ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය සමයි; නවසීලන්තයට ජය

232

රග්බි ශූරතා තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (09) ක්‍රීඩාංගණ දෙකක දී පැවැත්විය. නවසීලන්තයේ All Blacks සහ aආර්ජෙන්ටිනා කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන්  දහවල් 1.00ට යරෝ පාර්ක් හිදී ආරම්භ වූ අතර අනෙක් තරගය දකුණු අප්‍රිකා සහ ඕස්ට්‍රේලියා රග්බි කණ්ඩායම් අතර පැවැත්විය. එය සවස 3.30ට කැන්බරා හිදී ආරම්භ විය.

බැරට්ගේ උත්සාහය නවසීලන්තයට නූලෙන් ජය ගෙනෙයි

රග්බි ලෝක ශූරතාවයේ තවත් තරගයක් නවසීලන්තයේ ෆොර්සිත් බාර් ක්‍රීඩාංගණයේ දී ඊයේ (26) පැවැත්විය. ඒ ප්‍රබල නවසීලන්ත…

නවසීලන්තයට තවත් තියුණු ජයක්

තරගාවලිය තුල නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ තෙවන තරගය වන අතර එහි දී ඔවුන් ලකුණු 39:22ක් ලෙස ආර්ජෙන්ටිනා කණ්ඩායම පරාජය කළේය.

තරගයේ දී ආර්ජෙන්ටිනා ක්‍රීඩකයෝ පන්දුව හුවමාරුව කළ ආකාරය නිරීක්ෂණය කිරීමේ දී ඔවුන් යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන තිබුණු බවක් දක්නට ලැබුණු අතර තරගයේ වැඩි ගෞරවය නවසීලන්තයට නොලැබුණු තරම් ය.

Rugby Championship 2017

තරගයේ ලකුණු ලබා ගැනීම අතින් විටෙක නවසීලන්තය සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවක් දක්නට ලැබුණි. කෙසේ නමුත් බීඩන් බැරට් හා අනෙක් ක්‍රීඩකයින්ගේ උත්සාහයෙන් තරගයේ ජයග්‍රහණය නවසීලන්තයට හිමි විය.

2015න් පසු නවසීලන්ත සංචිතයට ඇතුළත් වූ වයා ෆිෆිතා තරගයේ තීරණාත්මක කඩඉම් සූක්ෂ්මව පසු කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළ ආකාරය ප්‍රශංසනීය ය.

කෙසේ වෙතත් ආර්ජෙන්ටිනාව තම උපරිම ජවයෙන් යුතුව ක්‍රීඩා කළ අතර පළමු අර්ධයේ දී එක් ලකුණකින් පෙරමුණ ගන්නට ද ඔවුන් සමත් විය.

පළමු අර්ධය: නවසීලන්තය 15 – 16 ආර්ජෙන්ටිනාව

දෙවන අර්ධය තුල දී ෆිෆිතාගේ උත්සාහක දිනුමත් සමඟ තරගය 22-22ක් ලෙස සම තත්වයට පත්විය.

තරගය අතරතුර දී  බීඩන් බැරට් හට විනිසුරුවරයා කහ කාඩ්පතක් නිකුත් කරන අතර ඒනිසාවෙන් නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩකයින් 14 දෙනෙකුට සීමා විය. නමුත් තරගයේ අවසන් තීරණය නවසීලන්තයට ලකුණු 39-22ක ජයක් ගෙන ආවේය.

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 39 – 22 ආර්ජෙන්ටිනාව

ලකුණු වාර්තා කිරීම

නවසීලන්තය

  • උත්සාහක දිනුම්: මිල්නර්-ස්කුඩර් , ලිනට් බ්‍රවුන්, ඩග්, ෆිෆිතා, මැකෙන්සි, බැරට්,
  • ප්‍රවර්තන: සොපොගා
  • දඬුවම් පහර: සොපොගා

ආර්ජන්ටිනාව

  • උත්සාහක දිනුම්: සැන්චස්
  • ප්‍රවර්තන: සැන්චස්
  • දඬුවම් පහර : සැන්චස්
  • ඩ්‍රොප් ගෝල්: සැන්චස්

ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය සමව නිමා වෙයි

තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව දෙසට හැරී තිබුනත්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ ලකුණු හඹා යාම හරහා තරගය සමව නිමා වන්නේ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තයට පමණක් දෙවැනි වෙමිනි.

කණ්ඩායම් දෙකම හොඳින් තරගයට අවතීර්ණ වූ අතර ආරම්භයේ සිටම ජයග්‍රහණය දෙපිලටම දෝලනය වනු දක්නට ලැබුණි. නමුත් පළමු අර්ධය අවසන් වන විට ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ පෙරමුණ ගන්නේ 13 – 10ක් ලෙසිනි.

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 13 – දකුණු අප්‍රිකාව10

Rugby Championship 2017දෙවන අර්ධයේ ආරම්භයත් සමඟම ඕස්ට්‍රේලියාව ලකුණු 20ක් දක්වා ඉදිරියට ගමන් කරන්නේ දකුණු අප්‍රිකාව ලකුණු 10 හී සීමා කරමිනි. කෙසේ නමුත් දකුණු අප්‍රිකානුවන් ලකුණු 10 තුලම සිර කරන්නට ප්‍රතිවාදීන් දැරූ උත්සාහය ව්‍යර්ථ කිරීමට එල්ටන් ජැන්ජිස්ට හැකි විය.

සාර්ථකව ප්‍රතිවාදීන් හඹා ගිය ඔවුන් තරගය අවසානයේ දී 23-23ක් ලෙස ප්‍රතිවාදීන් සම කිරීමට සමත් වූ අතර තරගය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තයට පහළින් තම රටේ නම රඳවා ගන්නට ද දකුණු අප්‍රිකානුවන් සමත් විය.

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 23 – දකුණු අප්‍රිකාව 23

ඕස්ට්‍රේලියාව

  • උත්සාහක දිනුම්: බේල්, පොලෝටා-නවෝ
  • ප්‍රවර්තන: ෆොලී 2
  • දඬුවම් පහර: ෆොලී 3

දකුණු අප්‍රිකාව

  • උත්සාහක දිනුම්: ක්‍රිල්, මාර්ක්ස්
  • ප්‍රවර්තන: ජැන්ජිස් 2
  • දඬුවම් පහර : ජැන්ජිස් 3

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට