1999 සිව්වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය වේල්සයේ දී පැවැත්වූයේ රටවල් 20ක සහභාගිත්වය ඇතිවය. 1987-1995 කාල සමය තුළ පැවති රග්බි ලෝක කුසලාන තරගාවලි තුන සඳහා රටවල් 16ක් සහභාගි වූවත් මෙම තරගාවලිය සඳහා රටවල් 20ක් සහභාගි වුණු නිසා තරගාවලිය පැවැත්වූයේ තරමක් වෙනස් ආකාරයකටය. 

1991 ලෝක කුසලාන රග්බි තරගාවලිය

1987 වසරේදී පැවති පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව නිමාවීමෙන්……

මෙම රග්බි  ලෝක කුසලාන තරගාවලිය සඳහා නැමීබියාව, උරුගුවේ සහ ස්පාඤ්ඤය යන රටවල් මුල්ම වරට එක්වන විට සෙසු රටවල් පෙර රග්බි ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වී තිබුණි. එසේ නම් එම අවදියේ රග්බි පිටියේ සිටි ප්‍රබල රටවල් දින 37ක් එකිනෙකා ගැටුණු මෙම තරගාවලිය පිළිබඳව දැන් අපි කතා කරමු.

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

තරගාවලිය සඳහා එක්වුණු රටවල් 20  A, B, C, D සහ E ලෙස කාණ්ඩ 5කට වෙන්කර තිබුණි 

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය E කාණ්ඩය
දකුණු අප්‍රිකාව නවසීලන්තය ප්‍රංශය වේල්ස් ඕස්ට්‍රේලියාව
ස්කොට්ලන්තය එංගලන්තය ෆීජී සැමෝවා අයර්ලන්තය
උරුගුවේ ඉතාලිය කැනඩාව ආජන්ටිනාව රුමේනියාව
ස්පාඤ්ඤය ටොංගා නැමීබියාව ජපානය ඇමරිකාව

තරගාවලිය පැවති ආකාරය 

පළමු වටයේ තරගවල දී කාණ්ඩයක් සෑම රටක්ම අනිත් රටවල් 3 සමඟ තරග වැදීමට නියමිතව තිබුණි. ඉන්පසුව කාණ්ඩවල පළමු ස්ථාන ලබා ගන්නා රටවල් 5 අර්ධ අවසන් පූර්ව වටය සඳහා කෙළින්ම සුදුසුකම් ලැබීය. 

අනතුරුව කාණ්ඩවල දෙවන ස්ථාන ලබා ගන්නා රටවල් 5 සහ තෙවැනි ස්ථාන ලබා ගන්නා රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින රට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට එක්විය. එම වටයේ තරග වැදුණු කණ්ඩායම් 6 අතුරින් ජයග්‍රාහී කණ්ඩායම් තුන අර්ධ අවසන් පූර්ව වටයට එක්විය. 

ඉන්පසුව අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග හතරේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට එක්විය. අවසන් පූර්ව වටය යටතේ තරග 2ක් පැවති අතර එම තරගවල ජයග්‍රාහකයන් අවසන් තරගයට එක්වුණු අතර එම අවසන් තරගයේ ජයග්‍රාහකයාට  කුසලානය හිමි විය.

පළමු වටයේ තරගවල ප්‍රතිඵල 

දින 15ක් පුරාවට පැවති පළමු වටයේ තරග අවසානයේ දී දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ප්‍රංශය, වේල්සය සහ ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට ස්කොට්ලන්තය, එංගලන්තය, අයර්ලන්තය, ෆීජී, සැමෝවා සහ ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා සුදුස්සන් විය.

A කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • උරුගුවේ 27 – 15 ස්පාඤ්ඤය    
  • දකුණු අප්‍රිකාව 46 -29 ස්කොට්ලන්තය   
  • ස්කොට්ලන්තය 43 – 12 උරුගුවේ    
  • දකුණු අප්‍රිකාව 47 – 03 ස්පාඤ්ඤය   
  • දකුණු අප්‍රිකාව 39 – 03 උරුගුවේ
  • ස්කොට්ලන්තය 48 – 00 ස්පාඤ්ඤය 
දකුණු අප්‍රිකා – ස්කොට්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)wallabies

B කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • එංගලන්තය 67 – 07 ඉතාලිය
  • නවසීලන්තය 45 – 09 ටොංගා  
  • නවසීලන්තය 30 – 16 එංගලන්තය
  • ටොංගා 28 – 25 ඉතාලිය 
  • නවසීලන්තය 101 – 03 ඉතාලිය    
  • එංගලන්තය 101 – 10 ටොංගා  
නවසීලන්ත – එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ෆීජී 57 – 10 නැමීබියාව  
  • ප්‍රංශය 33 – 20  කැනඩාව  
  • ප්‍රංශය  47 – 13 නැමීබියාව     
  • ෆීජී 38 – 22 කැනඩාව  
  • කැනඩාව 72 – 11 නැමීබියාව   
  • ප්‍රංශය 28 – 19 ෆීජී  
ප්‍රංශ -ෆිජී තරගයේ අවස්ථාවක් (gettyimage)

D කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • වේල්ස් 23 – 18 ආජන්ටිනා  
  • සැමෝවා 43 – 09 ජපානය   
  • වේල්ස් 64 – 15 ජපානය  
  • ආජන්ටිනාව 32 – 16 සැමෝවා  
  • සැමෝවා 38 – 31 වේල්ස්    
  • ආජන්ටිනාව 33 – 12 ජපානය  
වේල්ස් – සැමෝවා තරගයේ අවස්ථාවක් (gettyimage)

E කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • අයර්ලන්තය 53 – 08 ඇමරිකාව 
  • ඕස්ට්‍රේලියාව 57 – 09 රුමේනියාව  
  • රුමේනියාව 27 – 25 ඇමරිකාව    
  • ඕස්ට්‍රේලියාව 23 – 03 අයර්ලන්තය 
  • ඕස්ට්‍රේලියාව 55 – 19 ඇමරිකාව   
  • අයර්ලන්තය 44 – 14 රුමේනියාව  
ඕස්ට්‍රේලියා – අයර්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimage)

අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවල ප්‍රතිඵල

මෙම තරග වටය සඳහා එංගලන්තය,අයර්ලන්තය,ස්කොට්ලන්තය, සැමෝවා, ෆීජී සහ ආජන්ටිනාව යන රටවල් සහභාගි විය. එම රටවල් අතර පැවති තරග වලින් ජයග්‍රහණය කළ එංගලන්තය,ස්කොට්ලන්තය සහ අජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුස්සන් විය.

  • එංගලන්තය 45 – 24 ෆීජී 
  • ස්කොට්ලන්තය 35 – 20 සැමෝවා 
  • ආජන්ටිනාව 28 – 24 අයර්ලන්තය
ආජන්ටිනා-අයර්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අර්ධ අවසන් පූර්ව වටය

මුල් තරග වටවල ප්‍රතිඵල අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, ස්කොට්ලන්තය සහ වේල්සය යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. එම අර්ධ අවසන් පූර්ව වටයේ දී එක් එක් කණ්ඩායම් තරග වැදුණේ පහත ආකාරයටය.

ඕස්ට්‍රේලියාව සහ වේල්සය 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝජ් ග්‍රෙගන් වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා සත්කාරක වේල්ස් කණ්ඩායම 24-09ක් ලෙසින් පරාජය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියා – වේල්ස් අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය

ජෑන් ද බියර් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර 5ක්, ඩ්‍රොප් ගෝල් 5ක් සහ ප්‍රවර්තන 2ක් සමඟින් ලබා ගත් ලකුණු 34 නිසා එංගලන්තයට එරෙහිව 44-21ක් ලෙසින් පහසු ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය.

දකුණු අප්‍රිකා- එංගලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්තය සහ ස්කොට්ලන්තය 

ටානා උමාගා නවසීලන්තය වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිනුම් 2ක නිසා ස්කොට්ලන්තය හමුවේ 30-18ක් ලෙස පහසු ජයක් ලබාගැනීමට නවසීලන්තයට හැකි විය.

