දිස්ත්‍රික්ක 25 ම රග්බි සංවර්ධන කරන්නට වැඩමුළුවක්

280

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණෙන්, ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ ලෝක රග්බි ආයතනය එක්ව සංවිධානය කරන ලද “රග්බිවලට එකතු වෙමු (GET INTO RUGBY)” ජාතික වැඩමුළුව පසුගිය දා ආරම්භ වූයේ පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයෙනි. මෙම වැඩමුළුව සඳහා පොළොන්නරුව අධ්‍යාපන කොට්ඨාසයේ තිබෙන සිංහල සහ දෙමළ පාසල් 15ක පමණ ළමුන් 300කට අධික පිරිසක් සහභාගී වූහ.

ලංකාවට පැමිණි බහරේන් කණ්ඩායමෙන් මානුෂීය සත්කාරයක්

ආසියාවේ බටහිර ක්‍රීඩා සමාජ ශූරයින්ගේ ලීග් තරගාවලියේ, මහනුවර ක්‍රීඩා සමාජය සමඟ තරගයට සහභාගී වීම සඳහා මහනුවරට..

ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වූ මෙම වැඩමුළුව දිස්ත්‍රික් 25 පුරාම පැවැත්වීමට නියමිතයි. සෑම දිස්ත්‍රික්කයකම ඇති අධ්‍යාපන කොට්ඨාසවල තිබෙන පාසල් 25  වේ ළමුන්ට රග්බි ක්‍රීඩාව පිළිබඳව පුහුණුවක් ලබා දීමට ද නියමිතයි.

මෙම වැඩමුළුව සඳහා ලෝක රග්බි ආයතනයේ නියෝජිතයෙක් වන බෙන් වන් රුයෙන් සහභාගී වී පාසල් ළමුන්ට පුහුණුවීමක් ද ලබා දුන්නේය. මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා යුධ හමුදාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ උතුරු මැද පළාත් රග්බි ක්‍රීඩා පුහුණුකරුවන් සිය සහයෝගය ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සංවර්ධන කළමනාකරු තනුජ කුලතුංග මහතා සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව තාමත් රට පුරාම සංවර්ධනය වෙලා නැහැ. එම අඩුව නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් මෙම වැඩමුළුව ආරම්භ කළා. මේ වගේ වැඩමුළුවක් දිස්ත්‍රික්ක 25ම පැවැත්වීමට නියමිතයි. මේ වැඩමුළුවට සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා යුද හමුදාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ උතුරු මැද පළාත් රග්බි පුහුණුකරු මලිත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායම ද මම මෙහි දී මතක් කරන්න කැමති.”

උතුරු මැද පළාත් රග්බි පුහුණුකරු සහ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ හිටපු නායකයෙකු වන මලිත් හෙට්ටිආරච්චි;

“මේ වගේ වැඩමුළුවකට මේ වගේ ප්‍රදේශවල ළමුන්ට සහභාගී වීමට අවස්ථාව ලැබීම ඉතා අගනා අවස්ථාවක්. අපි ඉතා දුෂ්කරතා මැද අපේ පුහුණුකිරීම කටයුතු කරගෙන තියෙනවා, අපිට හොඳ සහයෝගයක්  ලැබුනොත් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් ක්‍රීඩකයින් මෙහි දී හොයා ගන්න පුළුවන්” යැයි පැවසීය.

මේ වැඩමුළුවේ එක් අංශයක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කාන්තා කණ්ඩායම අතර තරගයක් පැවැත්විය. එම තරගයෙන් 15-10ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුව