Springboks නවසීලන්තයට වැඩපෙන්වද්දී Wallabies නැවතත් ජය මඟට

321

2019 රග්බි ශූරතා තරගාවලියේ දෙවන සතිඅන්තය ආරම්භ කරමින් ඊයේ (27) ක්‍රියාත්මක වූ තරග ද්විත්වයෙන් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු තරගය ලකුණු තත්වය සමව නිමාව දුටු අතර අනෙක් තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

All blacks සහ Springboks සුභ මොහොතෙන් වැඩ අල්ලයි!

2019 රග්බි ශූරතා තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් පළමු වටයේ තරග ද්විත්වය ඊයේ (20) දිනයේ දී දකුණු අප්‍රිකාවේ…………..

All Black සමඟ කරට කරට සටනක නියැලුණු Springbok තරගය සම කරයි

තරගයේ ඉරණම උඩු යටිකුරු කළ හර්ෂල් ජ්‍යන්ජීස්ගේ උත්සාහක දිනුම

සත්කාරක කණ්ඩායමේ වාසිය ද තම අතැතිව තරග බිමට පිවිසි නවසීලන්ත කණ්ඩායම හට ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට Springbok ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් ක්‍රමක්‍රමයෙන් ගොඩනැගූ පීඩනය නිසියාකාරව මැඬපවත්වාලීමට නවසීලන්ත ක්‍රීඩකයින් අපොහොසත් වූ නිසාවෙන් දඬුවම් පහර අවස්ථාවන් යුගලක් ඒ ඇවෑමෙන් උපයා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය.

ඒ අනුව තරගයේ 4 වැනි මිනිත්තුවේ දී නවසීලන්ත ක්‍රීඩක ජැක් ගුඩ්හියු පන්දුව නියමිත කාලසීමාව තුල දී මුදා නොහැරීම සහ 10 වැනි මිනිත්තුවේ දී සනී බිල් විලියම්ස් offside නීතිය උල්ලංඝනය කිරීම යන අත්වැරදීම් ද්විත්වයට හසු වූ නිසාවෙන් දකුණු අප්‍රිකාවට තරගය පළමුවෙන්ම ලකුණු රැස්කිරීමේ භාග්‍ය උදා විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ කාර්‍යභරය අකුරටම ඉටු කිරීමට හන්ද්‍රේ පොලාඩ් සමත් විය. (නවසීලන්තය 00 – 06 දකුණු අප්‍රිකාව)

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ මතක

1999 සිව්වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය වේල්සයේ දී පැවැත්වූයේ රටවල් 20ක සහභාගිත්වය ඇතිවය. 1987-1995……..

ප්‍රබල All Blacks කණ්ඩායමට හොඳ සටනක් ලබා දීමේ අරමුණින් තරග බිමට පැමිණි දකුණු අප්‍රිකානුවන් පළමු අර්ධයේ අවසන් භාගය වන තෙක්ම තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට සමත් වූ නමුත් තවදුරටත් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම නිහඬව තබා ගැනීමට දකුණු අප්‍රිකානු ආරක්ෂක පෙළ අපොහොසත් වූයේ ලද අවස්ථාවෙන් උපරිම ඵල නොලාගැනීමේ රුසියන් වන All Black ක්‍රීඩකයින් ප්‍රතිවාදී ආරක්ෂක වළල්ලේ සියුම් හිදැසක් උපයෝගි කරගනිමින් සාර්ථකව ධවල රේඛාව අභිබවා යාමට සමත් වූ නිසාවෙනි.

ජැක් ගුඩ්හියු තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය තම නම ඉදිරියෙන් සටහන් කරගන්නා අතරතුර බියුඩින් බැරට් පන්දුව නිවැරදි ඉලක්කය වෙත යොමු කරමින් ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය දිනා දීමට යුහුසුලු විය. (නවසීලන්තය 07 – 06 දකුණු අප්‍රිකාව)

පළමු අර්ධය: නවසීලන්තය 07 – 06 දකුණු අප්‍රිකාව

පළමු අර්ධය පුරාවටම දක්නට ලැබුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ තර්ජනාත්මක ක්‍රීඩා රටාව ඔවුන් එලෙසම පවත්වා ගනිමින් ලකුණු රැස්කිරීමේ ක්‍රමෝපායන් සෙවීමට වඩාත් පෙළඹුණි.

