2019 රග්බි ශූරතාවලිය සාර්ථක අවසානයක් කරා රැගෙන යමින් ඊයේ (10) පැවති අතිශය තීරණාත්මක තරග ද්විත්වයෙන් ජය ලැබීමට ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමත් විය.

ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 47-26ක් ලෙසින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වෙද්දී, ලකුණු 13-46ක් ලෙසින් ආජන්ටිනාව පරාජය කළ දකුණු අප්‍රිකාව තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගන්නට සමත් විය.

Springboks නවසීලන්තයට වැඩපෙන්වද්දී Wallabies නැවතත් ජය මඟට

2019 රග්බි ශූරතා තරගාවලියේ දෙවන සතිඅන්තය ආරම්භ කරමින් ඊයේ (27) ක්‍රියාත්මක වූ තරග ද්විත්වයෙන් නවසීලන්තය……

ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට අමතක නොවන පාඩමක්

All Blacks පා පහරින් ආරම්භ වූ තරගයේ මුල් විනාඩි කිහිපය තුල දී ම තරගයේ පාලනය තමන් සතුකර ගැනීමට ඕස්ට්‍රේලියානුවන් දැඩි උත්සහයක නිරත විය. ප්‍රතිවාදීන් අතින් සිදු වූ අතපසුවීමකින් උපරිම ඵල නොලාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස්ටියන් ලෙයිලිෆානෝ, ලබා ගත් දඬුවම් පහරක් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කර ගත්තේය. (ඕස්ට්‍රේලියාව 03 – 00 නවසීලන්තය)

දඬුවම් පහරින් පමණක් සෑහීමට පත් නොවූ Wallabies ක්‍රීඩකයින් තම ලකුණු පරතරය 10ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. රීස් හොජ් සහ ලෙයිලිෆානෝ සුසංයෝගය එක්ව වාර්තා කළ අලංකාර ප්‍රවර්තිත උත්සාහක දිනුම තරගයේ පළමු වරට ධවල රේඛාව අභිබවා ගිය අවස්ථාව ලෙස සටහන් විය. (ඕස්ට්‍රේලියාව 10 – 00 නවසීලන්තය)

All blacks සහ Springboks සුභ මොහොතෙන් වැඩ අල්ලයි!

2019 රග්බි ශූරතා තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් පළමු වටයේ තරග ද්විත්වය ඊයේ (20) දිනයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග්…

මෙතෙක් වේලා තමන් ක්‍රීඩා කළ තරග රටාවේ යම් අඩුපාඩුවක් ඇති බව අවබෝධ කර ගත් නවසීලන්ත ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියානුවන් එල්ල කළ අභියෝගයට සාර්ථක පිළිතුරක් ලබා දුන්නේ ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. 

ජැක්ගුඩ් හියූ විසින් ඉදිරියට රැගෙන ආ පන්දුව සුරක්ෂිතව ධවල රේඛාවෙන් ඔබ්බට ගෙනයාමේ කාර්‍යභරය ඇන්ටන් බ්‍රවුන් විසින් ඉටු කරන ලදි. අමතර ලකුණු ද්විත්වය  රිචී මොඋන්ගා විසින් ලබා ගත්තේය. (ඕස්ට්‍රේලියාව 10 – 07 නවසීලන්තය)

ඉන් නොනැවතුණු නවසීලන්ත ක්‍රීඩකයින් 17 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම ද වාර්තා කළේය. ආරෝන් ස්මිත් විසින් යොමු කළ පන්දුව මැනවින් තම ග්‍රහණයට නතු කර ගත් රීකෝ ලොආනේ එම උත්සාහක දිනුමේ හිමිකාරයා විය. (ඕස්ට්‍රේලියාව 10 – 12 නවසීලන්තය)

තම ප්‍රේක්ෂක ජනයාගේ නොමඳ දිරිමත් කිරීම් හමුවේ යලි පන්නරය ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම උත්සාහක දිනුම් රේඛාව අභියසටම පන්දුව රැගෙන ගිය නමුත් උත්සාහක දිනුමක් බවට ඔවුන් ගත් එම එය වෑයම හරවා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ලබා ගත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ලෙයිලිෆානෝ සමත් විය. (ඕස්ට්‍රේලියාව 13 – 12 නවසීලන්තය)

