ගම් නියම්ගම් සිසාරා “ගමට රග්බි” ව්‍යාප්ත වෙයි

1743
Rugby introduced to Mahiyanganaya

“ගමට රග්බි” වැඩසටහන් මාලාවේ තවත් එක් සාර්ථක වැඩසටහනක් පසුගිය සතියේ දී බදුල්ල මහියංගණය ප්‍රදේශයේ මහවැලි ගංගාව ආශ්‍රිතව පැවැත්විය.

එම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ පාසල් 15ක් නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 520 දෙනෙකු පමණ සහභාගි වී සිටියහ. එම පාසල් අතුරෙන් බොහෝමයක් පාසල් හී රග්බි කණ්ඩායමක් ද නොමැත.

18න් පහළ ශූරතාවය මහනුවර ඇකඩමියට

මහනුවර ක්‍රීඩා සමාජය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මහනුවර “රග්බි ඇකඩමි තරගාවලිය” 9 හා 10 යන දෙදින පුරා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුහුණුකරුවන් 28 දෙනෙක් හා ඒ සඳහා සහභාගි වූ පාසල් කිහිපයකම ගුරුවරුන් ද පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් ඉදිරියේ දී රග්බි ක්‍රීඩාව දිවයින පුරාවටම ප්‍රචලිත කිරීමට සැලසුම් කිහිපයක්ම යොදා ඇති අතර පාසල්වල සිටින ගුරුවරුන් සතුව රග්බි පිළිබඳව කොතරම් දැනීමක් ඇත්ද යන්න බැලීමට 2019 වර්ෂයේ පෙබරවාරි මස අන්තර්ජාලය හරහා (online) පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සකස් කරමින් යන අතර ඒ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද සහය ලැබෙනු ඇත.

මෙම “ගමට රග්බි” වැඩසටහන පොළොන්නරුව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර මේ දක්වා පැවැත්වූ වැඩසටහන් අතුරෙන් සාර්ථකම වැඩසටහන වන්නේ ද මහියංගණයේ දී පැවැත්වූ වැඩසටහනයි.

මෙම වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේ සිට දිස්ත්‍රික්ක 25ම අධ්‍යාපනික කළාප 99ම ආවරණය වන ලෙස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කරමින් පවති.

එ් අනුව අනාගතයේ පාසල් රග්බි ක්‍රීඩාව දැනට තිබෙන මට්ටමට වඩා ඉහළ තැනක තිබෙනවා දැකීම අප සැමගේ අපේක්ෂාවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<