පෑරුණු සිත් සුවපත් කරමින් All Blacks තෙවැනි තැනට

116

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය ගෞරවාන්විත සටහනකින් නිමා කිරීමේ අරමුණින් ප්‍රබල All Blacks කණ්ඩායම සහ වේල්සය අද (1) ජපානයේ අජිනමොතෝ ක්‍රීඩාංගණයේ දී එකිනෙකා මුණ ගැසුණු අතර තෙවැනි ස්ථානය උදෙසා පැවති මෙම තරගයෙන් ලකුණු 40 – 17ක් ලෙස පහසු ජයක් අත්පත් කරගැනීමට All Blacks ක්‍රීඩකයින් සමත් විය.

වෙනස් මුහුණුවරකින් අවසන් සටනට සැරසෙන දකුණු අප්‍රිකානුවන්

දකුණු අප්‍රිකානුවන් තරග සැලසුම් සකස් කිරීමේ දී මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීමේ දී ද ඔවුන්ට…

එංගලන්ත කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජය නිසාවෙන් 2015 වර්ෂයේ සිට අඛණ්ඩව රැකගෙන ආ තරග 18ක නොබිඳුනු ජයග්‍රාහී වාර්තාව එක ක්ෂණයෙන් බිඳ වැටුණු අතර සිව්වැනි වරටත් ලෝක කිරුළ තමන් සතුකර ගැනීමේ අපේක්ෂාවෙන් ආ ගමන් මඟට ද තිත තැබීමට ද ඒ අනුව ඔවුන්ට සිදු විය.

කරට කර සටනක් ලබා දෙමින් දකුණු අප්‍රිකානුවන් හට දැඩි හිසරදයක් වූ Wyn Jones ප්‍රමුඛ වේල්ස් කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගය ඉතාමත් තියුණු සටනක් ලබා දීමෙන් අනතුරුව පරාජයට පත්වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සහභාගී වීමට තිබූ අවස්ථාව ද අහුරාලමිනි.

පසුගිය සති අන්තයේ දී අත්විඳීමට සිදු වූ අමිහිරි මතකයන් සියල්ල අතීතයට භාර කරමින් දෙපිලේම ක්‍රීඩකයින් ඉතා උනන්දුවෙන් තරගයට අවතීර්ණ වූ අතර එංගලන්ත තරගයේ දී තමන්ගෙන් දිස්වූ දුර්වලතා පිළිබඳ අධ්‍යයනය කිරීමකින් අනතුරුව තරගයට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින් ඉතාමත් සූක්ෂ්මව තරගයේ පීඩනය ප්‍රතිවාදීන් දෙසට හැරවීමට වඩාත් උපක්‍රමශීලී විය.

දිනයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව පණගන්වමින් නවසීලන්තය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් සකසා දීමට Joe Moody සහ Beauden Barrett දෙදෙනා සමත් වූයේ අවස්ථා දෙකක දී ඉතාමත් පහසුවෙන් වේල්ස් ආරක්ෂක වැට මුලා කරමින් උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගමන් කරමිනි. 

තෙවන මිනිත්තුවේ දී උදා වූ දඬුවම් පහරේ ලකුණු ත්‍රිත්වය කණ්ඩායම වෙනුවෙන් දිනා දීමට අපොහොසත් වූ නමුත් ප්‍රවර්තන යුගලය නිසියාකාරව ඉලක්කගත කරමින් අමතර ලකුණු එක් කිරීමට Richie Mo’unga සමත් විය. (නවසීලන්තය 14 – 00 වේල්ස්)

දකුණේ පියානෝගේ ශක්තිය උතුරට රැගෙන ගිය “පුතානෝලා”

රග්බි පිටියේ සොයුරන් ගැන නොයෙක් කතා අසන්නට ලැබේ. නවසීලන්තයේ බැරට් සොහොයුරන් තිදෙනාම…

නවසීලන්ත ආක්‍රමණ හමුවේ නොසැලුණු වේල්ස් කණ්ඩායම එහි දී තම ආරක්ෂාව තර කිරීමේ කාර්‍ය පසෙකින් තබා ප්‍රමුඛ ස්ථානයක් ලබා දුන්නේ ලකුණු රැස් කිරීමේ අවස්ථාවන් හඹා යාමටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් Hallon Amos සහ Rhys Patchell දෙදෙනා එක්ව ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් වේල්ස් ලකුණු පුවරුවට ජීවයක් එක්කිරීමට සමත් විය. (නවසීලන්තය 14 – 07 වේල්ස්) 

නවසීලන්තය හට තරගයේ පාලනය මුළුමනින්ම ඔවුන් සතුකර ගැනීමට ඉඩ නොදුන් වේල්ස් ක්‍රීඩකයින් තර්ජනාත්මක පන්දු රැගෙන යාමේ වාරයන් කිහිපයක්ම යොදාගනිමින් දිගින් දිගටම නවසීලන්ත බල ප්‍රදේශයන් ආක්‍රමණය කිරීමට වඩාත් උනන්දු විය. 