කෙසේ නමුත් තරගයේ 50 වැනි මිනිත්තුවේ දී නවසීලන්ත කණ්ඩායම වෙත ලැබුණු දඬුවම් පහර අවස්ථාව හරියාකාරව ප්‍රයෝජනයට ගැනීමට බැරට් සමත් වූ නමුත් ඉන් විනාඩි 5කට පමණ පසු උදා වුණු දඬුවම් පහරේ එල්ලය නිවැරදිව ගැනීමට ඔහු අසමත් වූ නිසාවෙන් ලකුණු රැස්කිරීමට තිබූ අගනා අවස්ථාවක් ඔවුන් අතින් ගිලිගී යන්නට විය. (නවසීලන්තය 10 – 06 දකුණු අප්‍රිකාව)

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ ජවසම්පන්න ක්‍රීඩා විලාශය නිසාවෙන් තරගය තීරණය දෙපසටම විවෘතව තිබූ මොහොතක යලි ක්‍රියාත්මක වූ All Blacks ෆුල් බැක් සහ Springbok ෆ්ලයි හාෆ් ක්‍රීඩකයින් දෙදෙනා ඔවුන්ට ආවේණික අයුරින් පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට විය. ඒ අනුව ලකුණු පරතරය තවදුරටත් වෙනසකින් තොරව පවත්වා ගැනීමට නවසීලන්තය ක්‍රීඩකයෝ සමත් වූහ. (නවසීලන්තය 13 – 09 දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකාව ප්‍රථම වරට ලෝක කුසලානයක පහස ලැබූ 1995

1991 වසරේ දී පැවති දෙවන ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව නිමා වීමෙන් අනතුරුව නැවතත් 1995 වසරේ දී…….

රිචි මොඋන්ගාගේ පා පහර නැවත වතාවක් නවසීලන්ත ලකුණු පුවරුව සක්‍රිය කිරීමට දායක වූයේ ඔහු විසින් හිමි වූ දඬුවම් පහර සාර්ථකව ඉලක්කය වෙත යොමු කරමිනි. (නවසීලන්තය 16 – 09 දකුණු අප්‍රිකාව)

නවසීලන්ත ජයග්‍රහණයට අවශ්‍ය පිටපත එසේ සැකසෙද්දී සියලු දෙනාම මවිතයට පත්කරමින් අවසන් විනාඩියේ දී අලංකාර උත්සාහක දිනුමක් Springbok කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක හර්ෂල් ජ්‍යන්ජීස් සමත් වූ අතර ඉතා අභියෝගාත්මක ප්‍රවර්තන අවස්ථාව පහසුවෙන් ලකුණු බවට පරිවර්තනය කර අත්දැකීම් බහුල පොලාඩ් තරගය නිමා කළේ කණ්ඩායම් දෙකේම ලකුණු තත්වයන් සම කරමිනි. (නවසීලන්තය 16 – 16 දකුණු අප්‍රිකාව)

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 16 – 16 දකුණු අප්‍රිකාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

නවසීලන්තය

  • උත්සාහක දිනුම් – ජැක් ගුඩ්හියු 1
  • ප්‍රවර්තන – බියුඩින් බැරට් 1
  • දඬුවම් පහර – රිචී මොඋන්ගා 2, බියුඩින් බැරට් 1

දකුණු අප්‍රිකාව

  • උත්සාහක දිනුම් – හර්ෂල් ජ්‍යන්ජීස් 1
  • ප්‍රවර්තන ගෝල – හන්ද්‍රේ පොලාඩ් 1
  • දඬුවම් ගෝල – හන්ද්‍රේ පොලාඩ් 3

Wallabies තරගාවලිය තම පළමු ජය වාර්තා කරයි

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ධවල රේඛාව අභිබවා ගිය රීස් හොඩ්ජ්

දකුණු අප්‍රිකානුවන් හමුවේ ලද පරාජයත් සමඟම තරමක් පසුබැස සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවත වතාවක් ජයග්‍රාහී මාවතට පිවිසීමේ අරමුණින් තරග බිමට පිවිසි අතර ආගන්තුක කණ්ඩායම වන ආජන්ටිනාව ද තරගාවලියේ තම ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමේ අභිලාශයෙන් සටනට එක්විය.