ඕල් බ්ලැක්ස් වෙතින් ICCයට කොලොප්පමක්

ICCයට කොලොප්පම් කිරීම ක්‍රිකට් ආයතනයකට එතරම් සුබදායී නැහැ. එහෙත් රග්බි ආයතනයකට එය මොන වගේ වේවි ද? පසුගිය…

ඉන්පසු ගත වුණු කාල සීමාව තුල දී කණ්ඩායම් දෙකම එකිනෙකාගේ අන්ත ආක්‍රමණය කර ගනිමින් ප්‍රවේගකාරී තරග රටාවකට අවතීර්ණ වූ අතර පළමු අර්ධය නිමා වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ස්කොට් බැරට් හට හිමි වූ රතු කාඩ්පතක් හිමි විය.

ඕස්ට්‍රේලියානු නායක හූපර් වෙත එල්ල කළ අනතුරුදායක අභියෝගය නිසාවෙන් ස්කොට් බැරට් හට මෙසේ රතු කාඩ්පතක් හිමි වූ අතර ලැබුණු දඬුවම් පහර ද නිසියාකාරව එල්ල කිරීමට ලෙයිලිෆානෝ සමත් විය. (ඕස්ට්‍රේලියාව 16 – 12 නවසීලන්තය)

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 16 – 12 නවසීලන්තය

අතිශය උණුසුම් සහ තරගකාරී මුහුණු වරක් ගත් දෙවන අර්ධයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ කර්තව්‍යය සඳහා මුල පිරුවේ ලුඛාන් ලෝටෝ සහ නික් වයිට් විසිනි.

පිටියේ වම් පස අන්තයෙන් ධවල රේඛාව අභිබවා ගිය ලුඛාන් කණ්ඩායමට අවශ්‍ය කර තිබූ ජවසම්පන්න ආරම්භය ලබා දීමට සමත් විය. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දිනය තුල වඩාත් කැපී පෙනෙන ක්‍රීඩා රටාවක නිරත නික් වයිට් අපූර්ව උත්සාහක දිනුමකින් ප්‍රතිවාදි බල පරාක්‍රමයන් බිඳ දැමුවේය. කෙසේ නමුත් ලැබුණු අසීරූ ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වය සාර්ථක කර ගැනීමට ලෙයිලිෆානෝට නොහැකි විය. (ඕස්ට්‍රේලියාව 26 – 12 නවසීලන්තය)

නවසීලන්තය දෙවන වරට රග්බි ලෝක ශූරයන් විය

7වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව නවසීලන්තයේ දී පැවැත්විය. 1987 රග්බි ලෝක කුසලාන…

තරගයේ තවදුරටත් රැඳී සිටීමට නම් උත්සාහක දිනුමක අවශ්‍යතාව නවසීලන්ත කණ්ඩායම හට තදබල ලෙස දැනුණු මොහොතක දී ක්‍රියාත්මක වූ All Blacks සුපිරි තරුව බියුඩින් බැරට් ඕස්ට්‍රේලියානු ආරක්ෂක වැටෙහි හිදැසක් උපයෝගී කරගනිමින් උත්සාහක දිනුම් රේඛාව පසුකර යාමට සමත් විය. ගෝල කණු ඉදිරිපස ස්ථානයක සිට හිමි වූ ප්‍රවර්තනය රිචි මොඋන්ගා විසින් පහසුවෙන්ම සාර්ථක කරගත්තේය. (ඕස්ට්‍රේලියාව 26 -19 නවසීලන්තය)

එක් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කිරීමට මාන බලමින් සිටි නවසීලන්ත කණ්ඩායමේ තරගය පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු සුනුවිසුනු කරදැමීමට මරිකා කොරොයිබේ සහ රීස් හොඩ්ජ් සමත් විය. 

