රග්බි ආකෘතිය සංශෝධනය කරන්නට සාකච්ඡා

1110

අවසාන වතාවට අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ආකෘතිය වෙනස් වූයේ 2014 වසරේ දී වූ අතර එම සංශෝධනයේ දී පාසල් රග්බි තරගාවලිය වඩාත් සංකීර්ණ විය.

ගෙවී ගිය සති කිහිපයේ ඇතිවූ සිදුවීම් නිසා හා මේ ආකෘතියේ ඇති අතිශය තරගකාරී බව අඩු කිරීමට නව තරගාවලි ආකෘතියක් හඳුන්වා දීමට හෝ පවතින ආකෘතිය සංශෝධනය කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.    

පාසල් රග්බි සඳහා පැනවූ තාවකාලික තහනම ඉවතට

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ දී ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ගෙන තිබූ තීරණය…

ක්‍රීඩා අමාත්‍යවරයා මුලසුන දරන ලද ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පලවූ අතර පසුගිය සතියේ ඇති වූ සිදුවීම් මාලාව හේතුවෙන් පාසල් රග්බි තරග කල්දැමීමට ගත් තීරණය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳ දැනුම් දීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

පෙර පැවති ආකෘතියට අනුව කණ්ඩයම් 12ක් එකිනෙකා හා ලීග් ආකාරයට ක්‍රීඩා කළ අතර තරග අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින කණ්ඩයම ශූරයින් ලෙස අභිෂේක ලබයි.

ලකුණු සටහනේ අවසාන කණ්ඩායම් දෙක B කාණ්ඩය දක්වා පහළට වැටේ. කෙසේ වෙතත් 2013 වසරෙන් පසු IA හා IB ලෙස A කාණ්ඩයේ කණ්ඩයම් 12 කාණ්ඩ දෙකකට බෙදූ අතර එම එක් එක් කාණ්ඩවල අවසාන කණ්ඩයම් දෙක පළඟ ශූරතාව දක්වා පහළට වැටේ.    

කොළඹ ඉසිපතන විද්‍යාලය මෙම ආකෘති මාරුවෙන් උපරිම වාසි ලැබූ කණ්ඩයමක් වූ අතර 2013 දී B කාණ්ඩයට වැටීමට ඉඩ තිබුනත් නව තරග ආකෘතිය නිසා A කාණ්ඩයේ රැඳෙමින් සේනාල් දීලකගේ නායකත්වය යටතේ ලීග් තරගාවලිය, ජනාධිපති කුසලානය මෙන්ම සත් සාමාජික තරගාවලිය ද ජය ගැනීමට සමත් විය.

මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කර සිටියේ දිනෙන් දින පහල වැටෙන විනය නැවත ගොඩනැගීමට මෙම නව ආකෘතිය උපකාරී වනු ඇති බවයි.  

නව ආකෘතිය කෙසේ සකස් විය යුතු ද? ඒ පිළිබඳව ඔබේ අදහස පහතින් Comment කරන්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<