වසර කිහිපයක නිහැඬියාවකින් අනතුරුව යලි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එක්වුනු ක්‍රිස්ටියන් ලෙයිලිෆානෝ තම අත්දැකීම් සියල්ල උපයෝගී කරගනිමින් තරගයේ ප්‍රථම වතාවට ලකුණු ලබාගැනීමේ කාර්යයට මුලපිරීමට සමත් විය. පහසු කෝණයකින් ලැබුණු දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් යොමු කිරීමට ඔහුගේ පහරේ ජවය ප්‍රමාණවත් විය. (ඕස්ට්‍රේලියාව 03 – 00 ආජන්ටිනාව)

ඕස්ට්‍රේලියානු අභියෝගයට සාර්ථක පිළිතුරක් ලබා දීමේ අවස්ථාවක් ආජන්ටිනා ක්‍රීඩකයින් හට උදා වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතින් සිදු වූ අත්වැරදීමක් විනිසුරු දෑසට හසුවීමත් සමඟිනි. සුපුරුදු පරිදි නිකොලස් සැන්චෙස් පා පහර එල්ල කිරීමේ වගකීම මැනවින් ඉටු කළ අතර ඒත් සමඟින්ම ආජන්ටිනා ලකුණු පුවරුව සක්‍රිය වීම ආරම්භ විය. (ඕස්ට්‍රේලියාව 03 – ආජන්ටිනාව 03)

දකුණු අප්‍රිකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කෙරේ

වෙලින්ටන්හි වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ඉන්වෙස්ටෙක් රග්බි ශූරතාවලියේ දකුණු………..

ආජන්ටිනා කණ්ඩායම අභියස තිබූ උත්සාහක දිනුමක් ලකුණු බවට පත්කරගැනීමට ඔවුන් හට නොහැකි වූ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඕස්ට්‍රේලියානුවන් වේගවත් පන්දු හුවමාරු කිහිපයක් යොදාගනිමින් ලකුණු රැස් කරගැනීමේ දොරටුවක් විවෘත කරගත්තේ ප්‍රවර්තිත උත්සාහක දිනුමක සතුට සැමරීමට ඉඩ අවකාශ නිර්මාණය කරගනිමිනි. රීස් හොඩ්ජ් විසින් සුරක්ෂිතව පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් ඔබ්බට පන්දුව රැගෙන ගිය අතර ලෙයිලිෆානෝ එහි අමතර ලකුණු ද්විත්වය කණ්ඩායමේ ගිණුමට එකතු කළේය. (ඕස්ට්‍රේලියාව 10 – 03 ආජන්ටිනාව)

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 10 – 03 ආජන්ටිනාව

ලකුණු රැස් කිරීම  එතරම් ප්‍රබල මට්ටමක නොවූවත් දෙපිලේම ක්‍රීඩකයින් විවිධ උපායමාර්ගයන් යොදා ගනිමින් ලකුණු ලබාගැනීමේ ක්‍රමයන් සොයා යාමට වඩාත් උත්සුක විය.

දෙවන අර්ධය ආරම්භ වී 4 වැනි මිනිත්තුවේ දී සහ 30 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහර ද්විත්වයකට මඟ විවර කර ගත් ඕස්ට්‍රේලියානු නායක හූපර් ලකුණු ලබා ගැනීමේ කාර්‍ය නැවත වතාවක් ලෙයිලිෆානෝ හට බාර කළේය. දිනයේ තම සිව්වැනි පා පහරත් නිවැරදිව එල්ල කළ ලෙයිලිෆානෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය දෙසට තවත් එක් පියවරක් ඉදිරියට රැගෙන යාමට සමත්කම් දැක්විය. (ඕස්ට්‍රේලියාව 16 – 03 ආජන්ටිනාව)

ප්‍රමාද වී වූවද 74 වැනි මිනිත්තුවේ දී දිනයේ පළමු ප්‍රවර්තිත උත්සාහක දිනුම වාර්තා කිරීමට ආජන්ටිනා කණ්ඩායමේ ෆකුන්ඩෝ ඊසා සමඟ එක්වූ නිකොලස් සැන්චේස් හට හැකි වූ නමුත් තරගයේ තීරණය වෙනස් කිරීමට තරම් ඔවුන්ගේ එම වෑයම ප්‍රමාණවත් නොවීය. (ඕස්ට්‍රේලියාව 16 – 03 ආජන්ටිනාව)

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 16 – 10 ආජන්ටිනාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

ඕස්ට්‍රේලියාව

  • උත්සාහක දිනුම් – රීස් හොඩ්ජ් 1, 
  • ප්‍රවර්තන ගෝල – ක්‍රිස්ටියන් ලෙයිලිෆානෝ 1
  • දඬුවම් ගෝල – ක්‍රිස්ටියන් ලෙයිලිෆානෝ 3

ආජන්ටිනාව

  • උත්සාහක දිනුම් – ෆකුන්ඩෝ ඊසා 1
  • ප්‍රවර්තන ගෝල – නිකොලස් සැන්චේස් 1
  • දඬුවම් ගෝල – නිකලස් සැන්චේස් 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<