යම් අවස්ථාවන්වල දී නවසීලන්ත කණ්ඩායම පෙන්වූ මන්දාගාමී තරග රටාව ඉතා සූක්ෂම අයුරින් තම වාසියට හරවා ගත් මොවුන් දෙදෙනා ප්‍රවර්තිත උත්සාහක දිනුම් දෙකකින් නවසීලන්තයට සංග්‍රහ කළේය. ලෙයිලිෆානෝ සහ මැට් තොඔමුවා අතිරේක ලකුණු එක් කිරීමේ කාර්‍ය අකුරටම ඉටු කළහ. (ඕස්ට්‍රේලියාව 40 – 19 නවසීලන්තය)

එම අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමෙන් තරගය ආරම්භ කර විනාඩි දෙකක් ගත වීමටත් පෙරාතුව ලකුණු පුවරු සක්‍රිය කිරීමට නිගානි ලුමාපේ සමත් විය. නායක රීඩ් විසින් ගුවනට යොමු කළ පන්දුව ඉතා සුපරික්ෂාකාරීව තම පාලනය යටතට ගත් නිගානි ඕස්ට්‍රේලියානු අන්තයේ ක්‍රීඩකයින් නොමැති කලාපයන් ඔස්සේ වේගවත් ධාවනයක නිරත වෙමින් එම අගනා උත්සාහක දිනුම All blacks කණ්ඩායම වෙත දිනා දුන්නේය. මොඋන්ගා ප්‍රවර්තන කාර්‍ය සුපුරුදු පරිදි හරියාකාරව ඉටු කරන ලදි. (ඕස්ට්‍රේලියාව 40 – 26 නවසීලන්තය)

ජපානයේ රග්බි උණ උග්‍රවෙයි!

රග්බි ඉතිහාසයේ පළමු වරට ආසියානු මහද්වීපයේ රග්බි ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට තව ඇත්තේ දින 50ක් පමණයි.

තරගයේ අවසන් විනාඩි කිහිපයේ දී ජීවය ලැබූ ඕස්ට්‍රේලියානුවන් තරගයේ ජයග්‍රහණය නිසැකවම තම කණ්ඩායම සතුකර ගත්තේ කර්ට්ලි බියල් විසින් වාර්තා කළ සුපිරි ප්‍රවර්තිත උත්සාහක දිනුමත් සමඟිනි. 

ඒ අනුව පසුගිය වසර කිහිපය පුරාවටම නවසීලන්ත කණ්ඩායමට අත්විඳීමට සිදු වූ අමිහිරිතම පරාජය අත්කරදීමට හූපර් ප්‍රමුඛ Wallabies කණ්ඩායම අද සමත් වීම කැපී පෙණේ. (ඕස්ට්‍රේලියාව 47 – 26 නවසීලන්තය)

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 47 – 26 නවසීලන්තය 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ 

  • ඕස්ට්‍රේලියාව: රීස් හොඩ්ජ් (2T), කර්ට්ලි බියල් (1T), ලුඛාන් ලෝටෝ (1T), නික් වයිට් (1T), මරිකා කොරොයිබේ (1T), ක්‍රිස්ටියන් ලෙයිලිෆානෝ (2C, 3P), මැට් තො’ඔමුවා (2C)
  • නවසීලන්තය: ඇන්ටන් බ්‍රවුන් (1T), බියුඩින් බැරට් (1T,) රීකෝ ලොආනේ (1T), නිගානි ලුමාපේ (1T), රිචී මො’උන්ගා (3C)

Springboks නව ශූරයින් ලෙස කිරුළු පළඳී

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුල දී දැඩි ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කළ ආජන්ටිනා ක්‍රීඩකයින් සිය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ ප්‍රථමයෙන්ම ලකුණු පුවරුව සක්‍රිය කළේ සන්තියාගෝ කොර්දේරෝ විසින් වාර්තා කළ අලංකාර ප්‍රවර්තිත උත්සාහක දිනුම් සමඟිනි. අතිරේක ලකුණු එක්කිරීම නිකොලස් සැන්චේස් සමත් විය. (ආජන්ටිනාව 07 – 00 දකුණු අප්‍රිකාව)

ආජන්ටිනා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලබා දීමේ අරමුණින් ඉදිරියටම ඇදුණු දකුණු අප්‍රිකානුවන්, ප්‍රථමයෙන්ම ආජන්ටිනා ක්‍රීඩකයින් off side වරදට හසුකර ගැනීමෙන් උදා වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර ඉන් අනතුරුව ආජන්ටිනා පසු පෙළෙහි සියුම් හිදැසක් උපයෝගී කරගනිමින් පහර දුන් බොන්ගි මොනාම්බි දකුණු අප්‍රිකාව වෙනුවෙන් දිනයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගත්තේය. (ආජන්ටිනාව 07 – 08 දකුණු අප්‍රිකාව)

