ පුරවා ගෙන පවසා සිටියේ Jack Goodhue ලොව හොඳම රග්බි ක්‍රීඩකයෙකු බවයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් Goodhue තමන්ට පවසා සිටියේ එසේ බව ඔහු සිනහව මධ්‍යයේ සඳහන් කළා. නවසීලන්ත සහය පුහුණුකරු ඉයන් ෆොස්ටර්, “මෝඩ” උඩු රැවුල කපා දැමීම පිළිබඳව Goodhue වෙත ප්‍රශංසා කළා.

“මට මේ කණ්ඩායම එක්ක කතා කරලා දිනන්න බැහැ.” Goodhue ඔහුට එල්ල වන විහිළු පිළිබඳ අදහස් දැක්වුවා. දීර්ඝ තරගාවලියක කණ්ඩායමේ මානසික තත්වය හා එකමුතුකම හොඳින් රඳවා ගන්නා ක්‍රීඩකයා Goodhue බවයි බොහෝ දෙනාගේ අදහස.  

Goodhue රග්බි ක්‍රීඩාවට පමණක් දක්ෂ සුපිරි ක්‍රීඩකයෙකු පමණක් නොවේ. පිටියෙන් ඉවත ද ඔහු පැරණි සාම්ප්‍රදායික නවසීලන්ත ගතිගුණ ආරක්ෂා කරන්නට ඉතා මහන්සි වෙනවා. ප්‍රේක්ෂකයින්ගේ ආදරය නිතරම දිනා ගන්නා ඔහු පරිසරයට ද ඉතාම ආදරේ කරන අයෙක්.

වයස 16 සිටම Goodhueගේ මිතුරෙකු වන Greg Laurie පවසා සිටියේ Goodhue ගලවා ගැනීමේ හමුදාවේ සේවය කළ බවයි. උපකාර අවශ්‍ය දරුවන් සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන නවසීලන්තයේ Big Brothers Big Sisters වැඩසටහනට ද ඔහු සෑම සතියකම ස්වේච්ඡාවෙන් සේවය කරන්නේ නවසීලන්ත ජනතාව කෙරෙහි ඇති ආදරය නිසාමයි.    

“ක්‍රීඩාවේ ජයග්‍රහණ හා දක්ෂතාවලින් පමණක් ඔබ කවුද කියන එක තීරණය කරන්නට බැහැ.” Goodhue ගලවා ගැනීමේ හමුදාව නිකුත් කරන සඟරාවකට පවසා තිබුණා. “එය උදව් කරනවා මට තේරුම් ගන්න ක්‍රීඩාව නෙවෙයි හැමදේම කියලා. මම මනුෂ්‍යයෙක් විදියට සිටින විදිය තමයි හැම දේම. දෙවියන්ට අවශ්‍ය විදියට ඉන්න එක තමයි හොඳම “

Goodhue ද බොහොමයක් ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයින් මෙන් නවසීලන්තයේ දුෂ්කර පළාතකින් පැවත එන්නෙක්. සිය පියාගේ කිරි ගොවිපොළේ පිටුපස සිය නිවුන් සහෝදරයා ජෝෂ් හා ඥාති සහෝදරයින් වන Axel හා Cameron සමඟ රග්බි ක්‍රීඩාවේ යෙදුණු ඔහු මෙන්ම ඔහුගේ ඥාති සහෝදරයින් හා සහෝදරයා ද මේ වන විට ප්‍රබල ක්‍රීඩා සමාජ සඳහා රග්බි ක්‍රීඩා කරනවා.

“ගෙදර තත්ත්වය ඉතා උණුසුම්.” Goodhue සිය මතකය අවදි කළා. “ඔබ තත්පර තුනක් ඇතුළත අඬන එක නතර කරේ නැත්තම් ඔබට ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයෙකු වෙන්නට බැරි වෙනවා.” බොහෝ වෙලාවට මම ඉන්පසු කඳුළු පිහිදාගෙන නැවත ක්‍රීඩාව කරනවා. “මගේ සහෝදරයින්ගෙන් පහර කාලා තමයි මම මගේ හැකියාවන් වැඩි දියුණු කර ගත්තේ.”   

කොහොම වුනත් ක්‍රීඩාවට පෙර පවුල වැදගත් බව Goodhue සිතනවා. වරෙක Auckland හි පැවැත්වුණු වැදගත් අන්තර් පාසල් රග්බි තරගයක් ඔහුට මඟ හැරුණේ ඔහුගේ පියාට ඇති වූ කොන්දේ අමාරුවක් නිසයි. ඔහුට සති දෙකක් Kawakawa හි තිබුණු ඔවුන්ගේ ගොවිපොළේ දෙනුන්ගෙන් කිරි දොවන්නට සිදු වුනා.    

ලෝක ශූරයින්ට මෙල්ල නොවුණු හිරු නොබසින අධිරාජ්‍යයේ විස්කම්!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඔබ අප කවුරුත් ඉතාමත් ……

වරෙක ඔස්ට්‍රියානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන Friedensreich Hundertwasserගේ පදිංචිය නිසා ජනප්‍රිය වුනු නවසීලන්තයේ උතුරු කොනේ කුඩා නගරයක් දැන් සුපිරි රග්බි ක්‍රීඩකයින් නිසා සුපතල වී තිබෙනවා. 

අමරණීය චරිතයක් වන Joe Schmidt අයර්ලන්ත පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ උපන්බිම වන්නේ ද මේ ප්‍රදේශයයි. Goodhue මෙන්ම ප්‍රබල ඕල් බ්ලැක්ස් ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන Conrad Smith ද මේ පුංචි ගමෙන් බිහිවූවෙක්.  

“ජැක් කවදාහරි ලෝක පූජිත රග්බි තරුවක් බවට පත් වෙනවා. ඔහු සිතන විදිය. ඔහුගේ අධිෂ්ඨානය, ඔහු හැදී වැඩුණු රාමුව නිසාම ඔහු නියම රග්බි ක්‍රීඩකයෙක්.” Crusaders කණ්ඩායම වෙනුවෙන් Goodhueගේ සුපිරි දක්ෂතා දුටු හිටපු අයර්ලන්ත ෆ්ලයි හාෆ් ක්‍රීඩක Ronan O’Gara පවසා සිටියා. “ලෝක කුසලානයේ දී ඔහුගේ දක්ෂතා කැපී පෙනුණා.  Anton Lienert-Brown සමඟින්ම ඔහු ඕල් බ්ලැක්ස් වෙනුවෙන් ඉහළ දස්කම් පෙන්වාවි.”  

ලෝක කුසලානය අවසන් වී නැවත ගෙදර ගිය පසුව Goodhue සිය පෙම්වතිය වන Sophia හා විවාහ වීමට නියමිතයි. ඔහුගේ සගයෙකු වන Sam Whitelock ජැක්ගෙන් මෙහෙම අසා සිටියා. “ජැක් ඔබ ඔබේ විවාහයටවත් කොණ්ඩය කපනවා ද?”    

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<