නවසීලන්ත – ස්කොට්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

ප්‍රංශය සහ ආජන්ටිනාව 

ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස්ටෝපි ලැමයිසන් ලබා ගත් ලකුණු 22 නිසා ආජන්ටිනාව හමුවේ 47-26ක් ලෙසින් පහසු ජයක් ලැබීමට ප්‍රංශ කණ්ඩායමට හැකි විය.

ප්‍රංශ – ආජන්ටිනා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් පූර්ව වටය 

එම අවදියේ ලෝක රග්බි පිටියේ සිටි දැවැන්තයන් 4ක් වූ නවසීලන්තය,ප්‍රංශය, ඕස්ට්‍රේලියාව  සහ දකුණු අප්‍රිකාව 1995 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

පළමු අවසන් පූර්ව තරගය 

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම 12-06ක් ලෙස පෙරමුණේ පසු විය. නමුත් දෙවන භාගයේ දී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගය නිමා වන විට 18-18 ලෙසින් තරගය නිමා කිරීමට සමත් විය. 

ඒ අනුව අතිරේක කාලය දක්වා ගිය තරගය අවසානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළේ 27-21ක් ලෙසිනි. එහි දී මැතිව් බර්ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 24ක් ලබා ගන්නා විට ජෑන් ද බියර් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 21ක් ලබාගෙන දස්කම් දැක්වීය.

ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

දෙවන අවසන් පූර්ව තරගය 

ප්‍රංශය සහ නවසීලන්තය අතර පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට නවසීලන්තය 17-10ක් ලෙස පෙරමුණේ පසුවුණේ ජෝනා ලොමූ ලබා ගත් උත්සාහක දිනුම නිසාය. 

ඉන්පසුව දෙවන භාගයේ නැවතත් ක්‍රියාත්මක වුණු ලොමූ ලබා ගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගත් නවසීලන්තය 24-10ක් ලෙසින් පෙරමුණ ගත්තේය. නමුත් අනතුරුව ක්‍රියාත්මක වුණු ලැමයිසන් ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වෙමින් තරගය ජයග්‍රහණය කළේ 43-31ක් ලෙසිනි. එහි දී ප්‍රංශ ජයග්‍රහණයේ නියමුවා වූ ක්‍රිස්ටෝපි ලැමයිසන් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 28ක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් විය.

නවසීලන්ත-ප්‍රංශ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවට 

තෙවැනි ස්ථානය තේරීම සඳහා දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවති තරගයේ පළමු භාගය අවසන් වන විට දකුණු අප්‍රිකාව 16-12ක් ලෙස පෙරමුණේ පසුවිය. අනතුරුව දෙවන භාගයේ දී ප්‍රබල නවසීලන්ත කණ්ඩායම කරට කර සටනක් ලබා දුන්න ද තරගයේ ජය 22-18ක් ලෙසින් දකුණු අප්‍රිකාව සතු විය.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියානු  කණ්ඩායම දෙවන වරට රග්බි ලෝක ශූරයන් විය 

1987 වසරේ පැවති රග්බි ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරයන් වුණු ප්‍රංශය සහ 1991 රග්බි ලෝක ශූරයන් වුණු ඕස්ට්‍රේලියාව ගැටුණු මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ඕස්ට්‍රේලියානු 12-06ක් ලෙසින් පෙරමුණේ පසු විය. 

ඉන්පසුව දෙවන භාගයේ වඩාත් වේගවත් තරග රටාවක නිරත වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසානයේ දී ප්‍රංශය පරාජය කරමින් 35-12ක් ලෙස පහසු ජයක් ලැබුවේය. එහි දී  ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නැවතත් සුපිරි දස්කම් දැක්වූ මැතිව් බර්ක් ලකුණු 25ක් ලබා ගත්තේය.

අවසන් තරගයේ තියුණු අවස්ථාවක් (gettyimages)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<