ගෝල කණු ඉදිරිපිට දී ම Off side වරදට හසු වූ නවසීලන්ත ක්‍රීඩකයෙකුගෙන් ලද වාසිය තම කණ්ඩායමේ ලකුණු තත්වය තර කරගැනීම සඳහා උපයෝගි කර ගත් Patchell එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය තවදුරටත් අවම කරමිනි. (නවසීලන්තය 14 – 10 වේල්ස්)

වසර 8කට ආසන්න කාලයක් තමන් ලෝක ශූරයින් ලෙස බැබලුණේ කෙසේ ද යන්න ලෝකයාට මතක් කරදෙමින් නවසීලන්ත ක්‍රීඩකයින් ඔවුන්ට ආවේණික අලංකාර පාද චලනයන් සහ පන්දු හුවමාරු වාර යොදා ගනිමින් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ දහස් සංඛ්‍යාත All Blacks ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් නද මධ්‍යයේය. 

විශිෂ්ටයන්ට සමුදීමට ඕල් බ්ලැක්ස් සූදානම්

2019 රග්බි ලෝක කුසලානයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහභාගි වන තුන්වැනි ස්ථානය සඳහා වන තරගය…

වසර 10කට ආසන්න කාලයක් නවසීලන්ත වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කළ Ben Smith තම අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයේ දී එම දර්ශනීය උත්සාහක දිනුම් ද්විත්වය තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් වීම වඩාත් කැපී පෙනුණි. (නවසීලන්තය 28 – 10 වේල්ස්)

පළමු අර්ධය: නවසීලන්තය 28 (4T,4C) – 10 (1T,1C,1P) වේල්ස්

විවේක කාලයෙන් අනතුරුව තරගය ආරම්භ වී පළමු මිනිත්තු 10 තුල දී නැවත වතාවක් තම ආක්‍රමණ මාලාව දිඟහැරි නවසීලන්ත ක්‍රීඩකයින් Ryan Crottyge දක්ෂ නිමා කිරීමත් සමඟින් තවත් ලකුණු තත්වය ඉහළ නංවා ගත්තේ දිනයේ පස්වැනි ප්‍රවර්තිත උත්සාහක දිනුමේ ගෞරවය ද හිමිකර ගනිමිනි. (නවසීලන්තය 35 – 10 වේල්ස්)

මෙවර තරගාවලියේ දී වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වෙමින් වේල්ස් කණ්ඩායමේ අභිමානය සුරැකි Josh Adams නවසීලන්ත ආරක්ෂක වළල්ලේ හිඩැසක් හඳුනා ගනිමින් පන්දුව ආරක්ෂිතව ධවල රේඛාවට ඔබ්බෙන් පතිත කිරීමට සමත් විය. Dan Bigger එහි ප්‍රවර්තන කාර්‍යභරය ඉටු කරන ලදි. (නවසීලන්තය 35 – 17 වේල්ස්)

මීළඟ ලෝක කුසලානය පැවැත්වෙන්නේ කොහේ ද?

2022 වසරේ දී පැවැත්වීමට නියමිත එළඹෙන සත් සාමාජික රග්බි ලෝක කුසලාන තරගාවලිය දකුණු…

දිනයේ අවසන් උත්සාහක දිනුම ද Blacks නාමය ඉදිරියෙන් සනිටුහන් කර දුන් Fly Half ක්‍රීඩක Richie Mo’unga ඒත් සමඟම නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ද තහවුරු කර දීමට සමත් විය. තමන් ගත් එම වෑයමට වටිනාකමක් එක් කිරීමට Mo’ungaට නොහැකි වූයේ එල්ල කළ පා පහර වම් පස ගෝල කණුවෙන් ඉවතට ඇඳී යාම නිසාවෙනි. (නවසීලන්තය 40 – 17 වේල්ස්)

නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Steve Henson මහතා මෙන්ම නායක Kieron Reed ඇතුළුකොට ගෙන Ben Smith, Ryan Crotty, Sony Bill Williams වැනි කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද, වේල්ස් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු Warren Gatland මහතා සහ නායක Alun Wyn Jones ද මෙම තරගයෙන් අනතුරුව තමන් වසර ගණනාවක් දායකත්වය ලබා දුන් ජාතික කණ්ඩායම්වලට සමුදෙමින් ජාත්‍යන්තර රග්බි පිටියට සමුදීමට තීරණය කොට තිබුණි.

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 40 (6T,5C) – 17 (2T,2C,1P) වේල්ස්

තරගයේ වීරයා – Bordie Retallick (නවසීලන්තය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • නවසීලන්තය – Joe Moody (1T), Beauden Barrett (1T), Ben Smith (2T), Ryan Crotty (1T), Richie Mo’unga (1T,5C)
  • වේල්ස් – Hallom Amos (1T), Josh Adams (1T), Rhys Patchell (1C), Dan Bigger (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<