පෘතුගාලය පළමු වතාවට ලෝක කුසලානයට ආ 2007

6 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව ප්‍රංශයේ දී පැවැත්විය. 1991 රග්බි ලෝක කුසලාන…

දකුණු අප්‍රිකානු කණ්ඩායම අතින් සිදු වූ අත්වැරදීම් ද්විත්වයක් ලකුණු හයක් බවට පරිවර්තනය කිරීමට නිකොලස් සැන්චෙස් සමත් වෙද්දී ඔහුගේ ප්‍රතිවාදි නොම්බරය වන හන්ද්‍රේ පොලාඩ් දඬුවම් පහර ත්‍රිත්වයක් ඉතා සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරීමට සමත් විය. (ආජන්ටිනාව 13 – 17 දකුණු අප්‍රිකාව)

ඉන් අනතුරුව ප්‍රථම භාගය අවසන් වන තුරුම දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ කාර්‍යභරයෙහි තනි අයිතිය තමන් සතුකරගත් සුපිරි ක්‍රීඩක හන්ද්‍රේ පොලාඩ් තමා නමින් ලියැවුණු උත්සාහක දිනුමක් කිසිදු අත්වැරදීමක් සිදු වීමට ඉඩ නොතබමින් සාර්ථකව ප්‍රවර්තනය කිරීමට යුහුසුළු වූ අතර ඒ ඇවෑමෙන් දකුණු අප්‍රිකාව ප්‍රථම අර්ධය නිමා වන විට ඉතා ප්‍රබල ස්ථානයකට ඔසවා තැබීමට පොලාඩ් ප්‍රමුඛ කණ්ඩායමට හැකි විය. (ආජන්ටිනාව 13 – දකුණු අප්‍රිකාව 24)

පළමු අර්ධය: ආජන්ටිනාව 13 – 24 දකුණු අප්‍රිකාව 

පොලාඩ් ආජන්ටිනා කණ්ඩායම මෙම තරගය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා තිබුණා නම් ඒ සියලු අපේක්ෂාවන් සුන්නත්දූලි කරදැමීමට වගබලා ගත්තේ දිනයේ තම දෙවන උත්සාහක දිනුම සහ පස්වැනි දඬුවම් පහර ද හරියාකරව ලකුණු බවට පරිවර්තනය කරමිනි. (ආජන්ටිනාව 13 – 32 දකුණු අප්‍රිකාව)

ඉන් නොනැනවතුනු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තමන් තවමත් රග්බි ලෝකය උඩුයටිකුරු කිරීමට සමත් ප්‍රබල කණ්ඩායමක් බවට සනාථ කළේ තරගය තමන් දෙසට හැරී තිබියදීත් වාර්තා කළ දර්ශනීය ප්‍රවර්තිත උත්සාහක දිනුම් යුගලය නිසාවෙනි.

චෙස්ලින් කොල්බේ සහ මකසෝලේ මපිම්පි එසේ ධවල රේඛාව අභිබවා ගමන් කරද්දී ඔවුන්ගේ උත්සාහයන් හට නිසි ඇගයීමක් ලබා දීමට පොලාඩ්ගේ ප්‍රවර්තනයන් සමත් විය. (ආජන්ටිනාව 13 – 46 දකුණු අප්‍රිකාව)

ඒ අනුව 2009 වසරේ දී Tri-Nations ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන පෙළේ තරගාවලියක් ජයග්‍රහණය කිරීමේ සතුට සැමරීමේ භාග්‍ය අද දකුණු අප්‍රිකානුවන්ට උදා විය.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 13 – 46 දකුණු අප්‍රිකාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ආජන්ටිනාව: සන්තියාගෝ කොර්දේරෝ (1T), නිකොලස් සැන්චේස් (1C), නිකොලස් සැන්චේස් (2P)
  • දකුණු අප්‍රිකාව: බොන්ගි මොනාම්බි (1T), හන්ද්‍රේ පොලාඩ් (2T), චෙස්ලින් කොල්බේ (1T), මකසෝලේ මපිම්පි (1T), හන්ද්‍රේ පොලාඩ් (1C), හන්ද්‍රේ පොලාඩ් (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<